HNDA Kandy-2021 (Part Time) Batch Trip
HNDA 2021- Kandy P.T
Higher National Diploma In Accountancy 2021 ( Part Time ) Sliate Kandy
12/06/2024
03/06/2024
ශ්‍රි ලංකා කණිෂ්ඨ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව(HNDA) සඳහා 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාල ශිෂ්‍ය ලියාපදිංචි කටයුතු සම්බන්ධව නිරවද්‍ය උපදෙස් හා සියලුම තොරතුරු SLIATE මහනුවර, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ, ශිෂ්‍ය පදනම් ඒකකය හරහා පහත සඳහන් ලෙස නිල වශයෙන් දැනුම්දෙනු ලැබේ(ගැසට් නිවේදනයට අනුව).
මෙහි සඳහන් සමස්ථයන්, HNDA මහනුවර අර්ධ කාලීන(Part Time) පාඨමාලාව සඳහා පමණක් අදාල වේ.
HNDA මහනුවර පාඨමාලාව අර්ධ කාලීන(Part Time) වසර 4ක පාඨමාලාව සඳහා අයදුම් කිරීම සදහා වාණිජ විෂය ධාරාව යටතේ ගිණුම්කරණ විෂය ද සහිතව අ.පො.ස (උ/පෙළ) විභාගය එකවර සමත්වී තිබීම , සාමාන්‍ය පොදු පරීක්ෂණය(Common General Test) ලකුණු 25ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් සමඟින් සමත්ව තිබිය යුතු සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි(English Language) සඳහා සාමාන්‍ය සාමාර්ථ(Ordinary Passes/S) ලබාගෙන තිබිය යුතුය. අයදුම්පකරු අදාල ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයත්නයක/රාජ්‍ය ව්‍යවසායක/පිළිගත් සමාගමක හෝ
ස්වයං රැකියාවක (ව්‍යවසායකයයකු) නිරතව සිටීම. සම්මුඛ පරීක්ෂණයේදී නීතිමය
ලියකියවිලි ඉදරිපත් කළ යුතුය.
HNDA පාඨමාලාව තුළ සියලුම දේශන කටයුතු සති අන්තයේ පවත්වනු ලැබේ. එමෙන්ම පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෙකු ඇතුළත් කරගත් පසු, වෙනත් කිසිදු උසස් තාක්ෂණ ආයතනයකට(ATI) මාරුවීම සිදුකළ නොහැක. එමෙන්ම පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් හට අදාළ ආයතනය විසින් ලබා දී ඇති ලියාපදිංචි කිරීමේ අවසන් දිනයේ සිට දින 60 කට පෙර ලියාපදිංචිය අවලංගු කිරීමට අවසර දෙනු ලබන අතර, දින 60 කට පසු ලියාපදිංචිය අවලංගු කරන සිසුන්ගෙන් ලියාපදිංචි වූ දින සිට මසකට රු.5000ක් අය කරනු ලැබේ. එමෙන්ම එක් සාමාසිකයක් වෙනුවෙන් රු. 17000ක් අය කරනු ලබයි.
HNDA මහනුවර සඳහා අයදුම්කිරීම සඳහා අදාල Z අගය පරාසය තුළ සිටින අයදුම්කරුවන්, ගැසට් පත්‍රයේ සඳහන් පරිදි Z අගය මත පදනම් වූ කාණ්ඩය යටතේ HNDA පාඨමාලාව සඳහා අයදුම්කළ යුතුය.
අයදුම් කළයුතු ආකාරය ;
01. පළමුව, එක් අයදුම්පතකට රු.1000ක් ලෙස පහත සඳහන් බැංකු ගිණුම් විස්තර අනුව ගෙවා, බැංකු ගෙවීම් කුවිතාන්සියෙහි පැහැදිලි ඡායාරූපයක් ලබාගන්න.
(ගිණුම් අංකය - SLIATE Account
025-2-001-1-3397613
මහජන බැංකුව, හයිඩ් පාක් ශාඛාව, කොළඹ 02)
02. දෙවනුව මෙම යොමුවෙන් මාර්ගගත අයදුම්පත(Online Application) වෙත පිවිසෙන්න(http://apply.sliate.ac.lk), එහි අර්ධ කාලීන බව(Part Time), Z අගය සහ උසස් පෙළ අංශය ලෙස වාණිජ්‍යය(Commerce) ලෙස තෝරන්න.
ඉන්පසු ලැබෙන පාඨමාලාවන් අතුරෙන් HNDA පාඨමාලාව තෝරන්න(මෙහිදී පාඨමාලාව හැදෑරීම සඳහා ආයතන 3ක් තේරිය හැකිය). ඔබ මහනුවර HNDA පාඨමාලාව සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන බැවින්, පලමු තේරීම ලෙස, මහනුවර උසස් තාක්ෂණ ආයතනය තෝරන්න. මෙහිදී 1.0 හෝ ඊට ඉහළ Z අගයන් සහිත අයදුම්කරුවන් පළමු තේරීමට පමණක් මහනුවර HNDA පාඨමාලාව යෙදීම ප්‍රමාණවත් වන අතර, අප සඳහන් කළ Z අගයන් හා අදාල අනෙකුත් සුදුසුකම් මට්ටම් සඳහා අවම හෝ ආසන්න සුදුසුකම් මට්ටමක් සහිත අයදුම්කරුවන්, පළමු තේරීමේදී මහනුවර HNDA පාඨමාලාව සහ ඊට අමතරව දෙවන හා තෙවන තේරීම් ලෙස අනෙකුත් අයදුම් කළ හැකි Z අගය මත පදනම් වන පාඨමාලාවන් කිහිපයක් පිළිවෙළින් යොමු කිරීම උචිතය. මෙහිදී ඉහත සඳහන් සම්පූර්ණ සුදුසුකම් සපුරාලිය හැකි අයදුම්කරුවන් උසස් තාක්ෂණ ආයතනය තේරීමේදී, මහනුවර උසස් තාක්ෂණ ආයතනය තේරීම ප්‍රමාණවත් වන අතර, අවම හා ආසන්න සුදුසුකම් මට්ටම් වල පසුවන්නන් හට සුදුසු උසස් තාක්ෂණ ආයතන දෙකක් හෝ තුනක් යොමු කළ හැක.
ලියාපදිංචි ක්‍රියාවලිය තුළ ප්‍රධාන වශයෙන්, Z අගය සහ පවත්වන තරග විභාගයෙන් ලබාගත් ලකුණු මට්ටම් මත පදනම් වූ කාණ්ඩ දෙකක් යටතේ පාඨමාලා ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කර ඇති අතර, මෙහිදී HNDA පාඨමාලාව Z අගය පදනම් කරගත් කාණ්ඩයට අදාල වන අතර, ඔබ සුදුසුකම් සහිත අයදුම්කරුවකු නම් (අදාල Z අගය පරාසය තුළ සිටින), පළමු තේරීම ලෙස මහනුවර HNDA පාඨමාලාව පමණක් යොමු කිරීම ප්‍රමාණවත් වේ. එමෙන්ම, එක් කාණ්ඩයකට රු.1000 බැගින් ගෙවීමට සිදු වේ.
03. ඉන්පසු ඔබේ පෞද්ගලික විස්තර, සම්බන්ධ කරගැනීමේ විස්තර, අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල යොමු කළ හැක.
ඉන්පසු බැංකු ලදු පතෙහි සඳහන් මුදල් හුවමාරු අංකය (TRN අංකය) මාර්ගගත අයදුම්පතෙහි සඳහන් කර එහි ඡායාරූපයක් Upload කළ යුතුය.
ඉන්පසු, විශේෂයෙන් නිවැරැදි ලෙස ඔබගේ තොරතුරු පිරික්සීමෙන් අනතුරුව තහවුරු(Submit) කිරීම කළ හැක. මේ සමඟම ඔබ සඳහන් කළ ඔබගේ දුරකතන අංකයට සහ ඔබගේ විද්‍යුත් ලිපිනයට(E-mail) අදාල විස්තරයන් යොමු කරනු ලැබේ.
04. ඉන්පසු සඳහන් තොරතුරු අනුව, අයදුම්පත භාගත කර(Download), එහි පිටපතක් ලබාගෙන(Printout) එහි ඔබේ අත්සනින් සහතික කර තබාගන්න.
05. ඔබ මාර්ගගත අයදුම්පත යොමුකල පසු සති දෙකක් ඇතුලත පද්ධතිය හරහා තෝරාගත් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා සදහා ලියාපදිංචිය තහවුරු කරන ලෙස විද්‍යුත් තැපැලෙන් / කෙටි පණිවිඩ (SMS) මගින් දැනුම් දෙනු ලැබේ. ලබා දී ඇති කාලසීමාව තුළ මාර්ගගත පද්ධතිය හරහා ලියාපදිංචිය තහවුරු නොකරන්නේ නම්, ඔහු /ඇය කිසිදු පාඨමාලාවක් සදහා නැවත සලකා නොලබන අතර ඔවුන්ගේ අයදුම්පත අවලංගු වේ.
අයදුම් කළ හැකි අවසන් දිනය 2024 ජූනි මස 10 වන දින දක්වා දීර්ඝ කර ඇත.
ශ්‍රී ලංකා කණිෂ්ඨ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මාර්ගගත ලියාපදිංචි(Online Registration) ක්‍රමය භාවිතා කිරීමේදී යම් අපැහැදිලි අවස්ථාවන් ඇතිවිය හැකි බැවින් ගැසට් නිවේදනය අධ්‍යයනය කිරීම හෝ HNDA මහනුවර, ශිෂ්‍ය පදනම් ඒකකයෙහි නිල ඊ-මේල් ලිපිනය([email protected]) හරහා සෘජුවම විමසීම සිදු කළ හැකිය.
ශිෂ්‍ය පදනම් ඒකකය,
ගණකාධිකරණ අධ්‍යයන අංශය - අර්ධ කාලීන,
SLIATE මහනුවර.
04/07/2023
Sahana Hostel -Donation Campaign
Wonderful Day ❤🥺
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |