Zonal Education Office - Matale

Zonal Education Office - Matale

Share

Official page of Zonal Education Office, Matale

Photos from Zonal Education Office - Matale 's post 13/06/2026

මාතලේ කලාප මලල ක්‍රීඩා සමාප්ති උළෙල -2026

2026 වර්ෂයේ මාතලේ කලාප මලල ක්‍රීඩා සමාප්ති උළෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍යමලී චන්ද්‍රසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ විදුහල්පතිවරැන්, ක්‍රීඩා විෂය භාර ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් 2026 ජූනි මස 12 වැනි දින මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මාතලේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් නියෝජනය කරමින්, මලල ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වැදුණු අතර සමස්ත බාලක ශුරතාවය මා/ ශාන්ත තෝමස් ජාතික පාසලටත් අනුශූරතාවය මා/ හින්දු ජාතික පාසලටත්, සමස්ත බාලිකා ශූරතාවය මා/ ශ්‍රි සංඝමිත්තා බාලිකා ජාතික පාසලටත් අනුශූරතාවය මා/ පාක්‍යම් බාලිකා ජාතික පාසලටත් හිමි විය.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙල සඳහා මාතලේ කලාපය නියෝජනය කිරීමට සුදුසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන) චලනි ප්‍රේමරත්න මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත කලාප ක්‍රීඩා අංශයේ විශ්‍රාමික ගුරු උපදේශක රම්‍යා හේන්දෙනිය, සම්පත් දායක දමයන්ති විජේසිංහ, ක්‍රිශ්ණකුමාර සහ ඉන්දු අබේරත්න මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් මෙම තරඟාවලිය සංවිධානය කර තිබුණි.

10/06/2026
05/06/2026

මාතලේ අධ්‍යාපන කලාපයේ ගණිතය විෂය සංවර්ධනය සඳහා ඉමහත් සේවයක් සිදුකර විශ්‍රාම දිවියට එළඹි, ගණිතය විෂය සම්පත් දායක උපුල් නිශාන්ත සමරකෝන් මහතාට සුවබර ඉසිඹුවකට ආසිරි පතමු.

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලීය අධ්‍යක්ෂ මඬුල්ල ඇතුළු සමස්ථ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය

03/06/2026

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ....

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියක වන ආර්.ජි.ජි.එන්.එස්. චන්ද්‍රසේකර මහත්මිය මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් අද (01) දින පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනැමිණි.

මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර චන්ද්‍රසේකර මහත්මිය දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ, වැඩබලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළාය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වසර දාහතක පමණ සේවා පළපුරුද්දක් ඇති නිලධාරිනියක වන චන්ද්‍රසේකර මහත්මිය, රාජ්‍ය සේවයට එක්වීමෙන් පසුව දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ තනතුරු රැසක රාජකාරි කටයුතු සිදුකර තිබේ.

මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානී පියසේන යන මහත්මීහුද එක් වූහ.

27/05/2026

මාතලේ අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි විෂය සංවර්ධනය සඳහා ඉමහත් සේවයක් කර විශ්‍රාම දිවියට එළඹි, ඉංග්‍රීසි විෂය ගුරු උපදේශක U. S. සත්‍යසීලන් (මොනා) මහත්මියට සුවබර ඉසිඹුවකට ආසිරි පතමු.

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලීය අධ්‍යක්ෂ මඬුල්ල ඇතුළු සමස්ථ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය

21/05/2026

මහතලාවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපනයේ මහගෙදරට……

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත්, මාතලේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මැතිණියනි,

ඉතිහාසයේ ප්‍රථම වරට මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරය හෙබවූ නිලධාරිනියක් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට පත්වීම, අප සැමට මහත් ආඩම්බරයක් මෙන්ම අභිමානයකි.

ඔබතුමියගේ දැනුම, අත්දැකීම් සහ අධ්‍යාපනය කෙරෙහි දක්වන කැපවීම මධ්‍යම පළාත් අධ්‍යාපනයේ ප්‍රගතියට මහත් පිටිවහලක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට, ගුරු-සිසු සබඳතා ශක්තිමත් කිරීමට සහ දරුවන්ගේ අනාගතය ආලෝකවත් කිරීමට ඔබතුමියට ශක්තිය සහ නොමඳ ධෛර්ය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

ඔබතුමියගේ නායකත්වය යටතේ මධ්‍යම පළාත් අධ්‍යාපනයේ ඉදිරි ගමන නව මානයන් කරා මෙහෙයවීමටත්, සේවාව මුල් කරගත් නව යුගයක් බිහි කිරීමටත් හැකිවේවායි සුබාසිංශන ප්‍රාර්ථනා කරමු!

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලීය අධ්‍යක්ෂ මඬුල්ල ඇතුළු සමස්ථ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය

Want your school to be the top-listed School/college in Matale?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Zonal Education Office
Matale
21000