Inno Tech Academy

Inno Tech Academy

Share

​"විදුලි පද්ධති (Electrical), AC සහ CCTV ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම සරලව සිංහලෙන් ලබා

12/06/2026

⚡ Transformer Open Circuit Test එකක් හරියටම කරන්නේ කොහොමද? 💡

​ට්‍රාන්ස්ෆෝමරයක Losses ගැන කතා කරද්දී අපිට හම්බවෙන ප්‍ ටෙස්ට් එකක් තමයි Open Circuit Test ( No-Load Test) කියන්නේ.

මේකෙන් මූලිකවම මනින්නේ ට්‍රාන්ස්ෆෝමරයේ යකඩ හරයේ සිදුවන හානියයි (Iron Loss / Core Loss)

​ප්‍රායෝගිකව වැඩබිමකදී නැත්නම් ලැබ් එකකදී මේක කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර සරලවම ඉගෙන ගනිමු! 👇

​Step 1: HV පැත්ත ඕපන් කිරීම (11kV Side - Open Circuit)

ට්‍රාන්ස්ෆෝමරයේ High Voltage (HV) පැත්ත සම්පූර්ණයෙන්ම විවෘතව (Open) තබනවා.

ඒ කියන්නේ ඒ පැත්තට කිසිම සම්බන්ධතාවයක් (No Load) දෙන්නේ නැහැ.

​Step 2: LV පැත්තට වෝල්ටීයතාවය දීම (415V Side - Excitation) ⚡
ට්‍රාන්ස්ෆෝමරයේ Low Voltage (LV) පැත්තට තමයි අපි සප්ලයි එක දෙන්නේ. මෙතනදී Variac එකක් (Variable Autotransformer) පාවිච්චි කරලා, බිංදුවේ ඉඳන් නියමිත වෝල්ටීයතාවය (415V ) වෙනකම් ඉතාම හෙමින් වෝල්ටීයතාවය වැඩි කරනවා.

මේක ඇතුලේ වෙන විද්‍යාත්මක සිද්ධාන්තය :

​චුම්බක ක්ෂේත්‍රයක් හැදීම : LV පැත්තට Rated Voltage එක දෙද්දී, LV කොයිල් එක හරහා ගලා යන ධාරාව නිසා ශක්තිමත් චුම්බක ක්ෂේත්‍රයක් නිර්මාණය වෙනවා.

​Mutual Induction ක්‍රියාවලිය: මේ හැදෙන චුම්බක ක්ෂේත්‍රය ට්‍රාන්ස්ෆෝමරයේ යකඩ හරය (Core) හරහා ගිහින් HV කොයිල් එකත් එක්ක සම්බන්ධ වෙනවා. එතනදී Mutual Induction (අන්‍යෝන්‍ය ප්‍රේරණය) මඟින් HV පැත්තේ වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා.

​Core Loss මැනීම: මෙන්න මේ වෙලාවට අපි සර්කිට් එකට සම්බන්ධ කරලා තියෙන Wattmeter එකෙන් මනින අගය (W_0) තමයි ට්‍රාන්ස්ෆෝමරයේ යකඩ අච්චුව චුම්බක කිරීම සඳහා පමණක් අපතේ යන ශක්තිය, එහෙමත් නැත්නම් Iron / Core Loss එක විදිහට හඳුන්වන්නේ.

​📋 අවසාන නිගමනය :
​ටෙස්ට් එකෙන් අපිට ලැබෙන වොට් ගණන (Wattage), එම ට්‍රාන්ස්ෆෝමරයේ Factory Test Report එකේ තියෙන අගයට සමාන නම්... අන්න ඒකෙන් අදහස් වෙන්නේ ට්‍රාන්ස්ෆෝමරයේ යකඩ අච්චුවේ තියෙන Insulation එක නිරෝගීව සහ නිවැරදිව තියෙනවා කියන එකයි!

​👨‍💻 Electrical සහ Industrial Automation ගැන මේ වගේ ප්‍රායෝගික දේවල් සරලවම සිංහලෙන් ඉගෙන ගන්න, දිගටම InnoTech Academy you tube නාලිකාව subscribe කර එකතු වෙන්න.
Chanel link : https://yt.openinapp.co/tur5x

මේ ගැන තව විස්තර අවශයනම් comment කරන්න
(නිර්මාණ දායකත්වය : Inno Tech Academy )

10/06/2026

⚡ ට්‍රාන්ස්ෆෝමර් ෂෝට් සර්කිට් ටෙස්ට් කොටසින් ගෙනාපු පොඩි සූත්‍ර කිහිපයක්
🛠️📐
අපේ you tube නාලිකාව :
https://yt.openinapp.co/tur5x

​ඔයාලගේ පහසුව වෙනුවෙන් පෝස්ටර් එකේ තියෙන වැදගත් වචන සූත්‍රවල තියෙන සරල අර්ථ දැක්වීම්

​I (Full Load Current):
ට්‍රාන්ස්ෆෝමරය එහි උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරන විට, එහි දඟර (Windings) හරහා ගලා යා හැකි නාමික උපරිම සාමාන්‍ය ධාරාවයි.

​kVA (Kilo-Volt-Amperes): ට්‍රාන්ස්ෆෝමරයේ සම්පූර්ණ බල ධාරිතාවය (Apparent Power Rating) මැනීමට ගන්නා ඒකකයයි.

​V හෝ Vrated (Rated Voltage): ට්‍රාන්ස්ෆෝමරය සාමාන්‍ය තත්ත්වය යටතේ ක්‍රියා කිරීමට සැලසුම් කර ඇති නාමික වෝල්ටීයතාවයයි.

​%Z (Percentage Impedance): ට්‍රාන්ස්ෆෝමරයේ අභ්‍යන්තර දඟර මඟින් ධාරාවට ඇති කරන ප්‍රතිශත බාධාවයි. මෙය ෂෝට් සර්කිට් ධාරාව සීමා කිරීමට බලපාන ප්‍රධාන සාධකයකි.

​Vsc (Short Circuit Voltage): ෂෝට් සර්කිට් ටෙස්ට් එකේදී, ට්‍රාන්ස්ෆෝමරයේ ද්විතීයික (Secondary) පැත්ත short කර ප්‍රාථමික (Primary) පැත්තෙන් රේටඩ් Full Load ධාරාව ගලා යාමට සැලැස්වීම සඳහා ලබා දෙන ඉතා අඩු කරන ලද වෝල්ටීයතාවයයි.

​Copper Loss : ට්‍රාන්ස්ෆෝමරයේ තඹ දඟරවල ඇති ප්‍රතිරෝධය (R) නිසා ධාරාව ගලා යද්දී තාපය ලෙස අපතේ යන විදුලි බලයයි (Watts වලින් මැනේ).

​Core Loss : ට්‍රාන්ස්ෆෝමරයේ යකඩ හරය (Iron Core) තුළ චුම්බක ක්ෂේත්‍රය වෙනස් වීම නිසා සිදුවන බලශක්ති හානියයි. (ෂෝට් සර්කිට් ටෙස්ට් එකේදී Vsc අගය ඉතා අඩු බැවින් මෙය බින්දුවක් තරම් කුඩා වේ).

​Iscහෝ Ifc (Short Circuit Current / Fault Current): පද්ධතියේ කිසියම් ස්ථානයක ෂෝට් සර්කිට් එකක් (දෝෂයක්) ඇති වූ විට, ට්‍රාන්ස්ෆෝමරයෙන් ගලා යා හැකි උපරිම භයානක දෝෂ ධාරාවයි.

​Breaker Icu (Ultimate Short-Circuit Breaking Capacity): Circuit Breaker කිසිදු හානියක් සිදු නොවී, ආරක්ෂිතව විසන්ධි කළ හැකි උපරිම ෂෝට් සර්කිට් ධාරා අගයයි (kA වලින් මැනේ).

​Electrical NVQ කරන, Eectrical ඉගෙන ගන්න ඔයාලට
​විදුලි තාක්ෂණය මේ වගේම සරලව මුල ඉඳන් ඉගෙන ගන්න අපේ Inno Tech Academy පිටුව Follow කරලා
You tube නාලිකාව subscribe කරල තියාගන්න.

INNO TECH ACADEMY
Chanel link : https://yt.openinapp.co/tur5x

10/06/2026

ලොකු ට්‍රාන්ස්ෆෝමරයක් කෙලින්ම Short Circuit කරලා කරන්ට් එක දුන්නොත් මොකද වෙන්නේ? ⚡💥

​සාමානයෙන් සයිට් එකක වැඩ කරද්දී ට්‍රාන්ස්ෆෝමරයක output එක ෂෝට් වුණොත් මහා විනාශයක් වෙනවා,

හැබැයි ට්‍රාන්ස්ෆෝමරයක් අලුතින්ම හදලා ෆැක්ටරියෙන් එවද්දී, නැත්නම් ලොකු සර්විස් එකකින් පස්සේ, ඒකේ ඇතුළත කොයිල් (Windings) වල ශක්තිය බලන්න කෙලින්ම "ඩිරෙක්ට් ෂෝට් සර්කිට්" කරලා කරන ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා.

​මෙන්න මේකට තමයි Transformer Short Circuit Test (නැත්නම් Impedance Test) කියලා කියන්නේ.

​ඇත්තටම මොකක්ද මේ ටෙස්ට් එකෙන් කරන්නේ සහ කරන්නේ කොහොමද?

​මෙතනදී කරන්නේ ට්‍රාන්ස්ෆෝමරයේ output පැත්ත (Low Voltage පැත්ත) ලොකු තඹ බස්බාර් (Copper Busbar) එකකින් හෝ මහත කේබල් එකකින් කෙලින්ම ඩිරෙක්ට් ෂෝට් සර්කිට් කරන එකයි.

​ඊට පස්සේ input පැත්තට (High Voltage පැත්තට) වෝල්ටේජ් එක දෙනවා.

හැබැයි කෙලින්ම මුළු වෝල්ටේජ් එකම දෙන්නේ නැහැ! එහෙම දුන්නොත් ට්‍රාන්ස්ෆෝමරය කුඩු වෙනවා. ඒ වෙනුවට වෝල්ටේජ් එක 0 Volt ඉඳන් ටික ටික වැඩි කරන්න පුළුවන් Variac (Variable AC Supply) එකක් සහ මීටර්ස් (Ammeter, Voltmeter, Wattmeter) මේකට සම්බන්ධ කරනවා.

​දැන් Variac එකෙන් වෝල්ටේජ් එක හෙමින් හෙමින් වැඩි කරද්දී අපේ ඇස් තියෙන්න ඕනේ ඇම්පියර් මීටරය උඩයි.
වෝල්ටේජ් එක වැඩි වෙද්දී ඇම්පියර් ගණනත් වැඩි වෙනවා.

ට්‍රාන්ස්ෆෝමරයේ කොයිල් වලට ඔරොත්තු දෙන උපරිම ධාරාව (Full Load Current එක) ඇම්පියර් මීටරයේ සටහන් වුණු ගමන්ම අපි වෝල්ටේජ් එක වැඩි කරන එක නතර කරනවා!

අන්න ඒ වෙලාවේ අපිට ලැබෙන්නේ සාමාන්‍ය වෝල්ටේජ් එකෙන් 5% ක් වගේ ඉතාම කුඩා වෝල්ටේජ් එකක් විතරයි.

​මේ අවස්ථාවේදී අපි බලන්නේ මොනවාද?

​Copper Loss : වෝල්ටේජ් එක මාරම කුඩා නිසා ට්‍රාන්ස්ෆෝමරයේ යකඩ රත් වෙන්නේ නැහැ (Core Loss බිංදුවයි). ඒ නිසා ඒ වෙලාවේ වොට්මීටරයෙන් කෙලින්ම මැනගන්නේ ට්‍රාන්ස්ෆෝමරය උපරිම ලෝඩ් එකෙන් දුවද්දී, ඒකේ ඇතුළේ තියෙන තඹ කම්බි රත් වෙලා නිකන්ම නාස්ති වෙලා යන සැබෑ තාප හානියයි (Winding Copper Loss).

​ප්‍රතිශත බාධාව (%Z Impedance): අර උපරිම ඇම්පියර් ගාණ ගන්න input එකෙන් දෙන්න වුණු කුඩා වෝල්ටේජ් ප්‍රතිශතයයි. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමරය ඇතුළෙන් කරන්ට් එකට දෙන ස්වාභාවික බාධාවයි.

​⚠️ මේ ටෙස්ට් එක වැරදුණොත් ලොකු ගැටලු ඇති වෙනවා!
ඇයි ඒ?
​මේ ටෙස්ට් එකෙන් ගන්න උත්තර පාවිච්චි කරලා තමයි සයිට් එකේ මේන් පැනල් බෝඩ් එකට (MDB) දාන ACB / MCCB බ්‍රේකර් වල සයිස් එක (Amperes) වගේම, සයිට් එකේ කවදා හරි ඩිරෙක්ට් ෂෝට් එකක් වුණොත් බ්‍රේකර් එක ඇතුළෙන්ම පිපිරිලා කුඩු නොවී බේරෙන Breaking Capacity (kA අගය) නිවැරදිවම තීරණය කරන්නේ.
​මේ ටෙස්ට් එකෙන් එන අගයන් වැරදියට අරන් සවුත්තු හෝ ගැලපෙන්නේ නැති බ්‍රේකර් එකක් පැනල් එකට දැම්මොත්, දවසක සයිට් එකේ ෂෝට් එකක් වුණ ගමන් බ්‍රේකර් එකට ඒ මහා කරන්ට් එක දරාගන්න බැරුව මුළු පැනල් බෝඩ් එකම බෝම්බයක් වගේ පිපිරිලා ගිනි අරන් විනාශ වෙන්න පුළුවන්!
​💡 ප්‍රායෝගික වාසිය:
ලොකු ෆැක්ටරියක් වගේ මහා ලෝඩ් එකක් සයිට් එකට උස්සන් ගේන්නේ නැතුව, විදුලියක් නාස්ති නොකර, පරීක්ෂණ මීටර් ටිකකින් ඉතාම සරලව, ලාභදායීව සහ ආරක්ෂිතව ට්‍රාන්ස්ෆෝමරයේ කොලිටියයි, පැනල් බෝඩ් එකට ඕන බ්‍රේකර් සයිස් එකයි දෙකම බලාගන්න පුළුවන් සුපිරිම ඉංජිනේරු ක්‍රමවේදයක් තමයි මේක!

​💬 ඔයාලට මේ ටෙස්ට් එකෙන් ට්‍රාන්ස්ෆෝමරයක Full Load Current එක සහ බ්‍රේකර් වල kA අගයන් (Breaking Capacity) ගණන් හදලා බ්‍රේකර් එකක් තෝරන සූත්‍ර (Formulas) ටික සැබෑ ඉලක්කම් එක්කම දැනගන්න ඕනනම්
පල්ලෙහායින් "COMMENT" එකක් දාගෙන, චැනල් එක SUBSCRIBE කරගෙන යන්න.
වෙනම පෝස්ට් එකකින් සහ වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්නම් 🤝

​⚙️ විදුලි කාර්මික ශිල්පය NVQ මට්ටමේ සිට ප්‍රරායෝගිකව ඉගෙන ගන්න ඉන්ඩස්ට්‍රියල් වැඩ සහ විදුලිය සරලව සිංහලෙන් ඉගෙන ගන්න කැමති නම් අදම අපේ Inno Tech Academy YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. 👇

​🔗 YouTube චැනල් link එක: https://yt.openinapp.co/tur5x

​(නොදන්න අයට බලන්න ශෙයාර් කරන්න! නිර්මාණ දායකත්වය: Inno Tech Academy)

07/06/2026

ට්‍රාන්ස්ෆෝමර් තෙල් වලට වෝල්ට් විශාල ප්‍රමානයක් දීලා පුපුරවන හැටි ඔයාලා දැකලා තියෙනවාද? ⚡💥

(Transformer Oil BDV Test)
​ගොඩක් අය දන්නවා ලොකු ට්‍රාන්ස්ෆෝමර් ඇතුළට විශේෂ තෙල් වර්ගයක් (Mineral Oil) පුරවලා තියෙනවා කියලා. මේ තෙල් වලින් කරන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුළේ තියෙන හයි-වෝල්ටේජ් කොයිල් (Windings) ෂෝට් වෙන්න නොදී වෙන් කරලා තියන එක (Insulation) සහ රත් වෙනකොට සිසිල් කරන එකයි (Cooling).

​හැබැයි කාලයක් යද්දී මේ තෙල් වලට බාහිරින් තෙතමනය, දූවිලි සහ කාබන් අංශු එකතු වෙනවා. තෙල් වලට වතුර බිඳක් හරි එකතු වුණොත් තෙල් හරහා කරන්ට් එක ලීක් වෙලා මුළු ට්‍රාන්ස්ෆෝමර් එකම විනාශ වෙන්න පුළුවන්.

​අන්න ඒ නිසා, මේ තෙල් වලට තවමත් අධික වෝල්ටීයතාවයක් දරාගන්න පුළුවන්ද කියලා බලන්න විශේෂ ප්‍රායෝගික ටෙස්ට් එකක් කරනවා. ඒකට කියන්නේ BDV (Breakdown Voltage) Test එක කියලා.

​මෙතනදී වෙන්නේ මොකක්ද? 👇

​සාම්පල් එක ගැනීම: ට්‍රාන්ස්ෆෝමර් එකෙන් පිරිසිදු ඔයිල් සාම්පල් එකක් අරන්, ඒක විශේෂ ඔයිල් කප් (Oil Cup) එකකට පුරවනවා.

​මිලිමීටර් 2.5 ගැප් එක: ඒ කප් එක ඇතුළේ ලෝහ බෝල (Electrodes) දෙකක් තියෙනවා. ඒ දෙක අතර පරතරය ජාත්‍යන්තර සම්මතයට අනුව හරියටම 2.5 mm වෙන්න හදනවා.

​වෝල්ටේජ් එක වැඩි කිරීම: දැන් මැෂින් එකෙන් මේ බෝල දෙක අතරට දෙන වෝල්ටේජ් එක බිංදුවේ ඉඳන් තත්පරයට වෝල්ට් 2000 බැගින් ඉහළටම වැඩි කරනවා

පිපිරීම (The Breakdown): වෝල්ටේජ් එක 30kV, 40kV 50kVවෙද්දී, තෙල් වලට දරාගන්න බැරිම තැන අර බෝල දෙක අතරින් "චටාස්" ගාන සද්දයක් එක්ක නිල් පාට විදුලි පුළිඟුවක් (Spark/Arc) වදිනවා.

​ප්‍රමිතිය : ඒ Spark එක වදින මොහොතේ මැෂින් එකේ සටහන් වන වෝල්ටේජ් එක තමයි BDV අගය.


​⚙️ විදුලි කාර්මික ශිල්පය ඉගෙන ගන්න:
මෙවැනි ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් වැඩ, පැනල් බෝඩ් වයිරින් සිංහලෙන් ඉගෙන ගන්න කැමති නම්, අදම අපේ Inno Tech Academy YouTube චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. 👇

​🔗 YouTube චැනල් ලින්ක් එක: https://yt.openinapp.co/tur5x


Photos from Inno Tech Academy's post 02/06/2026

Fuce එක පිච්චුනාම fuce බේස් එකේ ලයිට් එකක් පත්තු වෙනවා. Fuce එක පිච්චුනාම විතරක් මේක පත්තු වෙන්නේ කොහොමද ? ⤵️

​🔍 මේක ඇතුළේ තියෙන රහස

​මේ ෆියුස් බේස් එක ඇතුළේ තියෙන Indicator ලයිට් එක (Neon Bulb එක සහ ඒකට සීරීස් කරපු ලොකු රෙසිස්ටර් එක) සවි කරලා තියෙන්නේ ෆියුස් එකට සමාන්තරගතව (Parallel) විදිහටයි.

​අපි අවස්ථා 3කදී වෙන දේ බලමු:

1️⃣​අවස්ථාව 1: ෆියුස් එක හොඳට තියෙන විට (Normal Condition)
​කරන්ට් එක ගලාගෙන එද්දී, ඒකට පාරවල් දෙකක් හමුවෙනවා. එකක් ෆියුස් එක හරහා, අනෙක ලයිට් එක හරහා.
​ෆියුස් කම්බියේ ප්‍රතිරෝධය සීරෝ ohm වගේනේ. හැබැයි ලයිට් එකේ රෙසිස්ටර් එක නිසා ඒකේ ප්‍රතිරෝධය මාරම වැඩියි.
​කරන්ට් එක හැමතිස්සෙම යන්න බලන්නේ ලෙහෙසිම පාරෙන්. ඒ නිසා මුළු කරන්ට් එකම ෆියුස් එක හරහා (Short cut එකෙන්) යනවා. ලයිට් එක පැත්තට කරන්ට් එක යන්නේ නැති නිසා ලයිට් එක පත්තු වෙන්නේ නැහැ.

2️⃣​අවස්ථාව 2: ෆියුස් එක ඇතුළේ තියෙද්දී පිච්චුණාම (Fuse Blown)

​දැන් ෆියුස් කම්බිය මැදින් කැඩිලා (Open සර්කිට් වෙලා).
​කරන්ට් එකට දැන් කෙලින් යන්න තිබුණු පාර වැහිලා.
​ඒ නිසා කරන්ට් එකට සිද්ධ වෙනවා අර ලයිට් එක සහ රෙසිස්ටර් එක හරහා ගිහින් සර්කිට් එක සම්පූර්ණ කරන්න. අන්න ඒ වෙලාවට රතු ලයිට් එක පත්තු වෙනවා. (මෙතනදී ලෝඩ් එක පැත්තෙන් Neutral එක හෝ Phase line එක හරහා සර්කිට් එක closed වෙන්න ඕනේ).

3️⃣​අවස්ථාව 3: ෆියුස් එක සම්පූර්ණයෙන්ම ගැලෙව්වොත් (Fuse Removed)

​අපි මේ බේස් එකේ ඉස්සරහ පියන (Carrier එක) ඇදලා ෆියුස් එකත් එක්කම එළියට ගත්තොත් මොකද වෙන්නේ?
➡️​මේ බේස් වල Indicator ලයිට් එක හයි කරලා තියෙන්නේ අර ගැලවෙන උඩ පියන (Carrier) ඇතුළේ.
​අපි පියන ගලවද්දී ෆියුස් එක විතරක් නෙවෙයි, අර ලයිට් එකත් සර්කිට් එකෙන් ගැලවිලා එළියට එනවා.

​බේස් එකේ උඩ ටර්මිනල් එකයි යට ටර්මිනල් එකයි අතර දැන් කිසිම සම්බන්ධයක් (Connection එකක්) නැහැ.
සර්කිට් එක සම්පූර්ණයෙන්ම කැඩිලා (Open) නිසා ලයිට් එක පත්තු වෙන්න විදිහක් නැහැ.

​⚙️ විදුලි කාර්මික ශිල්පය මුල සිට සරලව ඉගෙන ගන්න:

මේ වගේ ප්‍රායෝගික තාක්ෂණික රහස් සහ ඉලෙක්ට්‍රිකල් ලෙඩ හොයන හැටි (Troubleshooting) මුල ඉඳන්ම සරලව සිංහලෙන් ඉගෙන ගන්න කැමති නම්, අදම අපේ Inno Tech Academy YouTube වෘත්තීය නාලිකාවත් එක්ක එකතු වෙන්න. 👇

​🔗 YouTube චැනල් ලින්ක් එක : https://yt.openinapp.co/tur5x

​(නොදන්න අයට බලන්න ශෙයාර් කරන්න! නිර්මාණය: Inno Tech Academy)

01/06/2026

මෝටර් පාලනය (Motor Controlling)

පාඩම 01: DOL ස්ටාටර්
​Industrial Electrical ක්ෂේත්‍රයේ මූලිකම සහ වැදගත්ම පාඩම වෙන DOL (Direct On Line) Starter එක ගැන සරලවම ඉගෙන ගමු.

​📌 DOL එකක් කියන්නේ මොකක්ද?

කිසිම වෝල්ටීයතාවයක් අඩු කිරීමකින් තොරව, මෝටරයට සෘජුවම සම්පූර්ණ වෝල්ටීයතාවය (Full Line Voltage) ලබා දී ක්‍රියාත්මක කරන සරලම මෝටර් පාලන ක්‍රමයයි.

​📌 DOL එකක් භාවිතා කරන්නේ ඇයි?

​ආරක්ෂාව (Safety): ධාරාව (Starting Current) නිසා සිදුවන අනතුරු වළක්වයි.

විදුලිය ගොස් නැවත පැමිනෙන අවස්තාවන් වලදී ආරක්ශාව

​අධි බර ආරක්ෂාව (Overload Protection): මෝටරයට ඔරොත්තු නොදෙන බරක් ආවොත් ට්‍රිප් වී මෝටරය ආරක්ෂා කරයි.

​දුරස්ථ පාලනය (Remote Control): පුෂ් බොත්තම් (Push Buttons) මඟින් ඈත තැනක සිට වුවද ක්‍රියාත්මක කළ හැක.

​📌 අවශ්‍ය ප්‍රධාන උපාංග (Components):

​MCB
Magnetic Contactor
​Thermal Overload Relay
​On/Off Push Buttons

​📺 Industrial Electrical සහ Motor Controlling මුල සිට සරලවම වීඩියෝ මඟින් ප්‍රායෝගිකව ඉගෙන ගන්න අපගේ "Inno Tech Academy" YouTube චැනල් එක දැන්ම Subscribe කරලා එකතු වෙන්න! 👇

​🔗 YouTube Channel Link: https://yt.openinapp.co/tur5x

30/05/2026

කූරු තුනක් වතුර බාල්දියකට දාලා කරන්නේ මොකක්ද? 🤔 (Water Load Testing)

​විදුලි කාර්මික ක්ෂේත්‍රයේ වැඩ කරන අයට වගේම, පාරේ තොටේ යද්දී සමහර තැන්වල ජෙනරේටර් අසල මෙන්න මේ වගේ වැඩක් කරනවා ඔයාලා දැකලා ඇති. ලොකු ප්ලාස්ටික් බාල්දියකට (නැත්නම් බැරල් එකකට) වතුර පුරවලා, ඒකට ලෝහ කූරු 3ක් බස්සලා ජෙනරේටර් එක දුවනවා.

​මම දන්න සහ ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව අහලා තියෙන තොරතුරු අනුව, මේ කරන්නේ "ජෙනරේටර් එකක Load එක (බාහිර විදුලි බාරය) පරික්ෂා කිරීමක්".
මේකට තාක්ෂණිකව කියන්නේ Water Load Testing කියලා.

සරලවම කිව්වොත් මෙතන වෙන්නේ මොකක්ද? 👇

1​ වතුර කියන්නේ රෙසිස්ටර් එකක්: සාමාන්‍ය ළිං වතුර හෝ ටැප් වතුරේ ලවණ තියෙන නිසා ඒකෙන් විදුලිය ගලාගෙන යනවා. හැබැයි තඹ කම්බියක් වගේ ලෙහෙසියෙන් යන්නේ නැහැ. වතුරෙන් ලොකු බාධාවක් (ප්‍රතිරෝධයක්) ඇති කරනවා.

2​ Phase to Phase ලෝඩ් එක: ජෙනරේටර් එකේ 3-Phase වයර් තුන අර කූරු තුනට දීලා වතුරට බස්සපුවාම, ෆේස් එකකින් තව ෆේස් එකකට වතුර හරහා කරන්ට් එක (Amperes) ගලාගෙන යන්න හදනවා.

3 ​වොට් (Watt) ශක්තිය තාපය බවට: ජෙනරේටරයෙන් නිපදවන විදුලි ශක්තිය (Watts) වතුරේ තියෙන ප්‍රතිරෝධය නිසා "තාප ශක්තියක්" බවට පත් වෙනවා. ඒ නිසයි ටික වෙලාවකින් මේ වතුර බාල්දිය නටන්න (Boil වෙන්න) ගන්නේ.

4 ​ලෝඩ් එක පාලනය කරන්නේ කොහොමද?: කූරු වතුරේ යටටම බස්සනකොට ප්‍රතිරෝධය අඩු වෙලා ජෙනරේටර් එකට වදින ලෝඩ් එක (Current එක) වැඩි වෙනවා. කූරු උඩට ගන්නකොට ලෝඩ් එක අඩු වෙනවා. වතුර රත් වෙද්දී ඇම්පියර් ගාණ වෙනස් වෙන නිසා මේ කූරු උස්-පහත් කරමින් ලෝඩ් එක පාලනය කරන්න වෙනවා.


මේක ප්‍රායෝගිකව කරාට ඉතාමත් අනතුරුදායක ක්‍රමයක්. වතුර හැලුනොත් බිම දිගේ විදුලිය කාන්දු වෙලා (Step Potential නිසා) දරුණු ලෙස කරන්ට් එක වදින්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ මේ වෙනුවට ආරක්ෂිත "Load Banks" (හීටර් කොයිල් සහ ෆෑන් සහිත මැෂින්) පාවිච්චි කරනවා.

විදුලි කාර්මික ශිල්පය මුල සිට සරලව ඉගෙන ගන්න:
මේ වගේ ප්‍රායෝගික සහ තාක්ෂණික දේවල් මුල ඉඳන්ම සරලව සිංහලෙන් ඉගෙන ගන්න කැමති නම්, අදම අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. 👇

​🔗 YouTube : https://yt.openinapp.co/tur5x

30/05/2026

⚡ විදුලි කාර්ම්ක ක්ෂේත්‍රය ඉගෙන ගන්න කැමති ඔබට අනගි අවස්ථාවක්! ⚡

​ඔබත් විදුලි කාර්මික ශිල්පය (Electrical & Control Systems) මුල සිට සරලව ඉගෙන ගන්න කැමති කෙනෙක්ද?

එහෙනම් මෙන්න ඔබට ලැබුණු හොඳම අවස්ථාව! 😍
​INNO TECH ACADEMY වෙතින් පවත්වනු ලබන "විදුලිය මුල සිට" සම්පූර්ණ පාඨමාලාව දැන් සරලව YouTube වීඩියෝ මඟින් ඔබට නොමිලේම ඉගෙන ගත හැකියි

​📚 අප සාකච්ඡා කරන ප්‍රධාන අංග:

​Electrical Basics
​House Wiring
​Single & Three Phase Wiring
Motor Controlling
​ *Dol ,Star Delta ,Forward Reverse , Vfd
Cctv
Aie conditioning
PLC

​🎯 මේ පාඨමාලාව විශේෂ වෙන්නේ කාටද?
​ක්ෂේත්‍රයට අලුතින්ම පැමිණෙන, මුල සිට සරලව ඉගෙන ගන්න කැමති අයට.
​දැනට ක්ෂේත්‍රයේ සිටින, තමන්ගේ දැනුම අලුත් කරගන්න කැමති අයට.
​💰 පාඨමාලා ගාස්තුව: 100% ක්ම නොමිලේ! (100% FREE COURSE)
​🚨 දැන්ම පහත ලින්ක් එකෙන් ගිහින් අපේ YouTube චැනල් එක Subscribe කරලා එකතු වෙන්න:
👇👇👇
🔗 https://yt.openinapp.co/tur5x
​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📲 078 1905060
​💡 "එන්න, අපි හරිම තැනින් පටන්ගමු!"
INNO TECH ACADEMY

26/05/2026

🔴 විදුලිය මුල සිට සරලවම ඉගෙන ගන්න දැන්ම Subscribe කරන්න:
👉 https://yt.openinapp.co/tur5x

​🔌 Inno Tech Academy 🛠️👨‍💻
​ඔයාලත් විදුලි තාක්ෂණය , Electrical , AC ,PLC හෝ CCTV ගැන කිසිම දෙයක් නොදැන වුණත්, මුල ඉඳන්ම පියවරෙන් පියවර සරලවම ඉගෙන ගන්න ආසද?
​එහෙනම් අදම අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. හැම වැදගත් තියරි සහ ප්‍රායෝගික කොටසක්ම ඔයාල වෙනුවෙන් කියලා දෙනවා!

26/05/2026

Watt (W) සහ kWh (යුනිට්) ගැන හරියටම දන්නවාද? 🤔
​ගොඩක් අයට පැටලෙන "විද්‍යුත් ශක්තිය සහ ජවය" (P=VI සහ E=Pt) ගැන සරලවම, ප්‍රායෝගික උදාහරණත් එක්ක කියලා දෙන අලුත්ම වීඩියෝව දැන් රිලීස් වුණා!
​NVQ කරන වගේම ෆීල්ඩ් එකේ වැඩ කරන හැමෝටම මාරම වටිනවා. 🛠️👨‍💻

​🔴 සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න:
👉 https://yt.openinapp.co/6qage

You tube නාලිකාව :
https://yt.openinapp.co/tur5x

​විදුලි තාක්ෂණය සරලවම සිංහලෙන් ඉගෙන ගන්න Inno Tech Academy අපේ පිටුව Follow කරලා තියාගන්න! 🎯

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo