Combu Pang

Combu Pang

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Combu Pang, Language school, Seoul.

Photos from Combu Pang's post 29/08/2025

Lloyd's Register හෝ Bureau Veritas Welding සහතිකයක් තියෙන අයට දැන් කොරියාවට එන්න අවස්ථාවක් තියෙනවා. පහත සඳහන් අනෙකුත් සන්නාම සහතිකද වලංගු වේ. (පෝස්ටුව සමග ඇති පින්තූරය බලන්න) මෙම අවස්‌ථාවට අයදුම් කල හැක්කේ ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ඇති අයට පමණි. ලංකාව තුළ ලබාගත් සාමාන්‍ය සහතිකයකින් අයදුම් කල නොහැක. එයට හේතුව නම්, කොරියාවට පැමිණීමෙන් පසු නිසි පල පුරුද්දක් නොමැති වීම සහ දක්ෂයන් නොවීම නිසා යම් පිරිසක් රැකියා ස්ථානවලින් නෙරපා හැරීමද සිදුවී තිබේ. මෙවැනි හේතු සාධක මත ඉදිරියේදී Welding රැකියා සඳහා ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ඇති අය පමණක් ගෙන්වා ගැනීමටද තීරණයක් පවතී. ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ඇති අය පමනක් වැඩි විස්තර සඳහා අමතන්න.
WhatsApp link 👇
https://wa.me/message/GV4WH4VCE2IQK1

28/07/2024

과목 (විෂයන්) යනු අධ්‍යාපනය තුළ සිසුන් ඉගෙන ගත යුතු විෂයන් වේ.

26/07/2024

강의 (දේශනය) යනු යම් කිසි අධ්‍යයනයක හෝ තාක්ෂණයේ ඇතැම් අන්තර්ගතයන් ක්‍රමානුකූලව පැහැදිලි කිරීම මගින් ඉගැන්වීමයි.

24/07/2024

치통 (දත් කැක්කුම) යනු දත් ප්‍රදේශයේ සහ දත අවට ඇති විදුරුමස් වල වේදනාවක් දැනීමයි.

23/07/2024

요통 (කොන්දේ කැක්කුම) යනු කශේරුකා, තැටි, සන්ධි, බන්ධනීයන්, ස්නායු සහ රුධිර නාලවල අසාමාන්‍යතා නිසා ඇති වන කොන්දේ වේදනාවයි.

17/07/2024

두통 (හිසරදය) යනු හිසෙහි වේදනාවයි.

17/07/2024

복통 ( උදරයේ වේදනාව) යනු උදරය ආශ්‍රිතව ඇතිවන තදබල වේදනාව වේ.

17/07/2024

육아휴직 යනු දරුවන් බලාගැනීම සඳහා නිශ්චිත කාලයක් නිවාඩු ලබා ගැනීම අදහස් කෙරේ.

කොරියාවේ, වයස අවුරුදු 8 ට අඩු හෝ ප්‍රාථමික පාසලේ දෙවන ශ්‍රේණියේ ළමුන් සිටින කම්කරුවන්ට එය භාවිතා කළ හැකි බව නියම කර ඇත.

11/07/2024

칼퇴 යනු ආයතනයක සේවය කරන සේවකයෙක් ආයතනය විසින් නියම කර ඇති සේවා කාලයට අනුව වහාම එම වෙලාව පැමිණි පසු රැකියාවෙන් පිටත්ව යාමයි. (අවිධිමත් ආකාරයෙන්), අතිකාල වැඩ කිරීමට අකමැති අය මෙලෙස නිවෙස් බලා පිටත්ව යයි.

Photos from Combu Pang's post 10/07/2024

ඔයාලා දන්නවද 이사 ඊසා කියන්නේ මොකක්ද කියලා?

මට ඒ ගැන ටිකක් වැඩියෙන් කියන්න හිතුනා.
තමන් දැනට වාසය කරන නිවස හැර, වෙනත් නව නිවසකට යාම මෙයින් අදහස් කරන අතර, කොරියානුවන් මේ සඳහා 이삿짐 නමැති භාන්ඩ එහා මෙහා ගෙන යන ආයතනයකට කතා කර එම තම නිවසේ ඇති සියලුම භාණ්ඩ නව නිවස වෙත රැගෙන යාමට කටයුතු කරයි.

මේ සඳහා මුදලක් අය කරන අතර මුදලේ වටිනාකමට සරිලන සේ ඉතාමත් විශිෂ්ට සේවාවක් ලබා දෙයි.
සරලවම කියනව නම් අපි කිසිම භාණ්ඩයක් අතින් හෝ අල්ලිය යුතු නොවේ. අපට අවශ්‍ය භාණ්ඩ අපේ සිතැඟි පරිදි තැබිය යුතු ස්ථානවලින් පවා ඔවුන් තබා දෙනු ලැබේ.
මෙහි තවත් විශිෂ්‍යත්වයක් නම් මෙම ආයතන සියල්ලගේම පොදුවේ ගත් කල ඔවුන්ගේ දුරකතන අංකය අගට 24 යොදනු ලැබේ. එයින් අදහස් වන්නේ කොරියානු ඉලක්කම් දෙක හතර 이,사 යන අර්ථය ඇති බැවින් ඕනෑම පුද්ගලයකුට එම රථයක දුරකථන අංකය දුටු සැනින් එම රථය භාණ්ඩ ප්‍රවාහනය කර දෙන රථයක් ලෙස අදහස් කර ගැනීමට හැකියාව ලැබෙන නිසාය.

මොවුන් මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඉතාමත් ක්‍රමානුකූලව පෙට්ටි වලට දමා පිළිවෙලින් අසුරා අවශ්‍ය ස්ථානය කරා ගෙනයනු ලබයි.

10/07/2024

근육통 (මාංශ පේශිවල දැනෙන වේදනාව) අදහස් කරයි. මාංශ පේශි වටා අඛණ්ඩ පීඩනයක් ඇති බව දැනෙන වේදනාවක් හෝ සම ඇතුලත ගැටිත්තක් ඇති බවක් දැනෙන වේදනාවක්ද මෙලෙස අදහස් කරයි.

06/07/2024

반차 (වරුවක් වැඩකර පිටවීම) රාජකාරී ස්ථානයක දවසම වැඩ නොකර දවසින් භාගයකදී රාජකාරියෙන් පිටවීම මෙයින් අදහස් කරයි.

Want your school to be the top-listed School/college in Seoul?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Seoul