17/03/2025
හස්ථි - HasthI
For the conservation of elephants 🐘🌻
17/03/2025
07/03/2025
අද අලුයම පලුගස්වැව ප්‍රදේශයේදී මහා මාර්ගයේදී ලොරි රථයක ඇතෙකු ගැටී සිදුවූ අනතුරකින් ඇතාගේ දලය මුලින්ම ගැලවී මාර්ගයේ වැටී ඇත. ඇතා වනයට පලාගොස් ඇත. ගනේවල්පොල වනජීවි නිලධාරීන් වහාම පශුවෛද්‍ය අංශ දැනුවත්කර ලොරි රථය වනජීවි භාරයට ගෙන ඇතා සෙවීමත් පරීක්ෂණ ආරම්භකිරීමත් සිදුකරගෙන යනු ලබයි. එම ප්‍රදේශයේ ඇතෙකු පිලිබද හමුවූ සංචරන වාර්ථා අනුව සුමේධ ඇතා බවට දැනට අනුමානකර ඇත. නිශ්චිතවම කුමන ඇතාගෙදැයි තවමත් තහවුරුකරගෙන නොමැත.. ඉක්මනින් වනජීවි නිලධාරීන් ඇතා සෙවීමේ කටයුතු ආරම්භකර ඇත. 😢
04/03/2025
රසික මහතා සදහටම නික්ම යයි 😔🏳
අප කවුරුත් දන්නා රසික තිලකරත්න හස්ථිපාලක මහත්මා හදිසි අනතුරක් හේතුවෙන් අද දින අභාවප්‍රාප්ත වී ඇත මොහු මෙරට පෙරහැර සංස්කෘතිය සඳහා වටිනා මෙහෙවරක් ඉටුකර දුන් චරිතයක් ලෙස නොඅනුමානයි ❤ ඔබට අමා මහ නිවන් සුව ලැබේවා 😔🙏🏽😔
21/02/2025
2020 සිට 2025 පෙබරවාරි 20 දක්වා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවූ අලි මරණ සංඛ්‍යාව
වැඩිදුර කියවන්න: 👇
https://www.bbc.com/sinhala/articles/c05mgl8ve1do
18/02/2025
හමු වූ හිස් කබල සැන්ඩොගේ නොවන බවට තහවුරු විය.☘️🐘🌿.
පෙරේදා දින පුරාවටම සමාජ මාධ්‍ය කලබවමින් යාල ජාතික වනෝද්‍යානයේ තිබී ඇතෙකුගේ හිස් කබලක් හමු වූ බවත් ඒ සැන්ඩො ඇත් රජුගෙ බවත් ප්‍රකාශ කරමින් බොහෝ තොරතුරු පැතිරිණි. ඒ අනුව අප උදෑසන පැවසූ අයුරින්ම අධිකරණ අවසරය මත පශු වෛද්‍ය ධර්මකීර්ති මහතා විසින් පරීක්ෂණය සිදු කල අතර එහිදී හිස් කබල සැන්ඩොගේ හෝ තවත් අතුරුදන් වූ අයෙකු වන අර්ජුනගේ හෝ නොවන බවට තහවුරු කරන ලදී.
මේ හිස් කබල උස අඩි 9ක් පමණ වන වයස අවුරුදු 50ක පමණ කුඩා නළල් තලයක් සහිත , කුඩා දළ යුවලක් සහිත පොඩි ඇතෙකුගේ බවත් මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් නොවන බවටත් කිසිදු වෙඩි සලකුනක් නොතිබෙන බවටත් තහවුරු කරන ලදී. එමෙන්ම මෙම ඇතා කිසියක් රෝගයක් නිසා ඇද වැටී මියගොස් ඇති බවට තහවුරු කරන ලදී.
සැන්ඩො යනු විශාල ඇතෙක් වන අතර අර්ජුනද එලෙසින්ම විශාල වන අතර දෙදෙනාටම විශාල නලල් තලයක් මෙන්ම විශාල දළ යුවලක් ද ඇත.
Protect Elephants' World Global Association පෙරෙදා සිටම මේ සැන්ඩො නොවන බවට ඔබට ප්‍රකාශ කොට සිටි අතර එයට හේතුව වූයේ සැන්ඩෝ පිලිබදව විවිධ පාර්ශවයන් අප වෙත නොයෙකුත් අවස්ථාවල තොරතුරු සැපයූ බැවිනි. අර්ජුනද එලෙසමයි. දෙදෙනාම හොදින් ජීවත් වනු ඇත.
අප කෙරෙහි විශ්වාසයෙක්, අපගේ වචනය පිලිබදව විශ්වාසයෙන් ඉවසීමෙන් බලා සිටි ආදරණීය රසික රසිකාවියන් සියල්ලටම බොහෝම ස්තූතියි 💝 .
පශු වෛද්‍ය ධර්මකීර්ති මහතාටත්, වනජීවි නිලධාරීන් ටත්, සෆාරි රියදුරන් ටත්, ප්‍රදේශවාසීන්ට සහ අපවෙත තොරතුරු ලබාදෙන සියල්ලටම ගෞරවනීය ස්තූතිය පුද කරමි .
It was confirmed that the found skull was not Sando's.☘️🐘🌿.
Throughout the previous day, the social media was buzzing with information spreading that an tusker's skull was found in the Yala National Park and that it belonged to King Sando tusker . Accordingly, as we said in the morning, on the permission of the court, Veterinarian Mr. Dharmakirthi conducted the examination and confirmed that the skull was not Sando's or Arjuna's, another missing tusker.
It was confirmed that this skull is about 9 feet tall, about 50 years old, of a small tusker with a small forehead, a pair of small tusks, and that the death was not a gunshot wound and there were no bullet marks. It was also confirmed that one of this tusker had collapsed and died due to a disease.
Sando is a large tusker and Arjuna is similarly large and both have a large head as well as a large pair of tusks.
Protect Elephants' World Global Association has told you since yesterday that this is not Sando, and the reason for that is because various parties have provided us with information about Sando. So is Arjuna. Both will live well.
Thank you very much to all our dear fans who have faith in us and patiently waited for our word 💝 .
📷 belongs to its respective owner .
😞
මෙහෙම ඇතෙක්නෙ මරලා තියෙන්නෙ
16/02/2025
සැන්ඩෝ මරලද ?
යාල වනොද්‍යානයේ වාසය කෙරූ සැන්ඩෝ ඇතු ඝාතනය වී ඇතිබවට තොරතුරු වාර්තා වෙයි
මිය ගිය ඇතකුගෙ අස්ථි කොටස් හමු වී ඇති අතර ඒවා සැන්ඩො ඇතුගෙ බවට අනුමාන කෙරේ