කුරුණෑගල මීඩියා පන්තියේ පිපුණු 🌸..
Dushani Nanayakkara
State Awards Winning News Journalist possesses over 15 years of experience.. TV News Anchor.. Lecturer..
Dushani Nanayakkara possesses 10 years of sound experience, specializing in news reading, investigative journalism, talk-show hosting and news production. Having tenured at leading media channels in Sri Lanka, namely, Sirasa TV, Swarnawahini and HiruTV, Dushani Nanayakkara stands by professionalism and imparting her technical knowledge.
06/06/2026
ඉතිං කවුද අද News බැලුවේ..? ☀️
03/06/2026
Good morning world ☀️🌸
නිවුස් කියලා එමින් ගමන්.. ☀️ තට්ටු 37ක්ම පහළට යන්න තියෙනවා කියලා මතක් වුණාම - ලිෆ්ට් එකෙත් මං විතරක් වුණාම..🤍😁
30/05/2026
පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දින පුවත් ඉදිරිපත් කළෙමි..🌸
පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේවා!!
29/05/2026
අපි හැමෝම සන්නිවේදකයින්.. ඒත් හොඳ සන්නිවේදකයින්ද?
-------------------------------------------
සන්නිවේදනය කියන්නේ අපේ ජීවිතේ පහසු කරන හරි අපූරු මෙවලමක්! ඒත් අපි ඒකෙන් හරියට ප්‍රයෝජන ගන්නවද? නෑ.. ගොඩාක් දෙනෙක් සන්නිවේදනය හරිහැටි පාවිච්චි කරන්නෙ නෑ..
සන්නිවේදනය කියන්නේ සමාජ ක්‍රියාවලියක්.. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ අපි හරහා.. ඒත් නිකමට හිතලා බලන්න.. තත්ත්පරයක් තත්ත්පරයක් පාසා අපි කරන සන්නිවේදනය අපි හරියට තේරුම් අරන් නෙමෙයි කරන්නේ කියන එක කොච්චර කණගාටුවට කරුණක්ද?
සන්නිවේදනය හරියාකාරව කරගන්න පුළුවන් කියන්නෙ ඔයාට කතා කරන්න, ලියන්න, ප්‍රතිචාර දක්වන්න පුළුවන් කියන එක නෙමෙයි..
ඒ කියන්නෙ ඔයා සිද්ධ කරන මොන විදිහේ සන්නිවේදනයක් වුණත්, සිද්ධ කරන්න ඕනේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට..
නිකම් හිතන්න.. ඔයාට කතා කරන්න පුළුවන් වෙච්ච පලියට ඔයා කතා කරන්නෙ ඔයාටවත්, අනුන්ටවත් කිසිම වැඩක් නොවෙන වචන නම්.. නැත්නම් කාටහරි අවැඩක් වෙන විදිහේ දෙයක් නම්.. ඒක ඵලදායී සන්නිවේදනයක් වෙන්නේ නෑ..
ඵලදායී සන්නිවේදනයකට, හිතකර හා ගුණාත්මක සන්නිවේදනයකට පුළුවන් ඔයාව වගේම ඔයාගෙ පවුල, සමාජය ඇතුළු මේ සමස්ත පද්ධතියම දිනෙන් දින ඔසවා තබන්න.
සන්නිවේදනය හරියට දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් වගේ.. හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන මෙවලමක්.. ඒක හරියට පාවිච්චි කරන හැමෝම ජීවිතේ ගොඩාක් සාර්ථක වෙනවා.. ඒකට හේතුව තමයි සමාජ සම්බන්ධතා සියල්ල රඳා පවතින්නේ සන්නිවේදනය මත වීම.
සමාජ විද්‍යාඥයෙකු වන චාල්ස් හෝර්ටන් කූලි කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්!
"සන්නිවේදනය යනු මානව සම්බන්ධතා දරා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත් මාර්ගයයි" මේ ඔහු සන්නිවේදනය ගැන කරපු නිර්වචනයේ කොටසක් විතරයි..
මේකෙන් මොකක්ද පැහැදිලි වෙන්නේ?
මිනිසුන් අතර සම්බන්ධතා රඳවා ගන්නා, ඒවා වැඩිවර්ධනය කරන උපක්‍රමය - එහෙමත් නැත්නම් මෙවලම තමයි සන්නිවේදනය කියන්නේ..
මේ සමාජයේ අපිට කාගෙවත් උදව් නැතිව කිසිම දෙයක් කරගන්න බැහැ.. එහෙනම් අපි අනිත් අයත් එක්ක හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්න ඕන. ඒක ඔයාටත්, එයාටත් ඵලදායී සම්බන්ධතාවක් වෙන්න නම් එතනදී සන්නිවේදනය කියන මෙවලම හරියට පාවිච්චි වෙන්න ඕන!
හැබැයි, ඔයා දන්නවා සන්නිවේදනය යහපත් නොවෙන තැන සම්බන්ධතා බිඳවැටෙනවා.. ඒ හරහා පුද්ගලයින් එකිනෙකාගෙන් ඈත් වෙනවා.. පුද්ගල සම්බන්ධතා බිඳ වැටීමේ ප්‍රවණතාව වර්ධනය වන තරමටම මේ සමාජයත් ගමන් කරන්නේ ආපස්සට! මේ ඔක්කොම සිද්ධ වෙන්නෙත් අපි හරියට සන්නිවේදනය යහපත් අයුරින් සිද්ධ නොකරන නිසයි..
ඉතිං, ඔයාට, මට, අපි හැමෝටම ඉදිරියට යන්න ලැබිලා තියෙන අසහාය උපක්‍රමය - සන්නිවේදනය අපි හරිහැටි සිද්ධ කරමු! ඒක ගැටලුවලට හේතුවක් නොකරගෙන, ගැටලු විසඳන්න සන්නිවේදනය නිසි ලෙස පාවිච්චි කරමු!
👉 හොඳ සන්නිවේදකයෙක් කියන්නේ හොඳ සවන් දෙන්නෙක්! ඒ හරහා අවබෝධයෙන් ප්‍රතිචාර දක්වන්නෙක්!
ඔයාටත් බැරි නෑ! හරියට, යහපත්ව, අවබෝධයෙන් සන්නිවේදනය කරලා තියෙන ප්‍රශ්න එකෙන් එක විසඳගමු!!
- දුෂාණි නානායක්කාර
News day!
24/05/2026
📸 | Lovely Hubby
23/05/2026
"සනත් එක්ක - ජීවිතයට ඉඩදෙන්න" රසවින්දනාත්මක සුයාමයේදී "ආනුභූතික ස්වාත්මීකරණය" සැබැවින්ම විඳගතිමි!
එවන් සුයාමයක දැහැන්ගත වන්නට එහි 300 වැන්න එළැඹෙන තුරුම සිටීම ගැන ම'හදටම දොස් පවරාගත් අවස්ථාවක් ද විය.. විශ්වාස කරන්න ප්‍රිය සහෘදයනි, එය එතරම්ම මනෝරම්‍ය සන්ධ්‍යාවකි!!
ජීවිතයේ ප්‍රථම වරට විරල ගණයේ සංගීතමය චිකිත්සාවකින් ම'හදට ලැබුණු විශ්‍රාන්ති සුවය අත්විඳිමි.. යළි යළිත් එහිම වෙලෙමි!
ප්‍රසංග බහුල සමාජයක, පඳුරකට පයින් ගසන්නා හේ ගීත වැඩසටහන් විසිවන කාලයක ආචාර්ය සනත් කේ. විමලසිරි නම් වන අප කෘතහස්ත කලාකරුවාණන්ගේ, අප පවුලේ ළබැඳි සහෝදරයාගේ "සනත් එක්ක ජීවිතයට ඉඩදෙන්න" රසවින්දනාත්මක සුයාමය - රැල්ලට නොයා උඩුගං බලා පීනනවාක් වැනි සමාජ පෙරළියකට මං තනන අපූරු වෑයමක් බව නොකියාම බැරිය.
මන්ද යත්, ගීතයක් අසා - අත්පොළසන් නගා - සිනා සී - දොඩා පැමිණෙනවාට වඩා, එම සුයාමයේ ප්‍රේක්ෂකාගාරයටම එක සේ ස්වකීය ආත්මය හා දොඩමළු වන්නට, ආනුභූතිය තමන්වෙත ආරෝපණය කර ගනිමින් "ආනුභූතික ස්වාත්මීකරණයක" වින්දනය ලබා ගන්නට මේ අපූරු රංගධරයා දැරූ ප්‍රයත්නය තුළින් අවකාශ හිමිවීම ම ලාංකේය සමාජ පෙරළියක් තුළින් අනාගත පරපුර වෙනුවෙන් කරන වත්මන් සාර ආයෝජනයක් බැවිනි.
"ආනුභූතික ස්වාත්මීකරණය" යන්න ආචාර්‍ය සනත් කේ. විමලසිරි රංගවේදියා විසින් සිය ආචාර්ය උපාධි පර්‍යේෂණය තුළින් සොයාගත් නව සංකල්පයක් බව ද මෙහි ලා සඳහන් කළ යුතුය.
බොහෝ දෙනා තම මල්ල තරකර ගැනීම වෙනුවෙන්ම කලාව භාවිතකරන සමයෙක, ලාභයට වඩා සහෘද මන සාර කරවීමටත්, ඒ ඔස්සේ සාර සමාජයක් බිහිකිරීමටත් යත්න දරන මා දුටු එකම මනෝරම්‍ය රසවින්දනාත්මක වැඩසටහන මෙයයි!!
හැල්මේ දුවන ජීවිතයට නිස්කාංසුවේ ගිමන්ලන්න ඉඩදෙන්න නම් මෙවන් සුයාමයක මිහිර ඔබ සැමට වෛද්‍ය නිර්දේශයක් ලද්දාක් සේ ලබාගත යුතුම බවට මම යෝජනා කරමි.
තාන්න - මාන්න - උස් මිටිකම් සියල්ල පසෙක හෙළා සැබැවින්ම පොළොවේ පය ගැසූ මනුෂ්‍යයින් සේ ස්වකීය ආත්මය තුළටම කිඳා බසිමින් ජීවිතයේ ප්‍රමුඛතා ලැයිස්තුව යළි පිරික්සා බලන්නටත්, ඊට අවැසි සුදුසු සංශෝධන කරන්නටත් මග පෙන්වන සංගීතමය චිකිත්සාවක ආහ්ලාදය ඔබත් විඳගත යුතුමය!
එය ඔබ, ඔබේ මෙන්ම ඔබේ ළබැඳි හිතෛෂීන්ගේ ජීවිතය කෙරෙහිත් කරන මාහැඟි ආයෝජනයක්ම වන බවට මා කැට තියා ප්‍රකාශ කරමි..
ඉතිං සහෘදය, මේ සිටින්නේ පෙරදා රැයේ සිටි මා නොවේ.. මේ අලුත් මිනිසෙකි! ජීවිත තරගය අතරතුර ඉන් මදකට බැස හති ලෑ, ඉදිරි ජීවිතය කෙසේ විය යුතුදැයි අලුතින් යළි සිතන්නට යොමු වූ තැනැත්තියකි! ලොවක තතු ඔබට කියන මහා වගකීම් බර ජනමාධ්‍යවේදිනියකගේ චරිතයෙන් මදක් එළියට විත් මේ ඔබ වෙනුවෙන් අකුරු අමුණන්නේ, මේ සුයාමයෙන් මා වෙත ලැබුණු ආලෝකය ඔබටත් ලැබෙනු දකින රිසියෙන්ම විනා අන් කිසිවක් නිසා නොවේ..
ඉතිං, ආචාර්ය සනත් කේ. විමලසිරි අපූර්ව කලාකරුවාණෙනි, අපේ පවුලේ ආදරණීය ළබැඳි සහෝදරයාණෙනි, මේ සා අදරින් ලියා එවන මේ තුති මල් කුසුම් පිළිගන්න!! ඔබෙන් ලද ඒ මනෝ චිකිත්සාවේ ප්‍රහර්ශය මෙසේ අකුරුකරන මොහොතේ මා ප්‍රාර්ථනය කරනුයේ, ජන මන නිවා සනසාලමින්, නුවණැස පුබුදු කරලමින්, කළ යුත්ත යළි සිහිගන්වමින් ඔබ මේ කරන සමාජ මෙහෙවරේ බෙලෙන් ඔබට නේකවර ආශිර්වාද වේවා! ඔබේ පියවරක් පියවරක් පාසා සියල් කටයුතු සාර්ථක වේවා!!
අවසාන ප්‍රේක්ෂකයාත් BMICH පරිශ්‍රයෙන් නික්මයන තුරුම හිඳ පිටත් වුණෙමි! නැවත පැමිණෙමි!! ඔබේම පවුලේ සහෝදර සහෝදරියන් සියල්ලෝම වෙනුවෙන් ආදර ගෞරවය මෙලෙස පිරිනමමි!!
Sanath Wimalasiri ❤️🤗
- දුෂාණි නානායක්කාර
2026.05.23
Click here to claim your Sponsored Listing.