Dr. Amila Prabodha

Dr. Amila Prabodha

Share

The Life Physician. Where Medicine meets Education. Choose a Chance to CHANGE!

14/04/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..! 🙏 🇱🇰 ❤️
உங்கள் அனைவருக்கும் இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்..! 🙏 🇱🇰 ❤️
Happy New Year to you all..! 🙏 🇱🇰 ❤️

05/04/2026

අවුරුදු 53 කට පසු මානව ඉතිහාසයේ දැවැන්තම සහ භයානකම අභ්‍යවකාශ ගමන. 🛰️ 🧑‍🚀 🚀 🌛

1972 දෙසැම්බර් මාසයේ Apollo - 17 යානයෙන් පසුව කිසිම මිනිසෙක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී සඳ වෙත ගොස් නැහැ!

සම්පූර්ණ පරම්පරාවක්ම ඉපිද - වයසට ගොස් අවසන් වූ මේ දීර්ඝ කාලයෙන් පසු, 2026 අප්‍රේල් මාසයේදී නැවතත් මිනිසුන් සඳ බලා පිටත් වෙනවා.

Artemis - ll ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම හරහා ගගනගාමීන් හතර දෙනෙක් සඳ දෙසට ගමන් කරන්නේ කුඩා වෑන් රථ දෙකක පමණ ඉඩක් ඇති කැප්සියුලයක සිටයි.

Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen මේ ඓතිහාසික ගමනට එක්වෙනවා.

චන්ද්‍ර මෙහෙයුමකට එක්වන පළමු කාන්තාව ලෙස Christina Koch ඉතිහාසගත වන අතර, Victor Glover සඳට යන පළමු කළු ජාතිකයා බවට පත්වෙනවා.

දින 10 ක් පුරා Pacific සාගරයට පතිත වනතුරු ඔවුන් අත්විඳින මේ ගමන හුඟක් අය හිතනවාට වඩා අතිශය භයානක මෙන්ම, දැඩි අවදානම් සහගත එකක්.

ගමනට පෙර Kennedy - Florida අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ඔවුන් තම පවුල් වලින් වෙන්ව, දැඩි නිරෝධායන ක්‍රියාවලියකට ලක් වෙනවා.

වෛද්‍ය පරීක්ෂණ කරමින්, නිසි නින්දක් ලබා ගනිමින් සහ කැලරි ගණනය කළ ආහාර වේලක් ගනිමින් ඔවුන් මේ අභියෝගයට සූදානම් වෙනවා.

ඔවුන් පළඳින Orion අභ්‍යවකාශ ඇඳුම් චිත්‍රපටවල දකින තරම් සුවපහසු ඒවා නොව, පීඩනය පාලනය කරන අධික බරකින් යුක්ත ඇඳුම් කට්ටලයක්.

ගමන ආරම්භ වන්නේ ඓතිහාසික Apollo යානා අභ්‍යවකාශගත කළ 39-B Launchpad එකේ ඇති කුළුණේ විදුලි සෝපානයෙන් ඉහළට යෑමෙන් පසුවයි.

නාසා ආයතනය මෙතෙක් අභ්‍යවකාශගත කරන ප්‍රබලම රොකට්ටුව වන SLS මත ඇති "Intergrity" නම් Orion යානයට ඔවුන් ගොඩවෙනවා.

මේ රොකට්ටුව අඩි 322 ක් උසැති අතර, ඉන්ධන පිරවූ පසු රාත්තල් මිලියන 5.75 ක් බරයි. එය නිදහස් ප්‍රතිමාවටත් වඩා උස, Boeing - 747 ජෙට් යානා අටකටත් වඩා බර දැවැන්තයෙක්.

දශක තුනක් තිස්සේ Space Shuttle සඳහා භාවිතා කළ RS-25 එන්ජින් සහ ප්‍රබල බූස්ටර් මගින් රාත්තල් මිලියන 8.8 ක දැවැන්ත තෙරපුමක් ඇති කරනවා.

ගණන් කිරීම බිංදුවෙන් අවසන් වී රොකට්ටුව ඉහළට යද්දී, ගගනගාමීන්ගේ පපුව මත කෙනෙකු වාඩි වී සිටිනවා වැනි අතිශය දැඩි පීඩනයක් දැනෙනවා.

ඔවුන්ගේ සිරුරේ බර මෙන් තුන් ගුණයක පීඩනයක් දැනෙන අතර, හුස්ම ගැනීම පවා මේ මොහොතේ අපහසු වන තරමට මුළු යානයම දැඩි ලෙස වෙවුලනවා.

විනාඩි දෙකකින් බූස්ටර් ගැලවී ගොස්, විනාඩි අටකට පසු ප්‍රධාන එන්ජින් ක්‍රියා විරහිත වූ විට, එකවරම දැඩි නිශ්ශබ්දතාවයක් සමගින් ඔවුන්ට පාවෙන ස්වභාවය අත්විඳින්නට ලැබෙනවා.

Orion යානයේ ඇති කුඩා ජනේල හතරෙන් ඔවුන්ට මේ මොහොතේ පළමු වරට පෘථිවියේ සුන්දර වක්‍රය පැහැදිළිව දැකගත හැකියි.

පෘථිවි කක්ෂයේදී ජීවරක්ෂක, සන්නිවේදන සහ උෂ්ණත්ව පාලන පද්ධති සියල්ලම දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර, Wiseman සහ Glover යානය අතින් පාලනය කරමින් එහි ක්‍රියාකාරීත්වය බලනවා.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වෙනුවෙන් Airbus සමාගම නිපදවූ Service Module එක හරහායි යානයට අවශ්‍ය බලය, ජලය සහ Oxygen සම්පූර්ණයෙන්ම සැපයෙන්නේ.

ඉන්පසු SLS රොකට්ටුවේ ඉහළ කොටස අවසන් වරට ක්‍රියාත්මක වී, පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී පැයට සැතපුම් 24,000 ක වේගයෙන් යානය සඳ දෙසට විදිනවා.

පෘථිවියෙන් ඈතට යත්ම තත්පර 1.3 ක පමණ සන්නිවේදන ප්‍රමාදයන් ඇති වන අතර, තමන් ලෝකයෙන් කොතරම් ඈතට යනවාදැයි ඔවුන්ට හොඳින්ම වැටහෙනවා.

යානය තුළ ජීවිතය කිසිසේත්ම පහසු නැහැ! වැසිකිළිය කුඩා අල්මාරියක් වැනි අතර, ඝන අපද්‍රව්‍ය සීල් කර තබාගෙන, මූත්‍ර පමණක් අභ්‍යවකාශයට මුදාහරිනවා.

ජලය ප්‍රතිචක්‍රීකරණය නොකරන බැවින්, සෑම ජල බිඳුවක්ම පිරිමැස්මෙන් භාවිතා කරන අතර, කුඩා බෑග්වල බහා ඇති Macaroni වැනි කෑම පාවෙමින් සිටින අතරතුර ආහාරයට ගන්නවා.

දිනකට පැය 08 ක් බිත්තියක සවිකළ නිදන බෑග් තුළ ඔවුන් එකවර නිදාගන්නා අතර, ජීවරක්ෂක පංකාවල ඝෝෂාව නිරන්තරයෙන්ම එහි ඇහෙනවා.

බර රහිත පරිසරය නිසා, මාංශ පේශි සහ අස්ථි දියවීම වළක්වා ගැනීමට දිනකට විනාඩි 30 ක් Flywheel උපකරණය මගින් ව්‍යායාම කිරීම අනිවාර්යයි.

ස්නානය සඳහා කාමර නැති අතර, තෙත Tissues සහ Dry Shampoo වලින් පිරිසිදු වන ඔවුන්, දත් මැද අවසන් වූ පසු එම කෙළ පවා Tissue එකකට දමා, ඉවත් කරනවා.

දින හතරකට පසු ඔවුන් සඳේ අඳුරු පැත්ත හෙවත්, 1972 න් පසු කිසිවෙකු නොදුටු පෘථිවියට නොපෙනෙන පැත්ත වෙත ළඟා වෙනවා.

Orion යානය සඳේ පිටුපස සිට සැතපුම් 4,700 ක් දුරින් ගමන් කරන අතර, එය මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ලෙස ඉතිහාසගත වෙනවා.

සැතපුම් 268,000 ක් ඈතින් ඇති එම ස්ථානයේ සිට බලන විට, මුළු පෘථිවියම තමන්ගේ මහපට ඇඟිල්ලෙන් වසා ගත හැකි තරම් කුඩා තිතක් සේ දිස්වෙනවා.

චුම්භක ක්ෂේත්‍රයේ ආරක්ෂාව නැති බැවින්, හදිසි සූර්ය කුණාටුවක් ඇතිවුවහොත් විකිරණ වලින් බේරීමට, ඔවුන්ට යානයේ වැසිකිළිය අසල ආරක්ෂිත ස්ථානයේ සැඟවීමට සිදුවෙනවා.

දින කිහිපයකින් පසු ආපසු එන මේ මෙහෙයුමේ භයානකම කොටස වන්නේ, නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමයි.

පැයට කිලෝමීටර 40,000 ක අතිශය වේගයකින්, එනම්., ශබ්දයේ වේගය මෙන් 32 ගුණයකින් වායුගෝලයට ඇතුළු වෙද්දී යානය වටා සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයෙන් අඩක් තරම් රස්නයක් නිර්මාණය වෙනවා.

2022 දී Artemis - l යානයේ තාප ආවරණයට හානි සිදුවූ නිසා, මෙවර යානය කෙලින්ම වායුගෝලයට ඇතුළු වන සේ සැලසුම් කර ඇති අතර, ඉන් ගගනගාමීන්ට දැනෙන තෙරපුම අතිශය දරුණු වෙනවා.

අවසානයේ විනාඩි කිහිපයක සන්නිවේදන බිඳවැටීමකින් පසු, Parachutes දිගහැරී, San Diego අසල Pacific සාගරයට පතිත වන යානය, නාවික හමුදාව විසින් බේරාගන්නවා.

සැතපුම් 650,000 ක ගමනක් අවසන් කරන Artemis - ll යනු හුදෙක් සඳට යන ගමනක් පමණක් නොව, අනාගත අභ්‍යවකාශ ගවේෂණයේ නව දොරටු විවර කරන දැවැන්ත වික්‍රමයක්!

🛰️ 🧑‍🚀 🚀 🌛

© Copied & credits goes to respective owners

29/03/2026

කැන්ගරු මීයා (Kangaroo Rat) යනු, කැන්ගරුවෙක් මෙන් පැනීමට වැදගත් වන විශාල පසුපස පාද, දිගු වලිග සහ ආහාර සඳහා බීජ රැගෙන යා හැකි ලොම් සහිත, කම්මුල් මලු ඇති මීයන් විශේෂයකි. මොවුන් සැබෑ මීයන් නොවන අතර, Heteromyidae පවුලටද, Dipodomys කුලයටද අයත් වේ.

මොවුහු කාන්තාර වාසීන් වන අතර, තාපයෙන් බේරීම සඳහා ගුල්වල ජීවත් වෙති. ශක්තිමත් පසුපස පාද උපයෝගී කරගෙන අඩි 09 ක පමණ දුරක් පැනයාමට මොවුන්ට හැකියාව පවතී.

ප්‍රධාන වශයෙන් බීජ සහ බෝංචි මෙන්ම, ඇතැම් විට කෘමීන්ද ආහාරය සඳහා ඔවුන් සිය කම්මුල් මලු සහ ගුල්වල ගබඩා කරයි.

ඔවුන් ශුෂ්ක පරිසරයන්ට බෙහෙවින් අනුවර්තනය වී ඇති අතර, පානීය ජලය නොමැතිව ජීවත් විය හැකි වේ. ඔවුන් ආහාරයේ ඇති ලිපිඩ පරිවෘත්තිය මඟින් ජලය නිපදවා ගනියි.

නිරිතදිග අමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ කාන්තාර, තණබිම් සහ වැලි සහිත පසේ භූගත ගුල්වල ඔවුන් ජීවත් වෙයි.

29/03/2026

අමෙරිකාවේ ජනතාව ට්‍රම්ප්ට එරෙහිව වීදි බසිති! 🇺🇸

28/03/2026

Present Situation! 🙂😁

22/03/2026

Meanwhile... 🙂

06/03/2026

The World depends on LOVE. 🕊️💫🤍

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo