Students' Union of UCSC

Students' Union of UCSC

Share

Students' Union of University of Colombo School of Computing

07/06/2026

21 න් 22ට ❤️





AVENORA 22

29/05/2026

☸️සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වීම,සිද්ධාර්ථ තාපසයාණෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ ගෞතම සම්බුද්ධ පරිනිර්වාණය සිදු වීම යන උතුම් සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පොහෝ දිනය අදයි...

එමෙන්ම,
☸️සුමේධ තාපසයාණෝ දීපංකර බුදුරාජාණන් වහන්සේගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම
☸️සිඳුහත් කුමරුන්ට අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දැකීම
☸️බුදුරජුන් ශාක්‍යයන්ගේ මානය දුරැලීමට යමා මහා පෙළහර පෑම
☸️ධර්මාශෝක අධිරාජ්‍යයා එවු පංච කකුධ භාණ්ඩ සමඟ දේවානම්පියතිස්ස මහ රජතුමා දෙවන වරට රාජාභිෂේක වීම
☸️දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ කටයුතු ආරම්භ කිරීම
☸️බුදුරජුන් තෙවැනිවර කැලණියට වැඩම කිරිම සහ සමනල කඳු මුදුනේ ශ්‍රි පාද පද්මය පිහිටුවීම
☸️විජයාගමනය සිදු වීම
☸️බුදුරාජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වු ආනන්ද මහා රහතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක් ආයු වළඳා පරිනිර්වාණය කරා එළඹිම
යන බුද්ධ ශාසනයට පමනක් නොව මහත් ඉතිහාසයටම අමරණීය මතක රැසක් එක් වූ ඒ පින්බර වෙසක් පොහොය දිනය අදයි...

ඔබ සැමට සම්මා සම්බුදු ගුණ මහිමෙන් කරුණාව, දයාව, මෛත්‍රිය උතුරා යන සියලු සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා...!

27/05/2026

Eid al-Adha Mubarak 🌙✨

Wishing everyone a blessed and joyful Eid filled with peace, happiness, compassion, and togetherness. May this sacred occasion bring countless blessings, strengthen bonds, and inspire the spirit of sacrifice and kindness in our communities. 🤍

22/05/2026

Remembering Vidya Jyothi Professor V. K. Samaranayake on his 87th birth anniversary.

A visionary educator, pioneer of computing in Sri Lanka, and the founding force behind the University of Colombo School of Computing, his remarkable legacy continues to inspire generations and shape the future of ICT in our nation.

Students' Union
University of Colombo
School of Computing.

20/05/2026

රබන් සුරල් ගී හඬ මැද
කැවුම් කොකිස් කද බැඳගෙන
අලුත් පැතුම් පුරවා ගෙන
පුරවර සරසවියට අවාරේ අවුරුදු සිරි
කැන්දූ
UCSC අවුරුදු 2026 !!

වීඩියෝ සංස්කරණය : යසිරු ලකින්ත




17/05/2026

විසිතුරු සංස්කෘතිකාංග සහ ජන ක්‍රීඩා රැසකින් හැඩවුණු UCSC බක් මහ උළෙල 'අවාරේ අවුරුදු 2026' පසුගියදා අතිශය සාර්ථක අන්දමින් නිමාවට පත්විය. ☀️

මෙම සුන්දර දිනය සතුටින් සහ සිනහවෙන් පිරුණු නොමැකෙන මතකයක් බවට පත් කිරීමට, අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! ❤️✨

15/05/2026

UCSC අවුරුදු 2026 නව දිනයකින්...🌞

2026ක් වූ මැයි මස 16 වනදා කොලඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී... ✨

13/05/2026

Due to the bad weather conditions, ' *Aware Awurudu* ' has been postponed. New date coming soon 🌧️

12/05/2026

සූදානම්ද කොළඹ යන්න? ඔන්න අපේ ගම් මුලාදෑනීයයි, හාමිනේයි, වැඩකාර උන්නැහේයි තුන්දෙනාම කොළඹ යන්න ලෑස්ති වෙලා ඉන්නේ!

හැබැයි මේ යන්නේ නිකම්ම නෙවෙයි, අවාරේ ආපු අවුරුද්ද සමරන්නයි. ගම්මුලාදෑනියාටත් කලින් වැඩකාර උන්නැහේ නම් ලෑස්ති වෙලා වගෙයි.

එන්න ඔබ සැමටත් විවෘතයි!
📅 දිනය: මැයි 13
⏰ වේලාව: පෙ.ව. 8.00 සිට
📍 ස්ථානය: කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණය

නැකතක් නැති වුණාට මොකද, සතුටට නම් වෙලාවක් ඕනෙම නැහැනේ. අපිත් එක්ක එකතු වෙන්න *"අවාරේ අවුරුදු 2026"* සැමරුමට! 🎊✨

12/05/2026

අවාරේ අවුරුද්දට ucsc අපේ ලක ලෑස්තිය...🌾🌞

#අවාරේඅවුරුදු

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No. 35, Reid Avenue
Colombo