01/06/2026
වෙසක් පොහොය නිමිතිකොට ගෙන මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ අංශය මගින් සංවිධානය කෙරූ සිසිල් බීම සහ බිස්කට් දන්සල ජූනි 01 දින ආයතනය පරිශ්‍රයේදී පැවැත්විය...🙏✨🏮
The SLIATE is one of the leading educational institutions in Sri lanka. The SLIATE | Kandy - HNDM Why SLIATE ?
Only government institute in Sri Lanka functioning under the Ministry of Higher Education and offering Higher National Diplomas in multi-disciplinary areas in English medium for the G.C.E. (A/L) qualified students
Mahapola Scholarships
Language cm IT laboratories with multimedia facilities and workshop facilities etc. Limited number of hostel facilities are available for girls in ATI Naiwala/Dehi
01/06/2026
වෙසක් පොහොය නිමිතිකොට ගෙන මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ අංශය මගින් සංවිධානය කෙරූ සිසිල් බීම සහ බිස්කට් දන්සල ජූනි 01 දින ආයතනය පරිශ්‍රයේදී පැවැත්විය...🙏✨🏮
30/05/2026
පිංබර වෙසක් මංගල්‍යක් වේවා...! 🙏🏮✨
26/05/2026
න්‍යාය සහ යුක්තිය අතර සංක්‍රාන්තිය:
විකෘති වූ සමාජයක හෘද සාක්ෂිය ඇමතීම-
භෞතික බලවතුන් සම්පත්වලින් සන්නද්ධ වන විට, ශ්‍රී ලංකාවාසී අප තවමත් අභිමානයෙන් යුතුව විශ්වාස කරන්නේ "මනුෂ්‍යත්වය" යනු දේශපාලන හෝ ආර්ථික බලයට වඩා ඉහළින් පවතින පරමාදර්ශී ශක්තියක් බවයි. අධිකාරීවාදයේ මජර කිරුළු පළන් පාලකයන් සිහසුනෙන් ඇද දැමීමට තරම් ස්වෛරී ආත්මයක් මේ පොළොවේ මිනිසුන්ට තිබුණි.
නමුත් අද අප මුහුණ දී සිටින්නේ තවත් එක් දේශපාලන පෙරළියකට නොව, සමස්ත මානව පැවැත්මේ සදාචාරාත්මක අර්බුදයකටයි. අප පසුවන්නේ ආධ්‍යාත්මික සහ සමාජයීය සංක්‍රාන්ති සමයකය.
1. ආයතනගත ආගම සහ ආධ්‍යාත්මයේ පරිහානිය-
ආගම යනු මිනිසා තිරිසන් භාවයෙන් මුදාගෙන උත්තරීතරත්වයට පමුණුවන මාවතයි. එහෙත් අද සිදු වී ඇත්තේ කුමක්ද?
ශාස්තෘවරුන් වෙනුවට ව්‍යාපාරිකයන්: සිල්වත්, ගුණවත් ආධ්‍යාත්මික මගපෙන්වන්නන් වෙනුවට, අද ආගමික ශාස්තෘත්වය ව්‍යූහාත්මක 'සංස්ථා' සහ වාණිජමය මෙවලම් බවට පත්ව ඇත.
ශුද්ධත්වය තුළ සැඟවුණු වනචරත්වය: ආගමේ නාමයෙන් සිදුවන බාල අපරාධ, දූෂණ සහ දේශපාලන ප්‍රයෝගයන් මගින් මිනිසාගේ පරම රැකවරණය කෙලෙසා දමා ඇත.
සියලුම ආගම් මෙකී දුසීලාචාර ග්‍රහණයෙන් මුදා ගැනීම යනු හුදු ආගමික වගකීමක් නොව, මානව ශිෂ්ටාචාරයේ මූලික පදනම ආරක්ෂා කරගැනීම සඳහා පොදු මහජන මතයක් ගොඩනැගිය යුතු කාලීන දාර්ශනික අවශ්‍යතාවයකි.
2. එප්ස්ටයින් නියමයේ ලාංකීය ප්‍රකාශනය සහ සදාචාරාත්මක අන්ධභාවය-
ගෝලීය වශයෙන් ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) හරහා නිරාවරණය වූයේ බලය සහ කාමුකත්වය විසින් මිනිසා කෙතරම් තිරිසන් තත්ත්වයට පත් කරන්නේද යන්නයි. අද අපේ දේශීය සන්දර්භය තුළ ද අහිංසක දැරියකගේ ඛේදවාචකය හරහා මතුපිටට පැමිණෙන්නේ එම මහා පරිමාණ, ක්‍රමවේදික (Systemic) අපරාධ සංස්කෘතියේම දිගුවකි.
පරමාදර්ශී ඛේදවාචකය (The Moral Paradox):
මේ සියල්ල හමුවේ වඩාත්ම භීතිකාජනක තත්ත්වය වන්නේ අපරාධකරුවන්ගේ ක්‍රියාවන් නොවේ; සමාජයේ ඇතැම් කොටස් දක්වන උදාසීනත්වයයි. "ඕවා ඔහොම තමයි, ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ" යැයි පවසන පරාජිත මානසිකත්වය විසින් පෙන්වා දෙන්නේ මිනිසාගේ "මානුෂීය භාවය සතු ප්‍රත්‍යාවර්තී ඥානය" (Humanistic Reflex) විකෘති වී ඇති බවයි. අයුක්තිය සාමාන්‍යකරණය වීම තරම් සමාජයක ආත්මය මියයන තවත් අවස්ථාවක් නොමැත.
3. යුක්තිසහගත ලෝකයක් උදෙසා සාමූහික මැදිහත්වීම
නීතියේ ආධිපත්‍යය දූෂණය කළ පාලකයන් පලවා හැරීමට සමත් වූ සමාජයකට, නීතිය සහ යුක්තිය නිෂ්ක්‍රීයව ඉටුවන තෙක් බලා සිටිය නොහැක. යුක්තිය යනු ඉබේ ලැබෙන දෙයක් නොව, අඛණ්ඩව ඉල්ලා සිටිය යුතු සහ අරගල කළ යුතු අයිතිවාසිකමකි.
ප්ලේටෝ වැනි දාර්ශනිකයන් පෙන්වා දුන් පරිදි, අයුක්තියට එරෙහිව හඬ නොනැගීම යනු අයුක්තියට පාර්ශවකරුවෙකු වීමයි.
පරම පරිවර්තනය: සමාජයක සැබෑ පරිවර්තනයක් සිදුවිය හැක්කේ මහජනතාව සක්‍රීයව මැදිහත් වී පවතින දුෂ්ට ව්‍යූහයන්ට එරෙහිව අඛණ්ඩව පෙනී සිටීමෙන් පමණි.
අනාගතය උදෙසා වන ණයගැතිභාවය: අප ලියන තනි වචනයක සිට කරන බලපෑම දක්වා වූ සෑම ක්‍රියාවක්ම, අප වෙනුවෙන් පමණක් නොව, අනාගත ලෝකය උරුම කරගන්නා අහිංසක දරුවන් වෙනුවෙන් මේ පොළොව පවිත්‍ර කිරීමට කරන ආයෝජනයකි.
අපචාරයෙන් සහ අයුක්තියෙන් තොර, පාරිශුද්ධ මානුෂීය ලෝකයක් උදෙසා අපේ සාමූහික හෘද සාක්ෂිය අවදි කරමු. යුක්තිය යනු යාචකත්වයෙන් ඉල්ලා සිටිය යුත්තක් නොව, මිනිසා සතු පරම අයිතියකි!
#යුක්තිය
25/05/2026
වෙසක් දිනය නිමිතිකොට ගෙන මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ කළමනාකරණ අංශය මගින් පවත්වනු ලබන සිසිල් බීම දන්සල, ජූනි 01 දින මහනුවර උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ... 🏮✨
මේ සදහා ඔබට බැති සිතින් ආරාධනා...!🙏
25/05/2026
ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව අවභාවිත කළ නීති අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) පනත විශේෂ තැනක් ගනී. කෙසේ වෙතත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිදුවීමෙන් පෙන්නුම් කළේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන හරියට අයි.සී.සී.පී.ආර් පනත කියවා නැති බවයි.
එම පනතේ 5.1.ඇ සහ 5.1.ඈ වගන්ති මෙසේය.
"5 (1) සෑම ළමයකුට ම
(ඇ) හිංසා කරනු ලැබීමෙන්, නොසලකා හරිනු ලැබීමෙන්, අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට සහ
(ඈ) නීති ආධාර නොමැති වීම නිසා ළමයාට බරපතල අපරාධ නඩු කටයුතුවල දී ළමයාට සැලකිය යුතු අසාධාරණයක් විය හැකි අවස්ථාවලදී, රජයේ වියදමින් රජය විසින් සපයනු ලබන නීති ආධාර ලබා ගැනීමට,
අයිතියක් ඇත්තේය."
එම පනතේ 5 (2) වගන්තිය මෙසේය.
"5(2) රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ හෝ සමාජ සුභසාධන ආයතන, අධිකරණ, පරිපාලන බලධාරීන් හෝ ව්‍යවස්ථාදායක මණ්ඩල යන කවරක් හෝ විසින් ළමයින්ට අදාල වන යම් කාරණයක් භාරගනු ලැබුවේ වුව ද, ඒ සියලු කාරණයකදීම ළමයාගේ උපරිම ශුභ සිද්ධියට ප්‍රමුඛස්ථානය දෙනු ලැබිය යුතු ය."
අනුරාධපුර සිද්ධියේදී අදාල සියලුම ආයතන ළමයාගේ ඉහත අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් මෙන්ම එම අයිතිවාසිකම්වලට ගරු නොකරමින් කටයුතු කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.
ළමයකුට අපයෝජනයට ලක් නොවී සිටීමේ අයිතිවාසිකම ඉහත පනතින් ලැබුණද අටමස්ථානාධිපති හිමි එම අයිතිය උල්ලංඝනය කර ඇති බව ළමයාගේ කටඋත්තරය අනුවත් වෙනත් සාක්කි අනුවත් පෙනේ. එසේම ළමයාට අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාවීමේ අයිතිය ඉහත පනත අනුව තිබුණද දිලුම් අමුණුගම නම් දේශපාලකයා විසින් ළමයාට අවමන් කරමින් එම අයිතිවාසිකම ද උල්ගංඝනය කර ඇති බව පෙනේ. දිලුම් වැනි දේශපාලකයන්ට ළමයාට අවමන් කිරීමට අවස්ථාව ලැබුණේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ඉහත පනතේ 5(1)(ඈ) යටතේ අටතේ ඇති ළමයාගේ අයිතිවාසිකම්වලට ගරු නොකිරීම සහ 5(2) යටතේ ඇති තම වගකීම ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.
ළමා ආරක්ෂක අධිකාරිය නීතිය ක්‍රියත්මක කරවා ගැනීම පිණිස ලියුම් ලියමින්, ඇමතුම් දෙමින් කටයුතු කරනවා වෙනුවට කළ යුතුව තිබුණේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව හරි හැටි කටයුතු නොකරන බව දුටු පළමු අවස්ථාවේම අයි.සී.සී.පී.ආර් පනතේ ළමයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා එම පනතේ ඉන් පසුව සඳහන් කර ඇති පරිදි මහාධිරණයේ නඩුවක් ගොනු කිරීමය. ළමයෙක් සම්බන්ධ කාරණාවකදී ළමයාගේ උපරිම ශුබසිද්ධිය උදෙසා ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කිරීමට ඉහත පනතේ 5(2) අනුව අධිකරණය ද බැඳී සිටී.
එසේ හෙයින් පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතන තුන සහ අධිකරණය ඇතුළු සෙසු සියලු ආයතන ICCPR පනතේ 5 වැනි වගන්තියේ සඳහන් කාරණා ගැන නිසි අවබෝධයකින් වැඩ කිරීම වැදගත්වේ.
තවදුරටත් පල්ලේගම හේමරතන හිමි වැන්නවුන්ට ළමයින් අපයෝජනය කිරීමට ඇති අවස්ථා අහිමි කිරීමටත්, දිලුම් අමුණුගම වැන්නවුන් ළමයින්ට අවමන් කිරීම වැලැක්වීමටත් පොලිසිය, ළමා ආරක්ෂක අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව හෝ වෙන වෙනම කටයුතු කළ යුතුය.
අවුරුදු 14යි මාස 03ක් (පොලිසිය කියන ආකාරයට) වූ පාසල් යා යුතු වයසේ ළමයෙකු පොලිසියම කියන ආකාරයට අවස්ථා ගණනාවකදීම අපයෝජනය කිරීමට අටමස්ථානාධිපති හිමිට සහ ව්‍යාපාරිකයකුට අවස්ථාව ලැබීම මෙන්ම ඇයට අධ්‍යාපනය අහිමිවීම මගින් ද පෙන්නුම් කරන්නේ අපේ රටේ ළමයින් සම්බන්ධයෙන් කොතෙකුත් නීති තිබුණද ගොදුරුවීම වැලැක්වීම සම්බන්ධයෙන් වන කටයුතු අදාල ආයතන ඉටු නොකිරීමය. ඒවායේ ප්‍රතිඵල ලෙස අටමස්ථානාධිපති හිමි සහ දිලුම් අමුණුගම වැනි පිරිසට උපරිම ප්‍රයෝජන ගැනීමට අවසථාව ලැබී තිබීම බරලතල කරුණත් බව දැන්වත් තේරුම් ගත යුතුය.
පොලිසිය මොන තරම් මාධ්‍ය සාකච්ඡා තිබ්බද ඔවුන් මුලින් නිද්‍රාශීලීව කටයුතු කළ බව වහන්නට බැරිය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිඥ නියෝජනයක් ඉල්ලා සිටියදීත් එය නොදීම මගින් නීතිපතිවරයා ළමයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ද වහන්නට බැරිය. පොලිසිය, නීතිපතිය සහ ළමා ආරක්ෂක අධිකාරිය යන මේ ආයතන තුනම රාජ්‍ය ආයතන බැවින් ආයතන තුනම ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තම තමන් අතින් සිදුවූ අතපසුවීම්වලට නිදහසට කාරණා කියනවා වෙනුවට ළමයාගෙන් සහ සමාජයෙන් සමාව ගත යුතු අතර ඉදිරියේදී ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර පැහැදිලි කළ යුතුය.
- තරිඳු ජයවර්ධන
2026 මැයි 24 වැනිදා
21/05/2026
Congratulations...! ❤️💐
SLIATE- HNDM- Kandy is proud to announce that we won the Gold Medal 🥇 for best academic performance in this year (2026) too, and this is the 8th Consecutive year we won it continuously, among all the ATIs in Sri Lanka...
19/05/2026
Congratulations on your convocation! 🎓✨
Your hard work, dedication, and sacrifices have finally paid off. Wishing you endless success and happiness in this new chapter of life ❤️.
දොස් පැවරීම නවත්තව තැනින් නිදහස ආරම්භ වේ!
15/05/2026
🛑 "බැංකුවෙන් ලක්ෂ 250ක ලෝන් එක රිජෙක්ට් කළා. මම හිතුවේ මගේ BR එක තියෙන නිසා ප්‍රශ්නයක් නෑ කියලා."
ඒත් අප්‍රේල් 1 ඉඳන් ආපු අලුත් 'TIN' නීතිය ගැන ඔබ දන්නවද? ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ බැංකු ගානේ රස්තියාදු වෙන්න කලින් මේ ලියකියවිලි ටික ලෑස්ති කරගන්නා විදිහ මෙන්න! 😱👇
අද මැයි 14. පාසල් වාරය ආරම්භ වුණු දවස. ගොඩක් ව්‍යාපාරිකයින්ට වගේම තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න හදන අයටත් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි 'Manual Mood' එකෙන් 'Business Mood' එකට මාරු වෙන්න ඕනේ කරන මූල්‍ය ශක්තිය නැති එක.
විශේෂයෙන්ම පිටරට ඉඳන් ලංකාවට ඇවිත්, තමන්ගේම බිස්නස් එකක් සහනාධාර පොලියට පටන් ගන්න හීන දකින අපේ සහෝදරයින්ට මේක අතිශයින්ම වැදගත්.
දැනට ලංකාවේ ක්‍රියාත්මක වන 'සව්සලු' (Savisalu) සහ 'දිවිසලු' (Divisalu) වගේ මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම යටතේ ඔබට වාර්ෂිකව 5% වැනි ඉතාම අඩු පොලියකට ලක්ෂ 250ක් දක්වා ණය මුදලක් ලබා ගන්න අවස්ථාව තියෙනවා.
හැබැයි ප්‍රශ්නය තියෙන්නේ, මේ ලොන් එක ගන්න යන 10 දෙනෙක්ගෙන් 06 දෙනෙක්ම බැංකුවෙන් රිජෙක්ට් වෙනවා. හේතුව ඇප නැතිකම නෙවෙයි, ලියකියවිලි (Documentation) හරියට ගලපගන්න නොදන්නා එක.
බැංකු මැනේජර් ඉස්සරහා අසරණ නොවී, පළවෙනි පාරම ලෝන් එක පාස් කරගන්න ඕනේ කරන ලියකියවිලි 07 මෙන්න. මේ ටික අනිවාර්යයෙන්ම බලන්න.
💡 01. බී.ආර් එක (Business Registration - BR)
ඔබේ ව්‍යාපාරය තනි පුද්ගල එකක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රු. 5,000ක් වගේ මුදලකට මේක ගන්න පුළුවන්. හැබැයි පුද්ගලික සමාගමක් (Pvt Ltd) නම් රු. 35,000ත් 55,000ත් අතර මුදලක් වැය වෙනවා. මතක තියාගන්න, සාමාන්‍යයෙන් අවුරුදු 02ක ක්‍රියාකාරී ව්‍යාපාරික ඉතිහාසයක් බැංකුව බලාපොරොත්තු වෙනවා. හැබැයි ගනුදෙනු හොඳ නම් මාස 06දීත් ඇප්ලයි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.
🛑 02. අලුත් 'ටින්' එක (Tax Identification Number - TIN)
මේක තමයි ලොකුම උගුල. 2026 අප්‍රේල් 1 වෙනිදායින් පස්සේ ඕනෑම බැංකු ණය පහසුකමක් ගන්න TIN සහතිකය අනිවාර්යයි. ඔබ සතුව ලියාපදිංචි TIN අංකයක් තිබුණත්, එය IRD පද්ධතියේ 'Active' තත්වයේ තිබිය යුතුමයි. නැත්නම් ඔබේ ලෝන් එක දවස් 48කට ඉබේම Hold වෙනවා.
💡 03. බැංකු ප්‍රකාශ (Bank Statements)
අඩුම තරමේ පසුගිය මාස 06ක හෝ 12ක ඔබේ පෞද්ගලික හෝ ව්‍යාපාරික ගිණුම් වාර්තා බැංකුවට ඕනේ. මෙතනදී බැංකුව බලන්නේ ඔබේ ලාභය නෙවෙයි, මුදල් සංසරණය (Turnover) කොහොමද කියන එකයි.
🛑 04. ප්‍රොජෙක්ට් රිපෝට් එක (Project Report)
මෙන්න තීරණාත්මකම දේ. සාමාන්‍ය ලියුමක් ලියාගෙන ගියාට වැඩේ වෙන්නේ නෑ. ඔබේ ප්‍රොජෙක්ට් රිපෝට් එකේ මූල්‍ය පුරෝකථනය (12-month Cash Flow) සහ වෙළඳපල විශ්ලේෂණය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. විශේෂයෙන්ම DSCR (Debt Service Coverage Ratio) අගය 1.2කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ ශුද්ධ ලාභය ලෝන් වාරිකය වගේ 1.2 ගුණයක්වත් තියෙන්න ඕනේ.
💡 05. මූල්‍ය ඇපකරය (NCGI Guarantee)
ඔබට ඉඩම් හෝ වාහන ඇපයට තියන්න නැද්ද? දැන් ඒක ප්‍රශ්නයක් නෑ. NCGI (National Credit Guarantee Institution) හරහා ඔබේ ණය මුදලෙන් 67%ක (කාන්තා ව්‍යවසායිකාවන්ට 80%ක) වගකීම රජය භාර ගන්නවා. මේ නිසා ඉඩම් ඔප්පු නැතත් ලෝන් එකට යන්න පුළුවන්.
💡 06. සමාගම් ලියකියවිලි (Pvt Ltd නම්)
ඔබේ ව්‍යාපාරය Pvt Ltd එකක් නම්, Registrar of Companies (ROC) මගින් සහතික කරන ලද Form 01 (පිහිටුවීම), Form 15 (ලිපිනය) සහ Form 20 (අධ්‍යක්ෂවරු) වල සහතික කළ පිටපත් අනිවාර්යයි.
💡 07. අනන්නයතාවය සහ පදිංචිය
ජාතික හැඳුනුම්පතට අමතරව, පසුගිය මාස 03 ඇතුළත ලබා ගත් විදුලි හෝ ජල බිල්පතක් පදිංචිය තහවුරු කරන්න අවශ්‍ය වෙනවා.
පිටරට ඉඳලා ලංකාවට එන්න හීන දකින අපේ සහෝදරයින් මතක තියාගන්න, ඔබ එවන සල්ලි වියදම් කරලා බිස්නස් පටන් ගන්න කලින්, ඒ සල්ලි leverage කරලා මෙන්න මේ වගේ 5% ලෝන් එකක් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබේ ඉතිරි කිරීම් විනාශ වෙන්නේ නෑ.
මේ විස්තරේ පස්සේ හොයාගන්න අමාරු නිසා දැන්ම ඔබේ ෆෝන් එකේ Save කරලා තියාගන්න.
ඒ වගේම, බිස්නස් එකක් පටන් ගන්න හීන දකින හෝ දැනටමත් පටන් අරන් ලෝන් එකක් හොයන ඔබේ හොඳම යාළුවාට මේ සටහන අනිවාර්යයෙන්ම Share / Tag කරන්න! 👇
ඔබ මීට කලින් බැංකු ණයකට උත්සාහ කරලා තියෙනවද? ඔබේ අත්දැකීම පහළින් කමෙන්ට් කරන්න.
මේවා සාමාන්‍ය දැනුමට ලබාදුන් තොරතුරු වන අතර, ණයක් ලබා ගැනීමට පෙර අදාළ බැංකුවේ කළමනාකරු සමඟ සාකච්ඡා කර නිවැරදි උපදෙස් ලබා ගන්න.
Sri Lands - මහපොළොවේ හැංගුණු විද්‍යාව සහ ස්මාර්ට් ජීවන රහස් කියාදෙන තැන. 🇱🇰
#ව්‍යාපාරණය #සුළු_හා_මධ්‍ය_පරිමාණ_ණය
[POLL]
ඔබ දැනට ණය පහසුකමක් ලබා ගන්නවා නම් වඩාත් කැමති පොලී අනුපාතය කුමක්ද?
A) 5% (රජයේ විශේෂ සහන ණය) 💰
B) 8.5% (මූල්‍ය සමාගම් සහන ණය) 📈
C) 11.5% (සාමාන්‍ය වාණිජ බැංකු ණය) 🏦