04/06/2026
දැනුමෙන් සපිරි සිතක් සමඟින්,
ප්‍රඥාවේ දීප්තිය දරාගෙන,
උගත්කමේ උසස් ශිඛර දෙකක් ජයගත් ඔබ,
කළමනාකරණයේ මඟ පෙන්වූ
අපගේ ගෞරවනීය නායිකාව වූවාය.
කාර්යයේ බර නොතකා,
වගකීම් මල් මාවතක් ලෙස සලකා,
කලාපයේ සුබසිද්ධිය උදෙසා
නොනැවතී වෙහෙසුණු ඔබගේ කැපවීම,
සෑම සිතකම ගෞරවයෙන් සටහන් වී ඇත.
ඔබ ගිය තැන සාර්ථකත්වය පිපුණි,
ඔබ ස්පර්ශ කළ කාර්යයන් දියුණුවට පත් විය,
ඔබගේ දූරදර්ශී මඟපෙන්වීමෙන්
බොහෝ දෙනෙකුට ආලෝකයක් ලැබුණි.
අද ඔබ පස්සර බලා පිටත්ව යන මොහොතේ,
වෙන්වීමේ සංවේගය අප තුළ රැඳුණද,
ඔබ ලැබූ නව ගමන්මඟට
අපගේ හදපිරි සුබ පැතුම් එක්කරමු.
දැනුමෙන් උසස්,
බුද්ධියෙන් විශිෂ්ට,
මානුෂීය ගුණයෙන් අගනා ඔබතුමියට,
ඉදිරියටත් ජයග්‍රහණයෙන් ජයග්‍රහණය කරා
පියමනින්නට වාසනාව උදා වේවා!
ඔබගේ සේවය මෙන්ම,
ඔබගේ නාමයද ගෞරවයෙන් රැඳේවා.
ඔබ යන මඟ මල් මාවතක් වේවා,
සියලු පැතුම් සපිරී
ජීවිතය සතුටින් හා සාර්ථකත්වයෙන් පිරී ඉතිරේවා!
ඔබතුමියට අපගේ උත්තමාචාරයත්,
හෘදයාංගම ස්තූතියත්,
සුබම සුබ අනාගතයක් සඳහා ආශිර්වාදයත්! මෙසේ එක් කරන්නෙමු....
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු බදුල්ල කලාපයේ නිලධාරී මණ්ඩලය
01/06/2026
🙏 බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ බුදු මැදුර විවෘත කිරීමේ පින්බර අවස්ථාව 🙏
බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ බුදු මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කර, නව බුදුරැස් වළල්ල අලෝකමත් කිරීමත් සමඟ බුදු මැදුර විවෘත කිරීමේ පින්බර අවස්ථාව අද දින (2026.06.01) ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.
මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් සියලුම දායක දායිකාවන්ට, අනුග්‍රාහක භවතුන්ට, කාර්යාලීය නිලධාරී මහත්ම මහත්මීන්ට සහ සහයෝගය දැක්වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
මෙම පුණ්‍ය කර්මයේ ආනිසංස සියලු දෙනාට අත්වේවා! තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා! ✨☸️
"සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
සියලු දෙනාට යහපතක්ම වේවා!" 🙏
27/05/2026
වෙසක් පෝය නිමිති කරගෙන බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පැවැත්වු කඩල දන්සල.
25/05/2026
වෙසක් පෝය නිමිති කරගෙන බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන කඩල දන්සල 2026.05.27 වන දින කලාප කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වේ.
ඔබ සැමට බැති සිතින් ආරාධනා.
01/01/2025
නව වර්ෂ ආරම්භය 2025
බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය හාලිඇල 🎉
21/11/2024
බදුල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ කඳවුර 5 වන වරටත් සියලු දෙනාගේම එකමුතු කමින් සහයෝගයයෙන් සාර්ථක ව නිමා කරන ලදී.
(2024/11/20)