23/06/2026
Empty wallet before the month even ends?
_Saving isn't about how much you make. It's about how you spend._
_The Problem_ : Buying everything you like leaves zero room for savings.
_The Solution_ : Prioritize Needs (food, shelter) first. Manage Wants (cool tech, trends) with what's left!
Sort your cart, secure your future!
23/06/2026
ශ්‍රී ලංකාව 5.1%ක ආර්ථික වර්ධනයක් සමඟ ස්ථාවරත්වය කරා...
දැඩි ආර්ථික අර්බුදයකින් පසු, 2026 පළමු කාර්තුවේදී ලංකාව ලැබූ 5.1%ක ආර්ථික වර්ධනය හුදෙක් සංඛ්‍යාවක් නොව, මූල්‍ය විනය හා ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයකි.
සංචාරක, කර්මාන්ත හා සේවා අංශවල පිබිදීමත් සමඟ GDP අගය ඉහළ ගිය ආකාරය පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.
නුල්නිදු පෙරේරා,
සාමාජික, වාණිජ සංගමය,
නාලන්දා විද්‍යාලය.
23/06/2026
Think your cash is 100% safe sitting in a vault? But not from Inflation!
_Inflation slowly erodes your purchasing power over time. Due to Too much money purchasing too few goods._
Don't just save. Invest! Spread your money out (diversify) so it grows faster than the rising prices.Fight back and protect your wealth!
Stay tuned for more!
23/06/2026
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන වඩාත්ම සාමකාමී රට ලෙස ඉදිරියට...
2026 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙවන වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත වීම රටේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳ වැදගත් සලකුණකි.
අතීත අභියෝගවලින් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනඟන සාමකාමී පරිසරය සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය පිළිබඳ විග්‍රහයක් මෙම ලිපිය තුළින් ඉදිරිපත් කරයි.
චිරාන් ලේකම්ආරච්චි,
සාමාජික,
වාණිජ සංගමය,
නාලන්දා විද්‍යාලය
07/06/2026
Putting all your assets in one basket is risky. Especially with your money!
_That’s where Portfolio Diversification comes in!_
Dumping all your savings into a single asset leaves you vulnerable.
Mix it up: Split your cash across stocks, real estate, or fixed deposits.
Protect yourself: If one investment drops, your others keep you safe.
Stay tuned for more!
06/06/2026
ලොව 6 වැනි විශාලතම කොටස් වෙළෙඳපොළ බවට පත් වූ දකුණු කොරියාව..
2026 වසරේදී දකුණු කොරියාව ලොව 6 වැනි විශාලතම කොටස් වෙළෙඳපොළ හිමි රට ලෙස ඉදිරියට පැමිණ තිබේ. එරට කොටස් වෙළෙඳපොළ වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙම ජයග්‍රහණයට හේතු වී ඇත.
AI, අර්ධ සන්නායක කර්මාන්තය සහ තාක්ෂණික නවෝත්පාදන මගින් මෙහෙයවනු ලබන මෙම වර්ධනය, ගෝලීය ආර්ථිකයේ දකුණු කොරියාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.
ලවිරු දුල්මික,
සාමාජික,
වාණිජ සංගමය,
නාලන්දා විද්‍යාලය
04/06/2026
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම බවට පත් වූ ඩයලොග්...
Dialog Axiata PLC ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම ලෙස පසුගියදා සිය ස්ථානය තහවුරු කරගන්නා ලදී.
තාක්ෂණික නවෝත්පාදන, ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික විශ්වාසය මත ගොඩනැගුණු Dialog සමාගමේ මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහ ආයෝජන පරිසරයට නව මානයක් එක් කරයි.
ඩී.එම්. දිසත් දම්නිඳු,
සාමාජික,
වාණිජ සංගමය,
නාලන්දා විද්‍යාලය
30/05/2026
ෆලූඩා දන්සල - 2026
උදාර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාලන්දා විද්‍යාලයීය වාණිජ සංගමය (NCCS) මගින් සංවිධානය කරනු ලැබූ "ෆලූඩා දන්සල" සාර්ථක කර ගන්නට උදව් උපකාර කළ සියලුම දෙනාට අපගේ ස්තූතිය ! ✨️
එමෙන්ම මුදලින් පරිත්‍යාග කල .koralage
akalanka
ටත් ගෞරවනීය ස්තුතිය පුද කරමි.
29/05/2026
_ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!_
සංකීර්ණ ලෝකයක වෙසක් උදාව අපට සිහිපත් කරන්නේ, බාහිර ලෝකය ජය ගැනීමට පෙර තමන් දෙසම හැරී බැලීමේ වැදගත්කමයි.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර දිනයේ, උන්වහන්සේ දේශනා කළ සදාකාලික දහම අප ජීවිතවලට එකතු කරගනිමු. එය එදිනෙදා අභියෝග මැද වුවද කරුණාවෙන් හා සිහිනුවණින් ක්‍රියා කරමින් ආධ්‍යාත්මික සුවය සහ ජීවිතයේ සැබෑ යථාර්ථය වටහා ගැනීමට අපට මඟ පෙන්වනු ඇත.
ලක්වැසි ලෝවැසි සැමට සද්ධර්මයේ සිසිලසින් සිත් නිවෙන, අර්ථවත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!