23/04/2026
විද්‍යාව කෙටි සටහන් හොදම පොත්.❤️😍
ගොඩක් ලමයි අහන දෙයක් හොද කෙටි සටහන් පොතක් තෝරගන්නේ කොහොමද කියලා....
වාරෙන් වාරෙට වැඩි ලකුණු ගන්න උදව් වෙන දෙයක් තමයී කෙටි සටහන් පොත් කියන්නේ.
මම නිර්දේශ කරන හොදම පොතක් මේක ....😍💌🎓තවත් පොත් ඕන තරම් තියෙනවා ඒ අතරින් මේ පොත් ඉහළ තැනක තියෙනවා..මොකද ඔයාලට පැහැදිලිව මතකෙට දා ගන්න මේ පොත් වලින් හැකියාව ලැබෙනවා....
(හොද නිශ්පාදනයක් නිසයී පෝස්ට් එක දැම්මේ
අපේ දුවා දරුවන් වෙනුවෙන්..මේ පොතනම් මට ලැබුනු තෑග්ගක් මගේ ගෝලයෙක්ගෙන්ම 😙❤️)
#මසිතකෙටිසටහන
#විද්‍යාව
21/04/2026
SCIENCE HOME VISIT INDIVIDUAL CLASS📚🔬
🌟 Personalized Home Classes for Grades 6 – 11
👩🏫 Conducted by Dilinika Teacher
✅ Individual Attention✅ Easy Lessons & Clear Explanations✅ Homework Support✅ Exam Preparation✅ Past Papers & Revision
🎯 Special Guidance for O/L Science Students.
🏠 Home Visits Available in Colombo
📞 Call / WhatsApp: 071 40 79 262
✨ Help Your Child Achieve Higher Results in Science! ✨
02/04/2026
මේ මල් එක ඔයාට....🥰ෆේල් වෙලා අඩ අඩ ඉන්න ඔයාට...S තුනක්වත් නැද්ද ..ආ කමක් නෑ.....
Results ඇවිත් හොදින් පාස් වුනු සිසුන්ට නෙමෙයී පාස් නොවුන හිතින් වැටිලා ඉන්න සෙට් එකටයී මේ කතා කරන්නේ..
ආයේ පාරක් ලියමූ 🫵 ඔයාට බැරි නෑ..
ඔයා SSS පාස් තුනවත් නැත්නම් කලින්ට වඩා ඔලුවට අරන් හොදට පාඩම් කරමු.හරියට උවමනාවෙන් ගේම ගහන්න...ඒක කරන්න බැරි දෙයක් නෙමේ..OL පාස්නේ ඔය ඇති කොහේ හරි රස්සාවක් කරනවා ආයෙනම් බෑ ලියන්න..ඔහොම පිස්සු කතානම් හිතන්නවත් එපා..මොකද AL ඕනේ...අඩුම පාස් එකවත්...නැත්නම් මේ ලංකාවෙනම් ලොකු රස්සා නෑ.....
සාමාන්‍ය පවුලකනම් ගේම ගහලා ගොඩ යන්නම එපෑ නේද....🥺😊🙂
ඔව් ඔයාට පුලුවන්..හිතින් වැටෙන්න එපා එන්න ආයෙත් වැඩ පටන් ගමු.....🔥❤️🌸
Dilinika Randunu
Chuti Teacher - චූටි ටීච
01/04/2026
පෘථිවියෙන් එහාට තවත්
පියවරක නැවත ආරම්භය....🚀🌕මේ වටේ හද බලන්න යන අපූරු ගමනක්..දැවැන්ත ජයග්‍රාහී පියවරක්....
අප්‍රේල් 2 දින අලුයම (ශ්‍රී ලංකා වේලාවෙන්) අද දින NASA විසින් ඓතිහාසික Artemis II මෙහෙයුම සාර්ථකව ආරම්භ කෙරුනා..මතක සටහනක් ලෙසත් මෙසේ ලිපියකට තොරතුරු බිදක් ගොනු කරමු...
බලවත් Space Launch System (SLS) රොකට්ටුව, Orion spacecraft යානය සමඟ අහසට නැගෙමින්, මනුෂ්‍ය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළා..
🚀 මෙම මෙහෙයුමේ විශේෂත්වයක් තිබේ.
මෙය Apollo 17 පසුව වසර 50කට අධික කාලයකට පසු මිනිසුන් සහිතව හඳ දෙසට යන පළමු මෙහෙයුමක්.
මෙම මෙහෙයුම හඳ මත ගොඩබැසීමක් නොව “lunar flyby” එකක් වෙනවා ...🌕
යානය හඳ වටා ගමන් කර ආපසු පෘථිවියටම එන්නයී ගියේ..
ගමනේ සම්පූර්ණ කාලය දළ වශයෙන් දින 10 -11 ක් පමණ වෙයි..
🚀 SLS – අති බලවත් රොකට් පද්ධතිය
Space Launch System යනු NASA විසින් මෙතෙක් නිපදවා ඇති අතිශය බලවත්ම රොකට්ටුවයි.
බහු-ස්තර propulsion පද්ධතියක් භාවිතා කරයි
පෘථිවියේ ගුරුත්වාකර්ෂණය ඉක්මවා යාමට අවශ්‍ය දැවැන්ත තෙරපුම සපයයි.
deep space missions සඳහා නිර්මාණය කර ඇත
🛰️ Orion – මිනිස් ගමන් සඳහා නිර්මාණය කළ නවීන යානය
Orion spacecraft යානයේ විශේෂතා තියෙනවා,,
ගගනගාමීන් 4 දෙනෙකු රැගෙන යා හැකිය.
advanced life support system සහ radiation protection තියෙනවා.
high-speed re-entry (පෘථිවියට ආපසු පැමිණීමේදී අති උණුසුම් වේගයක්)
සම්පූර්ණ autonomous navigation system එකක්.
🌓 අනාගත පියවර මොනාද???– Artemis Program
මෙම මෙහෙයුම, NASA හි Artemis program වැඩසටහනේ වැදගත් පියවරකි.
ඉදිරියේදී:
Artemis III → නැවතත් මිනිසුන් හඳ මත ගොඩබැසීම 🌕
2030 දශකය තුළ Moon base එකක් සදහා පදනම සකස් කිරීම
මෙවැනි ඓතිහාසික මොහොතක් අපට මතක් කර දෙන්නේ,
විද්‍යාව, තාක්ෂණය සහ මනුෂ්‍ය කැපවීම එක් වූ විට
“අසීමිතය” කියන වචනයත් සීමාවක් නැති බවයි.
අපි දකින හඳ ගමන නිකම්ම ගමනක් නොව,
මනුෂ්‍ය සිහිනවල අනාගතය වෙත යන පියවරකි. 🌍🚀❤️🔥
Dilinika Randunu
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන්.
📸 Photo Credit: