B The Change

B The Change

Share

Be The Change

Photos from B The Change's post 30/10/2024

මහ දැනමුත්තට palliative care

ලෝකප්‍රසිද්ධ මහ දැනමුත්තට Cancer එකක් හැදිල. සුවසැරිය ambulance එකෙන් තමය් ඉස්පිරිතාලෙට ගේන්නේ. සනීප කරන්න බෑලු.
මුත්තා පණ අදිනවා.
ගෝලයෝ රංචුව දේපල බෙදා ගන්න රණ්ඩු වෙනවා.
කෝටුකිතයියා master bed room එක අයිති කරගෙන.
පුවක් බඩිල්ලයි රබ්බඩ අය්යයි car එකට මරා ගන්නවා.
මුත්තා මර ලතෝණි දෙනවා.
ඔය අතරේ තමයි palliative care team එක වැඩේට සම්බන්ද වෙන්නේ.

මහ දැනමුත්තට සහන සත්කාර, පවුලේ අයට counseling..........
හැමෝම සතුටින් විසිර යනවා

මේ අද palliative care දිනය නිමිත්තෙන් මහ නුවර හෙද විදුහලේ සිසුවියන් විසින් ඉදිරිපත් කල නාට්‍ය්යයේ කථා සාරාංශය.

11/03/2024

"ඔය බෙගෙත් නිකම් දෙන්න හොද නෑ
කීයක් හරි ගන්න ඕන
අපේ බදු සල්ලිනේ ඔය නාස්ති වෙන්නේ"

"ඒත්....
මොකක්ද ඇත්තටම රටක සෞඛ්‍යය සේවයක වගකීම?"

"මිනිස්සු ලෙඩ වෙන හේතු වලක්වනවා
ලෙඩ වුනාම අතුරු ආබාධ නැතිව ජීවත් වෙන්න උදව් කරනවා
අමාරු ලෙඩක් වුනොත් සනීප කරනවා
ආබාධ එක්ක ජීවත් වෙන්න උදව් වෙනවා"

"ඉතින්?"

"ඉතින් කියන්නේ...
ඔය මිනිස්සු වෙන ලෝකෙක
එහෙමත් නැත්නම්
වෙන රටක අය නෙවෙයි.
මහන්සිවෙලා කුඹුරු කොටන ගොවියෝ
පාඩම් උගන්වන ගුරුවරු
ෆැක්ටරිවල වැඩ කරන කම්කරුවෝ
ඉස්කෝලේ යන පුතාලා, දුවලා"

"ඒ කිව්වේ?"

"මිනිස්සු ලෙඩ වෙන එකෙත්
තව කෙනෙක් මත යැපෙන්න වෙන එකේත්
පාඩුව... රටට
හැම මනුස්සයෙක්ගෙම ......
හැම තත්පරයක්ම.....
හැම විනාඩියක්ම ......
රටකට වැදගත්"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"සෞඛ්‍ය්ය සේවය කැප වෙනවා
රෝග වලක්වන්න.
රෝගී උනොත් ඉක්මණින් යථා තත්වයට පත් කරන්න."

"ඒ කියන්නේ වගකීම තේරුම් ගත්ත සෞඛ්‍යය සේවයක් කියන්නෙ රටකට නාස්තියක් නෙවෙයි...".
"ආයෝජනයක්...."

"ඒත්...."

"ඒත් කිව්වේ?"

"ඒ ....
වගකීම තේරුම් ගත්තොත්"

B The Change

24/08/2023

ආංඩුවේ ඉස්පිරිතාලෙට යන්න අදුරන කවුරුහරි ඉන්නම ඕනිද?

08/07/2023

ලෝකල් පර්චර්ස්.....

දයානන්ද මාමාට සහලවලා උණ
මහ ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මේ මහ රෑ
ආ වෙලාවේ ඉදල ඇටෙන්ඩන් මහත්තුරු මිසීලා දොස්තර මහත්තුරු කඩි වගේ වැඩ.
ඒත් අව්ලක්......
දෙන්න ඕනි බෙහෙත නෑලු....
local purchase කරන්න ඕනිලු..
දුන්න පෙතිවලට දාඩිය දාලා උණ බැස්සා. ආයෙත් වෙව්ලලා උණ ගන්නවා. එළිවෙනකල් නින්දක් නෑ. ඒ මදිවට ප්‍රෙෂර් එකත් අඩු වෙලාලු

ඒත්..
මෙහෙම වුනේ අද විතරක් නෙවෙයි. ඊයේ, පෙරේදා, ඊට කලින් දවසේ, ගිය සතියේ, ගිය මාසේ විතරක් නෙවෙයි, අවුරුදු ගාණක්ම....

ඒ මොකද ඒ...

ඉස්පිරිලේ අත්‍යාවශ්‍යය බෙහෙතක් නැති වුනාම ලග තියෙන ඉස්පිරිතාවලින් ගෙන්න ගන්නවා. ඒත් නැත්නම් මධ්‍යම ඖෂධ ගබඩාවෙන් ඉල්ලනවා. එතනත් නැති උනාම අදාල රෝහලට මිළදී ගන්න අවසර දෙනවා.

ඒත්..

හැම රෝහලක්ම වෛද්‍යවරුන්ගේ මග පෙන්වීම මත ඊළග අවුරුද්දට අදාල ඇස්තමේන්තු නූලටම හදනවා. ඒ ගිය අවුරුද්දේ දත්ත පදනම් කරගෙන. ඊළගට
වෛද්‍ය සැපයුම් අංශය ලංකාවටම අවශ්‍යය ප්‍රමාණ ගණනය කරනවා. ටෙන්ඩර් කරනවා.
මේ හැම පියවරකටම වෛද්‍යවරුන්, පරිපාලකයන්, ඖෂ්ධවේදීන් හා අනිකුත් කාර්‍යයමණ්ඩල මහත් වෙහෙසක් දරනවා.
හැම පියවරක්ම විගණනයට ලක් වෙනවා.

හ්ම්ම්ම්ම්ම්..

ඒක හරිම සරල වැඩක්. ගමේ කඩේට බඩු ගේනවා වගේ. ප්‍රමාණ විතරයි වෙනස්.
ඔය රට පුරාම තියන super market ජාලා වල හරි අපූරුවට කරන්නේ.
Computer වලින් තවත් කාර්‍යක්ෂම කරන්න පුළුවන්

ඒත් එහෙනම් කොහොමද මේ අත්‍යාවශ්‍යයම බෙහෙත් මග ඇරෙන්නේ..

මේක බඩ අල්ලන් හිනා වෙන්න තරම් විහිළුවක්
හැබැය් මාරාන්තික විහිළුවක්
දයානන්ද මාමාගේ ජීවිතය වුණත් නැති වෙන්න තිබුනා.

ඒ වගේම තමය් මිල
මිල...
global ටෙන්ඩරයකින් ගන්නවට වැඩිය දහ ගුනයක් වැඩියෙන් ගෙවන්න වෙනවා.
Merapenam කියන බෙහෙත global ටෙනඩරයකින් ගත්තොත් රුපියල් හයසියකට ගන්න පුළුවන්. ඒත් local purchase කරනකොට හය දාහකටත් වැඩි වෙනවා.
ඒවගේම කාලය..
සෞඛ්‍යය සහායකයගේ සිට ඉහලම පරිපාලකයා දකවා එකම දෙයකට දෙසරයක් කාලය යොදවනවා.
ඒ වගේම දයානනද මාමාලා වගේ රස්තියාදු වෙන්න වෙන රෝගීන්ගේ කාලය. ඒ ගොල්ලන්ගෙන් රටට අහිමි වෙන ශ්‍රමය

ඉතින්

මේ වගේ අපේ ශ්‍රමය මුදල් නාස්ති කරලා මුළු පඩියම බදු විදිහට ගත්තත් වෙනස් වෙයිද?
ලෝකේ රටවල් ඔක්කොම නය දුන්නත් හැදෙයිද?

B The Change

Photos from B The Change's post 25/05/2023

හැමදාම කිය කියා ඉදලා විතරක් බෑ.

හැමදාම කොන්දේ කැක්කුම, බෙල්ලේ කැක්කුම, අතේ පයේ රුදාව කිය කියා ඉදලා හරියන්නේ නෑ. මේ වගේ ලෙඩ ඊළග පරම්පරාවට හරි උරුම නොකර ඉන්න එක අපේ වගකීමක්. ඇත්තටම මේ ගොඩක් ලෙඩවලට සැබෑම හේතුව වැඩකරන ඉරියව්වල ඇති වැරදි. ඒ නිසා පටකවලට සිදුවන හානි. එහි ප්‍ර්ථිඵලය පීඩාකාරී දීර්ඝ කාලීන ආබාධ. හැදුනොත් සනීප කරන එක හරිම අසීරුයි.

ඒත් මෙවැනි ආබාධ නිවාරණය කරන්න පුළුවන්. ඒ අපි වැඩකරන ඉරියව් නිවැරදි කිරීමෙන්. ඒ වගේම අත්‍යාවශ්‍ය ව්‍යායාම හදුන්වාදීමෙන්.
එහෙම තමයි විද්‍යාත්මකව මේ වගේ ප්‍රශ්ණවලට මුහුණ දෙන්නේ.

කණගාටුදායකම දෙයනම්..
අනික් අයටත් වඩා සෞක්‍යය සේවකයන් මේ වගේ උවදුරු වලට ලක් වෙනවා. ඒ බොහෝවිට ඔවුන් තමන්ට සිදුවන අනතුරු ගැනවත් නොසිතා රෝගී සත්කාරවල යෙදෙන නිසා. මේ නිසා වැඩ කිරීමේ හැකියාව අඩු වෙනවා.
ඒ වගේම ප්‍රථිකාර සදහා විශාල මුදලක් වැය වෙනවා.

හැමදාම කිය කියා ඉදලා විතරක් බෑ.

මොනවහරි කරන්නත් ඕන..
මොනවහරි නෙවෙයි. විද්‍යාත්මකව නිවැරදි දෙයක්.
මේ ඒ සදහා පුංචි පියවරක්....
ඒත් ස්ථිර පියවරක්.

මේ සදහා පෙරමුණ ගත්තේ මහනුවර මහ රෝහලේ විකලාංග ශල්‍ය අංශයත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයත්. අමතර කිසිම මුදලක් වැය නොකර තිබෙන සම්පත් කළමනාකරණය කරගෙන සිඩුකල ව්‍යාපෘතියක්.

සෞඛ්‍යය සේවකයන් සදහා වූ ශ්‍රමක්ෂමතා (Ergonomic) පුහුණු වැඩසටහනේ ආරම්භය.

B The Change

Photos from B The Change's post 02/05/2023

නවීනතම වෛද්‍ය දැනුම භාවිතයට ගෙන එන මඟ
Scheduled Apr 11, 2023, 6:00 PM
https://youtu.be/SpSCucKOJzk

29/04/2023

The Power of Dopamine Detox: Reset Your Brain’s Reward System and Boost Productivity

Article by Chiran Weerakoon

Read Full Article - https://bit.ly/449v7hM

29/04/2023

The effect of pollution on human health and the environment.

Article by Dulanjali Herath

Read Full Article - https://bit.ly/3ACcFku

05/04/2023

එහෙම වෙන්නේ කොහොමද ?

මම දෙකේ වාට්ටුවේ සිස්ටර්. ගිය වෙලාවේ ඉදලා කෑ ගහන්න ඕනි වැඩ ගන්න. ඒත් ඉවරයක් නෑ.
Staff මදි.
මට එපා වෙලා තියෙන්නේ.
ලෙඩ්ඩුන්ටත් කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
ඒ මදිවට හැම තැනම හොරු

පොඩ්ඩ එහෙ මෙහේ උනොත් සර් ට තරහා යනවා.
Matron ගෙනුත් බේරිල්ලක් නෑ.

ඒත්...........
එහෙම වැඩගන්න විදිහක් මෙච්චර දියුණු ලෝකෙක තියෙන්න පුළුවන්ද?

ඒ වෙනුවට................

මෙහෙම උනොත් නරකද?
මේ සියලු දේ වැඩ කරන්නේ වාට්ටුවෙන් හරි ක්ලිනික් එකෙන් නිෂ්චිත සේවාවන් ටිකක් සපයන්න.

ඉතින් එහෙමනම් හරි ලේසිනේ ඔය කියන සේවාවල් හැමෝම ටික හැමෝම එකතු වෙලා අදුර ගත්තනම්....

ඊට පස්සේ....
ඒ ඒ සේවාව නිමා කිරීමට සිදුදුකලයුතු ක්‍රියාවලියත් ඒ සදහා එක එක්කෙනාගේ වගකීමත් තීරණය කරනවා..

දැන් එම හ්‍රියාවලිය අගයන්න පුළුවන් ලකුණු ක්‍රමයක් හදුන්වලා දෙනවා.

මේවට තමය් SOP හා KPI කියන්නේ

හවසට ඒ ටික වෙලානම් හරි.
Matron හරි director හරි ඇහුවත් තිතටම කියන්න පුළුවන් මොකද උනේ කියලා.
මාසේ අන්තිමට ලස්සනට පෙන්නන්නත් පුළුවන් කරපු වැඩ.

ඒ වගේම
කට උත්තර නැති වෙන්න අඩු පාඩු පෙන්නන්නත් පුළුවන්.

ඉතින් හරි ලේසිනේ

ඔව් ලේසි නිසානේ දියුණු රටවල් කරන්නේ

සත්තු වගේ නෙවෙයි මිනිස්සු.
කෝටු අරන් පස්සෙන් දුව දුව කෑ ගහන්න ඕනි නෑ.
ඒ අය...
තැනට අදාලව හැඩ ගැහෙනවා

10/03/2023

එන්න....
අපි කථා කරමු.....

විශ්‍රාම වයස 60 ට අඩු කරලලු....
දොස්තරලා, ඉංජිනේරුවෝ, කම්පියුටර් විශේෂඤ්ඤයෝ බුරුතු පිටින් රස්සා අත ඇරලා රට යනවලු ...
හෝ...... ගාලා මිනිස්සු රට රස්සා හොයනවලු

රටක විශ්‍රාම වයස තීරණය කලයුත්තේ කොහොමද?
කාටහරි හිතුන ගමන් රස්සා අත ඇරලා යනකල් බකන් නිලාගෙන ඉන්න පුළුවන්ද?
ඔවුන් කර කර හිටියේ තමන්ගේ පුද්ගලික දේ විතරමද?
කරපු රස්සා හා ලබාදුන් සේවාවන් අනවශ්‍ය ඒවාද?

ඒ විතරක්ද?
ඒ අවස්ථාවල් හමබ වුනේ රටේ මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනෙකුට විතරද?
ඔවුන් කොපමණ වෙහෙසක් ගත්තද අදාල පුහුණුව ලබා ගන්න
පුහුණු කරන්න රටේ සල්ලී කොච්චර වියදම් වෙන්න ඇද්ද?
පුරප්පාඩුවලට අලුතින් සුදුස්සන් පුහුණු කරන එක කෙතරම් අසීරුද?
අනික....
ඒ සදහා කොපමණ කාලයක් ගතවෙයිද?

ඒ අතරේ සමහරු කියනවා....
පොල්මද කනඑක ගුණය්ලූ!
එහෙනම් ඇයි පොල්මදම කන්න දෙන්නේ නැත්තේ?

හරි ඔක්කෝම හරි...

ඒත් බෙහෙත්.......

බෙහෙත් වෙනුවටත් අපි.....
පොල්මදම කනවාද?

ඒත් නැත්නම් රට යනවද?
නැත්නම්...... සියල්ල අත ඇරලා
ජීවිතෙන්ම විශ්‍රාම යනවද?

B the Change

08/03/2023
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Kandy