Emiyo Lanka Pvt Ltd

Emiyo Lanka Pvt Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Emiyo Lanka Pvt Ltd, Educational consultant, Colombo.

ජපානයේ ජොබ් මාරුකිරීමට, ලංකාවෙ සිට ජපානයට ජොබ් වීසා සදහා මගපෙන්වීමට, ස්කිල් ටෙස්ට් සදහා පංති පැවැත්වීමට, ජපානයේ තොරතුරු බෙදාගැනීමට ආදී සියලු දේවල් සදහා නිර්මාණය කරන ලද්දකි

16/06/2026

🇯🇵 ලංකාවෙ සිටින ඔබ සඳහා Working Visa (Construction)
රැකියා අවස්ථා! 🇯🇵

ඔබ ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? Working visa Construction ක්ෂේත්‍රයේ ඇති රැකියා අවස්ථාවන් සඳහා දැන් ඔබට අයදුම් කළ හැකියි.

ජපන් භාශා දැනුම අත්‍යාවශ්‍ය නැත.

විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🎌💯✅🤝

🏢 Emiyo Lanka Pvt Ltd
Ms. Taniya
📩 WhatsApp: +94 70 778 0811
https://wa.me/94707780811

#転職 #履歴書 #転職 #特定技能

Photos from Emiyo Lanka Pvt Ltd's post 16/06/2026

🇯🇵.....සුන්දර ජපානයේ තතු..... 🇯🇵

ජපානයේ ජීවත් වන බොහෝ දෙනෙකුට වසන්ත කාලය යනු ඉතාම අපහසු කාල පරිච්ඡේදයකි. එයට ප්‍රධානම හේතුව වන්නේ 'Hay Fever' හෙවත් 'Kafunsho' (花粉症) ලෙස හඳුන්වන පරාග ආසාත්මිකතාවයි... 😷🤧

🇯🇵 ජපානයේ "Hay Fever" (Kafunsho) - ඔබ දැනගත යුතුම කරුණු! 🌸
ජපානයේ වසන්ත කාලය ලස්සන වුණාට, පදිංචි අපිට නම් මේ කාලය හරිම කරදරකාරී කාලයක්. ඒ තමයි 'Hay Fever' හෙවත් පරාග ආසාත්මිකතාවය උත්සන්න වන කාලය. මේ ගැන දැනුවත් වීම ඔබටත් වැදගත් වේවි.

🤔 මොකක්ද මේ Hay Fever?
ප්‍රධාන වශයෙන් ජපානයේ වැඩෙන Cedar - Sugi සහ Hinoki ගස්වලින් නිකුත් වන පරාග නිසා ඇතිවන ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් තමයි මෙය. වාතයේ පාවෙන මෙම පරාග ශ්වසන මාර්ගයට ඇතුළු වූ විට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වේ.

🤧 රෝග ලක්ෂණ (Symptoms):
■ නැවත නැවත ඇතිවන කිවිසුම් යාම.
■ දියර ලෙස නාසයෙන් සෙම් දියර ගැලීම (නාසය සිරවීම).
■ ඇස් කැසීම, රතු පැහැ වීම සහ කඳුළු ගැලීම.
■ උගුරේ සහ තල්ලේ ඇතිවන කැසීම.
■ හිසරදය සහ තෙහෙට්ටුව.

💊 ප්‍රතිකාර සහ සහන ලබාගන්නා ආකාරය:
● වෛද්‍ය උපදෙස්: රෝග ලක්ෂණ මතු වූ වහාම ලඟම ඇති 'Jibiin kouka' (ENT Clinic) වෙත ගොස් පරීක්ෂා කරගන්න. ඖෂධ (Antihistamines) මගින් රෝග ලක්ෂණ පාලනය කළ හැකියි.
● පූර්ව ආරක්ෂණය: පරාග කාලයට සති දෙකකට පෙර සිටම ඖෂධ ගැනීම ආරම්භ කිරීමෙන් රෝග ලක්ෂණ අවම කරගත හැක.
● ආරක්ෂිත උපකරණ: එළිමහනේ යන විට අනිවාර්යයෙන්ම Mask එකක් සහ කණ්ණාඩි (Pollin-proof glasses) පළඳින්න.
● පිරිසිදුකම: ගෙදර පැමිණි පසු ඇඳුම්වල ඇති පරාග ඉවත් කර, වහාම මුහුණ සෝදන්න.
● තාක්ෂණය: ජපානයේ කාලගුණ වාර්තා (Weather news) හරහා දිනපතා පරාග මට්ටම පරීක්ෂා කරන්න.

💡 විශේෂ කරුණු:
ඔබට වැඩියෙන් ආසාත්මිකතා පවතී නම්, එළිමහනේ රෙදි වේලීමෙන් වළකින්න (පරාග රෙදිවල ඇලිය හැක). හැකි නම් ගෘහස්ථව වේලීම හෝ වියළන යන්ත්‍ර භාවිතා කරන්න.
තමන්ට පාලනය කරගත නොහැකි මට්ටමක පවතී නම් කරුණාකර වෛද්‍යවරයෙකු හමුවන්න....
පරෙස්සමින් ඉන්න!🌸

#ජපානය #පරාගආසාත්මිකතා

11/06/2026

🇯🇵 ලංකාවෙ සිටින ඔබ සඳහා SSW - Construction
රැකියා අවස්ථා! 🇯🇵

ඔබ ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? SSW Construction ක්ෂේත්‍රයේ ඇති රැකියා අවස්ථාවන් සඳහා දැන් ඔබට අයදුම් කළ හැකියි.

✅ අවශ්‍ය සුදුසුකම්:

JFT හෝ JLPT N4 සමත්ව තිබීම.
Construction Skill Test සමත්ව තිබීම.

විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🎌💯✅🤝

🏢 Emiyo Lanka Pvt Ltd
Ms. Taniya
📩 WhatsApp: +94 70 778 0811
https://wa.me/94707780811

#転職 #履歴書 #転職 #特定技能

07/06/2026

🇯🇵 ජපානයේ සිටින ඔබ සඳහා SSW - Food Service (転職)
රැකියා අවස්ථා! 🇯🇵

ඔබ ජපානයේ Job Change අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? SSW Food Service ක්ෂේත්‍රයේ ඇති රැකියා අවස්ථාවන් සඳහා දැන් ඔබට අයදුම් කළ හැකියි.

Location 📍

📍Nagoya
📍Shizuoka
📍Tokyo

✅ අවශ්‍ය සුදුසුකම්:

JFT හෝ JLPT N4 සමත්ව තිබීම.
SSW Food Service Skill Test සමත්ව තිබීම.
Food Service රැකියා අංශයේ පළපුරුද්ද.

විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🎌💯✅🤝

🏢 Emiyo Lanka Pvt Ltd
📩 WhatsApp: +94 70 778 0811
https://wa.me/94707780811

#転職 #履歴書 #転職 #特定技能

Photos from Emiyo Lanka Pvt Ltd's post 31/05/2026

🇯🇵..... සුන්දර ජපානයේ තතු..... 🇯🇵

🌸 මල් සැරසිල්ලක් ද? නැත්නම් ජීවන දර්ශනයක් ද? - ජපන් "いけばな" (Ikebana) කලාව 🌸

අපි සාමාන්‍යයෙන් මල් බඳුනක් සරසන්නේ; තියෙන උපරිම මල් ප්‍රමාණය එකතු කරලා, බඳුන පිරෙන්න, හැඩ වැඩ දාලා....හැබැයි ජපානයේ "いけばな" (Ikebana - 生け花) කලාව ඊට වඩා හාත්පසින්ම වෙනස්!

"いけばな" කියන වචනයේ තේරුම "මල්වලට ජීවය දීම" කියන එකයි. 7 වැනි සියවසේ විතර බෞද්ධ පූජාවන්ගෙන් ඇරඹුණු මේ කලාව, අද වෙද්දී මුළු ලෝකයම මවිත කරපු අතිශය ආධ්‍යාත්මික සෙන් (Zen) කලාවක් බවට පත්වෙලා තියෙනවා. 🎋

🌸 ඇයි いけばな මෙච්චර විශේෂ?
බොහෝ මල් සැරසිලි කලාවන්හි අවධානය යොමු කරන්නේ මල්වල "ලස්සන" ගැන විතරයි. හැබැයි いけばな කලාවේදී මලක් වගේම, ඒකට ගන්නා අත්ත, කොළය, පොහොට්ටුව, බඳුන වගේම ඒ හැමදේම අතර තියෙන "හිස් අවකාශය" (Empty Space) පවා කලාවේ කොටසක්!

මෙහි ප්‍රධානතම රීතියක් වෙන්නේ රේඛා 3ක් ඔස්සේ සැකැස්ම නිර්මාණය කිරීමයි:

1. අහස (Shin - Heaven) 🌌

2. මිනිසා (Soe - Human) 👤

3. පොළොව (Hikae - Earth) 🌍

මේ අංග තුන එකතු වෙලා මිනිසා, සොබාදහම සහ විශ්වය අතර තියෙන සමතුලිතතාවය සහ බැඳීම මල් සැරසිල්ලක් හරහා සංකේතවත් කරනවා.

🧘🏽‍♀️ ඉවසීම සහ සිත නිවීම,
いけばな කියන්නේ හදිසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය එක්තරා ආකාරයක භාවනාවක්. එක අත්තක් තියන්න ඕනේ කොයි පැත්තටද, මලක් ඇල කරන්න ඕනේ කුමන කෝණයකින්ද කියලා ඉතාමත් ඉවසිලිවන්තව සහ අවධානයෙන් තීරණය කරන්න ඕනේ.

🍂සොබාදහමේ තියෙන අසම්පූර්ණ බව (Imperfect beauty) අගය කරන්න いけばな අපිට කියා දෙනවා. සම්පූර්ණයෙන්ම පිපුණු මලකට වඩා, හෙට පිපෙන්න තියෙන පොහොට්ටුවක සහ වියළී වැටෙන්න ආසන්න කොළයක තියෙන සුන්දරත්වය මේ කලාව ඇතුළේ දකින්න පුළුවන්.

කාර්යබහුල ජීවිතේ අතරමං වෙලා ඉන්න අපිට, හිත නිහඬ කරගන්න, සොබාදහමට ලංවෙන්න කියාදෙන අපූරු පාඩමක් තමයි いけばな කියන්නේ! ❤️

ඔබත් ඔබේ නිවසේ මෙවැනි නිදහස්, චාම් මල් සැරසිල්ලක් කරන්න කැමතිද? අදහස් කියාගෙන යන්න. 👇✨

31/05/2026

🇯🇵 ජපානයේ සිටින ඔබ සඳහා SSW - Food Service (転職)
රැකියා අවස්ථා! 🇯🇵

ඔබ ජපානයේ Job Change අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? SSW Food Service ක්ෂේත්‍රයේ ඇති රැකියා අවස්ථාවන් සඳහා දැන් ඔබට අයදුම් කළ හැකියි.

Location 📍

📍Nagoya
📍Osaka
📍Kyoto
📍Tokyo
📍Fukuoka (Girls only)
📍Nagano (Below 29 yrs Girls Only)

✅ අවශ්‍ය සුදුසුකම්:

JFT හෝ JLPT N4 සමත්ව තිබීම.
SSW Food Service Skill Test සමත්ව තිබීම.
Food Service රැකියා අංශයේ පළපුරුද්ද.

විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🎌💯✅🤝

🏢 Emiyo Lanka Pvt Ltd
📩 WhatsApp: +94 70 778 0811
https://wa.me/94707780811

#転職 #履歴書 #転職 #特定技能

Photos from Emiyo Lanka Pvt Ltd's post 27/05/2026

🇯🇵..... සුන්දර ජපානයේ තතු..... 🇯🇵

🍵🇯🇵ජපානයේ සාම්ප්‍රදායික තේ කලාව (Japanese Tea Ceremony) හෙවත් "චදෝ" (Chado / Sado). 🍵🇯🇵

🍵 තේ කෝප්පයක නිහඬ ආධ්‍යාත්මය.... ජපානයේ ‘චදෝ’ කලාව 🍵🥰
ජීවිතය කියන්නේ මහා වේගයකින් දුවන රේස් එකක් වුණු ලෝකයක, මොහොතකට නතර වෙලා, හුස්මක් අරන්, ඒ ගෙවෙන තත්පරය විඳින්න ඔබට පුළුවන්නම්?

ජපන් ජාතිකයින්ට ඒකට අපූරු කලාවක් තියෙනවා. ඒ තමයි "චාදෝ" (Chado) නැත්නම් "තේ කලාව". හැබැයි මේක නිකම්ම නිකන් තේ එකක් හදලා බොන එක විතරක් නෙවෙයි; ඒක ආධ්‍යාත්මික භාවනාවක්! 🍵🧘‍♂️🧘‍♀️

"තේ කලාව" පිටුපස ඇති රහස.........

මේ කලාව පදනම් වෙලා තියෙන්නේ ප්‍රධාන සංකල්ප 4ක් මතයි,

1. Wa (සංහිඳියාව): අවට පරිසරය සහ මිනිසුන් අතර ඇති එකඟතාව.

2. Kei (ගෞරවය): තේ පැන් සංග්‍රහයට එන සෑම කෙනෙකුටම සහ භාවිතා කරන උපකරණවලට පවා දක්වන උපරිම ගෞරවය.

3. Sei (පිරිසිදුකම): සිතත්, ගතත්, අවට පරිසරයත් එකසේ පිරිසිදුව තබා ගැනීම.

4. Jaku (නිශ්ශබ්දතාව / සන්සුන්කම): මේ සියල්ල කෙළවර සිතට දැනෙන මහා නිදහස.

"ඉචිගෝ ඉචියේ" (Ichigo Ichie) 🥰
ජපන් තේ කලාවේ එන ලස්සනම දර්ශනයක් තමයි මේ. මෙහි තේරුම "එකම එක හමුවීමක්, එකම එක මොහොතක්" කියන එකයි. අද අපි මේ බොන තේ කෝප්පය, මේ ඉඳගෙන ඉන්න පරිසරය, මේ මුණගැසුණු මිනිස්සු ආයෙත් කවදාවත් මේ විදිහටම ජීවිතයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මේ ගෙවෙන මොහොත උපරිමයෙන්ම විඳින්න!

🍵හරිත වර්ණ 'මච්චා' (Matcha) සහ කලාව🍵
සුවිශේෂී කොළ පැහැති 'මච්චා' (Matcha) තේ කුඩු, උණ බම්බුවෙන් හදපු කුඩා උපකරණ (Chasen) භාවිත කරලා ඉතාම සෙමින්, පිළිවෙලකට කලවම් කරන විදිහ පවා බලන් ඉන්න ආස හිතෙන දර්ශනයක්. කිසිම කලබලයක් නැහැ. ඒ හැම චලනයකම තියෙන්නේ අපූර්ව ශාන්ත බවක්.

කාර්යබහුල ජීවිතෙන් මිදිලා, හිත නිවන්න, ජීවිතේ "දැන්" ගෙවෙන මොහොත විඳින්න ජපන් තේ කලාව අපිට කියාදෙන පාඩම කොච්චර වටිනවද?

ඊළඟ පාර තේ එකක් බොනකොට, ෆෝන් එක පැත්තකින් තියලා ඒ රසය විඳින්න මොහොතක් වෙන් කරගන්න. 💚

27/05/2026

🇯🇵 ජපානයේ සිටින ඔබ සඳහා SSW - Food Service සහ Food Bavarage & Manufacturing රැකියා අවස්ථා! 🇯🇵

ඔබ ජපානයේ Job Change අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? SSW Food Service සහ Food Bavarage & Manufacturing ක්ෂේත්‍ර වල ඇති රැකියා අවස්ථාවන් සඳහා දැන් ඔබට අයදුම් කළ හැකියි.

✅ අවශ්‍ය සුදුසුකම්:

JFT හෝ JLPT N4 සමත්ව තිබීම.
SSW Food Service / Food Bavarage & Manufacturing Skill Test සමත්ව තිබීම.

අවු 29 ට අඩු ගැහැණු අය සදහා

විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🎌💯✅🤝

🏢 Emiyo Lanka Pvt Ltd
📩 WhatsApp: +94 70 778 0811
https://wa.me/94707780811

#転職 #履歴書 #転職 #特定技能

26/05/2026

🇯🇵.....සුන්දර ජපානයේ තතු..... 🇯🇵

☀️🌸 ජපානයේ වසන්තය සමුගනී☀️🌸 "සුයු" වැස්සෙන් ඇරඹෙන ගිනියම් ගිම්හානය! 🇯🇵🌦️

සකුරා මල්වල සුන්දරත්වයයි, වසන්තයේ සීතල මුසු සුළඟයි හෙමින් සීරුවේ ජපානයට සමුදෙමින් පවතිනවා. දැන් ජපානය ලෑස්ති වෙන්නේ තමන්ගේ වසරේ රස්නෙම කාල පරිච්ඡේදය වන ග්‍රීස්ම සෘතුවට (Summer) අවතීර්ණ වෙන්න. ☀️

හැබැයි ජපානයේ රස්නේ කාලය පටන් ගන්නේ කෙලින්ම තද අව්වෙන් නෙවෙයි; ඒකට අපූරු පෙරවදනක් තියෙනවා. ඒ තමයි "සුයු" (Tsuyu - 梅雨) එහෙමත් නැත්නම් ජපානයේ වස්සාන කාලය! මැයි අග සහ ජූනි මාසය පුරා ඇද හැලෙන මේ හදිසි වැසි වැටෙන්නේ සොබාදහමට අමුතුම ලස්සනක් එකතු කරමින්. මේ දිනවල පරිසරය පුරා දම් සහ නිල් පාටින් පිපෙන "අජිසායි" (Hydrangea) මල් වසන්තයේ අවසානය සහ වැසි සමයේ සුන්දරත්වය කියාපාන අපූරු දසුනක්! 🪻🌧️

වැසි සමය අවසන් වූ සැණින්, ජූලි සහ අගෝස්තු වෙද්දී ජපානය සැබෑ ගිනියම් දේශයක් බවට පත්වෙනවා. ලංකාවේ රස්නයට වඩා මෙහි රස්නය වෙනස් වෙන්නේ තදින් දැනෙන ඇලෙන සුළු ආර්ද්‍රතාවය (Humidity) නිසයි.😨🥴

හැබැයි මේ රස්නය අස්සේ වුණත් ජපානයේ ගිම්හානය කියන්නේ සංස්කෘතික සැණකෙළි (Matsuri), අහස සිසාරා විහිදෙන වර්ණවත් ගිරිබාණ සංදර්ශන (Hanabi), වගේම රසවත් සීතල අයිස් ක්‍රීම් සහ නූඩ්ල්ස් වර්ග (Kakigori & Somen) රසවිඳින්න ලැබෙන සුපිරිම කාලයක්! 🍦🍜🍝

26/05/2026

comment the correct answer... ✅







Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00