21/06/2026
ගණේමුල්ල දුම්රිය ස්ථානයේ ප්‍රජා ශ්‍රම දායකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මකකරන ලදී..
ප්‍රදේශයේ කාන්තා සමිතියක් සහ සුභද්‍රාරාම සුගත දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපියන් එක්ව මෙහි මූලික සංවිධානකටයුතු කරන ලදී.
පරාර්ථකාමී මිනිසුන් ලෝකය වඩාත් ලස්සන කරයි ..........!
21/06/2026
මරදාන පිරිසිදු කිරීමේ ජාතික ශ්‍රමදාන වැඩසටහන අද ආරම්භ වේ..! 🇱🇰✨
‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් සහ ‘Clean Maradana’ සංවිධානයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය මූල්‍ය හා ශ්‍රම දායකත්වය සපයයි.
එමෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය සහායද මෙම ජාතික මෙහෙවරට හිමි වේ.
පිරිසිදු මරදානක් – අභිමානවත් ශ්‍රී ලංකාවක්! 🇱🇰🚉✨
20/06/2026
අඩි 2 X 2 අලිගැවසේ අවවාධාත්මක පුවරු වල ඇලවීම සඳහා
20/06/2026
අඹේවෙල – නානුඔය දුම්රිය මාර්ගය යථාවත් කිරීම සම්බන්ධව NBRI තැබූ සටහන ... 🛤️
2025 නොවැම්බර් 27 දින “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි නායයෑම් තත්ත්වය නිසා අඹේවෙල – නානුඔය අතර දුම්රිය මාර්ගයට බරපතළ හානි සිදුවිය. එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI), මෙම අත්‍යවශ්‍ය දුම්රිය සම්බන්ධතාව යථා තත්ත්වයට පත් කිරීම හා අනාගත අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය ඉංජිනේරු සැලසුම් සහ අධීක්ෂණ කටයුතු සිදු කළේය.
⏱️ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූ ආකාරය
🔹 2025 නොවැම්බර් 27 – නායයෑම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවූ අතර, දුම්රිය ධාවනය අත්හිටුවා මූලික තාක්ෂණික ඇගයීම් ආරම්භ කෙරිණි.
🔹 2026 ජනවාරි මැද භාගය – NBRI විශේෂඥ කණ්ඩායම් විසින් අනාගතයේදී බෑවුම් අස්ථාවරතාවන් පාලනය කිරීම සඳහා Geo-grid ස්ථර, Gabion ව්‍යුහ සහ නවීන ජලාපවහන පද්ධති ඇතුළත් ඉංජිනේරු සැලසුම් සකස් කරන ලදී.
🔹 2026 පෙබරවාරි 27 – ස්ථානීය කටයුතු ආරම්භ කරමින් සුන්බුන් ඉවත් කිරීම හා භූමිය සකස් කිරීමේ කටයුතු ආරම්භ විය.
🔹 2026 පෙබරවාරි සිට ජූනි දක්වා – NBRI ආයතනයේ අධීක්ෂණය යටතේ Sanguine Engineering (Pvt) Ltd ආයතනය විසින් බෑවුම් ස්ථායීකරණය, ජලාපවහන වැඩිදියුණු කිරීම සහ ව්‍යුහාත්මක ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදු කරන ලදී.
🔹 2026 ජූනි 20 – ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර දුම්රිය මාර්ගය යළි මහජන සේවයට විවෘත කරන ලදී.
🤝 ආරක්ෂිත අනාගතයක් සඳහා වූ කැපවීම
මෙම ව්‍යාපෘතිය, “Reduction of Landslide Vulnerability by Mitigation Measures Project” යටතේ ක්‍රියාත්මක කළ සාර්ථක නායයෑම් අවම කිරීමේ මැදිහත්වීමකි. නවීන භූ-තාක්ෂණික විසඳුම් ක්‍රියාත්මක කිරීම තුළින් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව, මගී ආරක්ෂාව තහවුරු කිරීම, ප්‍රාදේශීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ දේශගුණික අවදානම්වලට ඔරොත්තු දිය හැකි යටිතල පද්ධතියක් ගොඩනැගීමද අරමුණු කර ඇත.
මෙම කඩිනම් හා සාර්ථක ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ NBRI, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, Sanguine Engineering (Pvt) Ltd ආයතනය සහ සියලු ක්ෂේත්‍ර නිලධාරීන් වෙත අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු.
දැන් යළිත් උඩරට දුම්රිය මාර්ගය ආරක්ෂිතයි..!🚂✨
20/06/2026
අභියෝග පරදා මිනිස් ශ්‍රමයේ වටිනාකම ලියූ දුම්රියේ වීරයා...❤️💐❤️💐
"දිට්වා" සුළි කුණාටුවේ දරුණු ප්‍රහාරයෙන් උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල අතර කොටස මුළුමනින්ම පාහේ විනාශ වී යද්දී, බොහෝ දෙනෙකු සිතුවේ බදුල්ල බලා යළි දුම්රියක් ධාවනය කිරීමට මාස ගණනාවක කාලයක් ගතවනු ඇතැයි කියාය. මහා පරිමාණයෙන් කඳු කඩා වැටී, රේල් පීලි ඇඹරී, ප්‍රපාත නිර්මාණය වෙමින් සිදුව තිබූ ඒ මරණීය විනාශය දෙස බැලූ ඕනෑම අයෙකු අධෛර්යමත් වීම සාධාරණ වුවත්, ලංකාවේ දුම්රිය සේවයේ ඉංජිනේරුවරුන් සහ සේවකයන් යනු හුදෙක් රාජකාරියට පමණක් සීමා වූ පිරිසක් නොවන වග ඔවුන් නැවත වරක් ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇත.
කළ නොහැක්කක් ලෙස පෙනුණු මේ මහා දුෂ්කර මෙහෙයුම සාර්ථක කර ගැනීම වෙනුවෙන් පෙරමුණ ගනිමින් ඊට විශිෂ්ට නායකත්වයක් සපයනු ලැබුවේ දිස්ත්‍රික් ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා විසිනි.
සුළි කුණාටුවෙන් පසු උදාවූ අහිතකර කාලගුණය, කඳුකරයේ අධික සීතල, මඩ සහ අනතුරුදායක වටපිටාව මැද වුවද, තමන්ගේ කණ්ඩායම නිවැරදිව මෙහෙයවන්නට ඔහු සමත් විය.
තීරණාත්මක මොහොතක ඔහුගේ තාක්ෂණික ඥානය සහ නොසැලෙන නායකත්වය මුළු මහත් රාජ්‍ය සේවයටම සැබෑ ආදර්ශයක් සැපයූ බව නොරහසකි.
ඉංජිනේරු මහතාගේ සැලසුම් පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක මහතුන් දැක්වූ දායකත්වය සහ කැපවීම වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. දැඩි ශීතලටත්, මහ වැස්සටත් නොබියව මුහුණ දෙමින්, නිදිවර්ජිතව දිවා රෑ නොබලා ඔවුන් හැලූ දහඩිය බිඳු, ඇඹරී ගිය යකඩ පීලි මතින් යළිත් යා කළේ මඟීන් දහස් ගණනකගේ බලාපොරොත්තු වේ.
හැමෝම අතහැර දැමූ තැනකින් ඇරඹි මේ අසමසම සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, අද (20) දින සිට බදුල්ලේ සිට නානුඔය දක්වා දිනකට දුම්රිය වාර 4ක්ම ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
පටු ප්‍රසිද්ධියක් හෝ වාසි අපේක්ෂා නොකර, පොදු ජනතාවගේ සුබසෙත වෙනුවෙන් රාජකාරිය පළමු කරගත් ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා ඇතුළු ඒ සැබෑ වීරයන් කණ්ඩායමට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම ප්‍රණාමය සහ උත්තමාචාරය හිමිවිය යුතුමය.
20/06/2026
ගෙදර ඉදන් හදපල්ලා හදපල්ලා කිව්වට...
මේවා හදන්නේ මෙන්න මෙහෙම ඉතා මහන්සියෙන්, අවම පහසුකම් යටතේ .. 💔
ගොඩක් අය හිතන් ඉන්නේ පාරක් උඩින් රේල් පීළි දාගෙන යන්න විතරයි තියෙන්නේ කියලා... 😂🤣
20/06/2026
අති දුෂ්කර රාජකාරී පරිසරය...
20/06/2026
දිගුකලක නිහැඬියාව බිඳමින්
අද සිට නානුඔය සිට බදුල්ලට
දුම්රිය ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් අද (20) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කුණාටුවේ බලපෑමෙන් අඹේවෙල – නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 78 ප්‍රදේශයේදී මාර්ගයට දැඩි හානි සිදුව තිබූ අතර, එම ස්ථානයේ දුම්රිය මාර්ගය අඩි 65ක ගැඹුරකට, අඩි 100ක පළලකට සහ අඩි 120ක දුරකට විනාශ වී තිබුණා.
මෙම තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත් අතර, දුම්රිය සේවා බදුල්ල සහ අඹේවෙළ දක්වා පමණක් ක්‍රියාත්මක කෙරුණා.
කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි කැපවීම සහ අඛණ්ඩ උත්සාහය මත හානියට පත් මාර්ග කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වූ බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා සඳහන් කළා.
ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව ද වාර්තා වනවා.