05/06/2026
නායකත්වය යනු තනතුරක් නොව, ආදර්ශයකි! අංකුඹුර පරාක්‍රමයේ නව නායක පරපුරට සුබ පැතුම්!..💐
"අභිෂේකාභිමානී -2026" ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ජාතික ශිෂ්‍ය භට පුහුණු නිලධාරී, මේජර් බන්දුල බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් 2026-06-03 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි...❤️
අභියෝග හමුවේ නොසැලී, පාසල් මාතාවගේ නාමය පෙරටු කොටගෙන පෙරටම යන්නට නව ශිෂ්‍ය නායක, නායිකාවන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි අප පාර්ථනා කරමු.. 🇷🇴❤️
Ankumbura National College
Parakrama Police Cadet Media
29/05/2026
ශ්‍රී සම්බුදු තෙමගුල සිහිකරමින් ගුණදහමින් සුපෝෂිත දරු පරපුරක් බිහිකරනු වස් අංකුඹුර පරාක්‍රම විදු පියසේ 2026/5/27 දින පැවති සීල සමාදාන වැඩසටහන..🌸🌸
ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යක් වේවා..☸️🙏
Ankumbura National College
29/05/2026
🏆✨ සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලිය – 2026
කටුගස්තොට - කලාප තරග
අංකුඹුර පරාක්‍රම ජාතික පාසල
ගැහැණු / ඒකල / යශෝධරා/ චරිත නිරූපණය
🥇 ප්‍රථම ස්ථානය
මිශ්‍ර/ සමූහ /මුද්‍රා නාට්‍ය - අලි මිනිස් ගැටුම
🥇 ප්‍රථම ස්ථානය
පිරිමි/ ඒකල / හංස පූට්ටුව නිර්මාණය
🥇 ප්‍රථම ස්ථානය
මෙම විශිෂ්ට ජයග්‍රහණ සමඟ පළාත් තරග සඳහා සුදුසුකම් ලබාගත් එම දරුවන්ටත්, ඒ සඳහා කැපවූ නර්ථනාචාර්ය තුමිය වන ඉශාරා අලහකෝන් ගුරුතුමියටත් විදුහල්පතිතුමිය ඇතුලු සමස්ත පාසල් ප්‍රජාවගේ ගෞරවණීය ස්තුතිය පුදකරමු...❤️💐
Ankumbura National College
18/05/2026
ක්‍රීඩාව කියන්නේ සියලුදෙනාගේම ශාරීරික වගේම මානසික සුවතාවයටත් ඉතාම වැදගත් වන දෙයක්..
ඉතින් මේ කියන වැදගත්කම සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජය (LEO Club) විසින් අප විද්‍යාලයේ දරුවන්ගේ ක්‍රීඩා, කණ්ඩායම් හා නායකත්ව කුසලතා වර්ධනය කිරීම සඳහා පැවැත්වූ LEO SKILL UP වැඩමුළුව පසුගිය දින විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි... ⛹️🏌️🤾️❤️
මෙහිදී පාසල් දු දරුවන්ට ක්‍රීඩා සදහා අවශ්‍ය වන ක්‍රීඩා උපකරණ කීපයක්ද ලියෝ සමාජය විසින් පාසල වෙත ලබාදෙන ලදි...🏀⚽🏏
අප පාසල වෙත පැමිණ දු දරුවන් වෙනුවෙන් සිදු කළ මෙම සේවය වෙනුවෙන් ලියෝ සමාජයටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් හටත් ගෞරවනීය ස්තුතිය පුද කරන අතර ඔවුන්ගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු....❤️💐
APNC..❤️
Ankumbura National College
Parakrama Police Cadet Media
18/05/2026
TATA Motors Ltd සමාගම මගින් දිට්වා සුලි කුණාටුවෙන් අපදාවට පත්වූ දරුවන් සිටින පාසල්වලට පරිත්‍යාග කරන ලද පාසල් බෑග්, වතුර බෝතල්, පොත්පත් ආදි පාසල් උපකරණ පසුගිය දින අප විද්‍යාලයේ ආදරණීය දුවා දරුවන් අතරද බෙදා දෙන ලදි...📝📚💐
මෙම සමාජ සත්කාරය වෙනුවෙන් TATA ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු හිමිකාරීත්වයට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි...❤️💐
APNC ❤️
09/04/2026
*අභිමානවත් සුභ පැතුම්! 🏆*
රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පැවති පොලිස් ශිෂ්‍යභට පළාත් ඇගයීම් කඳවුරේ පළමු අදියරට සහභාගී වී *කණ්ඩායම් 53ක් අතරින්*
💥*ශාරීරික අභ්‍යාස දක්ෂතම අණදෙන්නිය*
💥 *ශාරීරික අභ්‍යාස පරීක්ෂණයේ දෙවන ස්ථානය සමගින්*
*සමස්ත කඳවුරේ 07වන ස්ථානය* දිනාගත් අපගේ දියණියන්ට හා ශිෂ්‍යභට උපදේශක පොලිස් සැරයන් රොෂාන් මුණසිංහ මහතාට අපගේ *උණුසුම් සුබ පැතුම්!* ❤️
එසේම මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ශිෂ්‍යභට කණ්ඩ භාරව කටයුතු කරන අප විද්‍යාලයේ ශ්‍රී රාම් ගුරුතුමාටත්, ඉෂාරා අලහකෝන් ගුරුතුමියටත්, ඉමේෂා බස්නායක ගුරුතුමියටත් විද්‍යාලය වෙනුවෙන් අපගේ ප්‍රණාමය පුදකරමි...❤️💐
කණ්ඩායම් හැඟීම, කැපවීම සහ විනය මගින් පාසලට රැගෙන ආ මෙම ගෞරවය අප සැමට අභිමානයකි. දරුවන්ගේ ඉදිරි ගමන් මගට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමු!
විදුහල්පතිතුමිය, අධ්‍යන අනධ්‍යන කාර්‍ය මණ්ඩලය, දෙමාපියන් හා පොලිස් ශිෂ්‍යභට ඒකකය හා ආදි ශිෂ්‍යයින්. අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලය ( ජාතික පාසල )
"විනය ගරුක බව ජයග්‍රහණයේ රන් දොරටුවයි!"
APNC❤️
Ankumbura National College
Parakrama Police Cadet Media