12/02/2026
*ආදරණීය නියෝජ්‍ය විදුහල්පති තුමනි ඔබතුමන්හට විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් පිදෙන අවසන් මතක සටහනයි මේ,*
වසර 106කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මහ හේවාහැට මධ්‍ය විද්‍යාලය තුළ නියෝජ්‍ය විදුහල්පති ධූරය දරමින් වසර 8කට අධික කාලයක් ඔබතුමන් පාසල වෙනුවෙන් කළ සේවය අපි හදවතින්ම අගය කරන්නෙමු..🌸🙏
විද්‍යාලයීය බෞද්ධ සංගමයට ඔබතුමන්ගෙන් ලද අගනා සහය මෙතෙකැයි කියා වචනවලින් පවසා නිම කිරීමට නොහැක නියෝජ්‍ය විදුහල්පතිතුමනි... බෞද්ධ සංගමයේ ඕනෑම වැඩකදී අපිට විද්‍යාලයේ පරිපාලනයෙන් සහයක් අවශ්‍ය නම් අපි හැමදාමත් දුවගෙන ආවෙ "යාපා sirගෙන් අහමු" යැයි පවසමින්, ඒ අප හද තුළ ඔබ කෙරෙහි තිබූ ආදරය, ගෞරවය, විශ්වාසය නිසාවෙනි☺️
මෙතෙක් අප සමග අත්වැල බැදගෙන ආ ගමනට ඔබතුමන්‍ට සිය දහස් වාරයක් තුති පුද දෙන්නට අපි සිහි කළෙමු. හේවාහැට පවුලෙන් ඔබ භෞතික වශයෙන් සමුගත්තද අප පුංචි මල් කැකුළු සිත් තුළ ඔබ සදා අමරණීයයි නියෝජ්‍ය විදුහල්පතිතුමනි.. මෙලෙසෙ සමුදෙන්නට අපගේ සිත් ශක්තිමත් නොවේ. නමුත් ඔබතුමාගේ අනාගත අභිවෘද්ධිය පතා හේවාහැට මධ්‍ය විද්‍යාලයේ බෞද්ධ සංගමයෙන් අදට කෙටි විරාමයක්..❤️ ඔබතුමන්ගේ නව ජවනිකාවේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
*හිටපු ලේකම් (23'/24'),*
*බෞද්ධ සංගමය.*🖊️
12/05/2025
12/05/2025
16/03/2025
07/02/2025