Beyond Education Therapy Center

Beyond Education Therapy Center

Share

දක්ෂයින් අති දක්ෂයින් කිරීමට නොව, දුර්වලයින් දක්ෂයින් කිරීමට.

Photos from Beyond Therapy Center SL's post 21/06/2026

කථන ප්‍රමාදයේ මූලික ලක්ෂණ පිළිබඳ සෑම දෙමාපියෙකුම දැනගත යුතු වැදගත් කරුණූ.

සෑම දරුවෙකුම තමන්ගේම වේගයෙන් වර්ධනය වේ. එහෙත්, කථන හා භාෂා කුසලතා ප්‍රමාද වීම දරුවාට අමතර සහායක් ලබා දිය යුතු බවට ලකුණක් විය හැකිය. කථන ප්‍රමාදයේ මූලික ලක්ෂණ ලෙස බා බා තා තා වැති ශබ්ධ පිට කිරීම අඩුවීම, නමට ප්‍රතිචාර නොදැක්වීම, වචන ඉතා සුළු ප්‍රමාණයක් භාවිත කිරීම, සරල උපදෙස් තේරුම් ගැනීමට අපහසු වීම, වචන භාවිතය වෙනුවට සංඥා මත වැඩිපුර රඳා සිටීම සහ වයස අවුරුදු දෙකක් වන විට වචන දෙකක් එකට යොදා කථා නොකිරීම පෙන්වා දිය හැකිය.

මෙවැනි තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත්ය. මන්ද සන්නිවේදන කුසලතා දරුවාගේ ඉගෙනීම, සමාජ සබඳතා සහ ආත්ම විශ්වාසය කෙරෙහි සෘජුවම බලපාන බැවිනි. දෙමාපියන්ට දරුවා සමඟ නිතර කතා කිරීම, පොත් කියවීම, ගීත ගායනා කිරීම සහ දෛනික සංවාදවල නිරත වීම මඟින් ඔවුන්ගේ භාෂා සංවර්ධනයට සහාය විය හැකිය. ගැටලු දිගටම පවතින්නේ නම්, වෘත්තීය උපදෙස් ලබා ගැනීම දරුවාගේ සන්නිවේදන හැකියාවන් ශක්තිමත් කිරීමට සහ ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් වර්ධනය කිරීමට රුකුලක් විය හැකිය.

සෑම දරුවෙකුම වෙනස් ආකාරයකින් වර්ධනය වුවද, කථන ප්‍රමාදයේ මූලික ලක්ෂණ හඳුනා ගැනීම දෙමාපියන්ට නිසි වේලාවේ ක්‍රියාමාර්ග ගැනීමට උපකාරී වේ. කල්තියා ලබාදෙන සහාය දරුවාට සන්නිවේදනය කිරීමට, ඉගෙනීමට සහ ලෝකය සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව වර්ධනය කිරීමට සහයක් විය හැකිය.

Beyond Therapy Center (BTC) හි අපගේ විශ්වාසය වන්නේ සෑම දරුවෙකුටම තම හඬ සොයා ගැනීමට, ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ “Art of Therapy” තුළින් සාර්ථකව වර්ධනය වීමට අවස්ථාව හිමි විය යුතු බවයි. මෙවැනි අවස්ථා වලදී නිසි සහය ලබාදීමට අමතන්ත අපව - 077 93 92 402

19/05/2026

හොඳ වචන දරුවෙකුගේ ජීවිතය වෙනස් කරයි..

ධනාත්මක ප්‍රතිචාර (Positive Reinforcement)

හොඳ වචන දරුවෙකුගේ ජීවිතය වෙනස් කරයි..

සෑම දෙමාපියෙකුම තම දරුවා වයසට සරිලන ලෙස ඉගෙන ගැනීමට සහ තමන් ගැන විශ්වාසයක් ඇති කර ගැනීමට උනන්දු කිරවීම අවශ්‍ය වේ. එහිදී දරුවන්ට සහාය වීමට ඇති ඉතාමත් හොද ක්‍රමයක් ලෙස ධනාත්මක ප්‍රතිචාර (Positive Reinforcement) ලබා දීම පෙන්වාදිය හැකිය. මෙයින් අදහස් කරන්නේ දරුවාගේ හොඳ හැසිරීම්, උත්සාහයන් සහ සාර්ථක වීම් අගය කරමින් ප්‍රශංසා කිරීම සහ දරුවා තව තවත් උනන්දු කිරවීමයි. එලෙස සිදු කිරීම තුළින් දරුවන් තමන් වටිනා අය බව හැඟීමට සහ හොඳ ක්‍රියාකාරකම් නැවතත් කිරීමට උද්යෝගයක් ඇති කරයි.

දෙමාපියන්, ගුරුවරුන් හෝ තෙරපිවරුන් දරුවන් සමඟ වැඩ කරන විට උනන්දු කරන වචන භාවිතා කිරීම තුළින් දරුවන්ට තමන් ගැන විශ්වාසක් අති වීම ආරම්භ වේ. එහිදී වැඩිහිටියන් ලෙස අප සෑම විටම “ඒක හොඳ වැඩක්”, “ඔයා හොඳට උත්සාහ කළා”, “මට ඔයා ගැන ආඩම්බරයි” වැනි සරල වචන බාවිතා කිරීම දරුවාගේ මානසික වර්ධනයට විශාල බලපෑමක් ඇති කරයි. මෙලෙස ධනාත්මක ප්‍රතිචාර ලබාදීම තුළින් දරුවන්ගේ විශ්වාසය, හැසිරීම් සහ සමාජ කුසලතා වර්ධනය වේ.

දරුවන් හොඳින් ඉගෙන ගැනීමට ආරක්ෂිත සහ සහයෝගී පරිසරයක් තිබීම වැදගත්ය. වැරදි පමණක් පෙන්වා දීම වෙනුවට, දරුවන්ගේ උත්සාහයන් අගය කිරීම ඉතා වැදගත් ය. උදාහරණයක් ලෙස, දරුවා වැඩක් සම්පූර්ණ කළ විට, අන් අය සමඟ තමා සතු දේ බෙදාගත් විට හෝ දෙන උපදෙස් අනුගමනය කළ විට දරුවා පැසසුමට ලක් කිරීම, එම හැසිරීම් නැවත නැවතත් කිරීමට දරුවන් උනන්දු කරවයි.

දරුවාට ධනාත්මක ප්‍රතිචාර ලබා දීමට සෑම විටම තෑගි අවශ්‍ය නොවේ. අව්‍යාජ සිනහවක්, අත්පොළසන් දීමක්, ආදරණීය වැළඳ ගැනීමක්, ස්ටිකර් එකක් හෝ දරුවා සමඟ ගත කරන කාලය වැඩි කිරීමක් මඟින් අපට දරුවා තුළ විශාල උනන්දුවක් ඇති කළ හැකිය.

BTC අපි විශ්වාස කරන්නේ සෑම දරුවෙකුටම තමාට අනන්‍ය වූ හැකියාවන් සහ ශක්තීන් ඇති බවයි. උනන්දු කිරීම, ඉවසීම සහ ධනාත්මක සහයෝගය තුළින් දරුවාට විශ්වාසයෙන් යුතුව ඉගෙනීමට සහ සතුටින් සිටීමට හැකියාව ලැබේනු ඇති බවයි.

17/05/2026

දරුවන්ගේ අවධානය වැඩි කරන්නේ කෙසේද?

දරුවන්ගේ අවධානය වැඩි කරන්නේ කෙසේද?

බොහෝ දෙමාපියන්, තම දරුවා අවධානය යොමු කිරීමට, ඇහුම්කන් දීමට හෝ නිවැරදිව වැඩ කිරීමට අපහසු වන විට කනස්සල්ලට පත්වේ. අවධානය ලෙස දරුවන්ට ඉගෙනීමට, සන්නිවේදනය කිරීමට සහ එදිනෙදා කටයුතු සාර්ථකව කිරීමට උපකාර වන වැදගත් කුසලතාවයකි. දෙමාපියන් ලෙස වැදගත් වන්නේ සරල සහ විනෝදජනක ක්‍රියාකාරකම් මඟින් දරුවාගේ අවධානය වැඩි දියුණු කිරීමට උත්සහ කිරීමයි.

දරුවන්ගේ අවධානය වර්ධනය කළ හැකි සරල ක්‍රියාකාරකම් ලෙස, ක්‍රීඩා කිරීම. පින්තූර කාඩ් ගැළපීම, බිල්ඩින් බ්ලොක් සෑදීම සහ මතක වර්ධන ක්‍රීඩා පෙන්වා දිය හැකිය. මෙම ක්‍රියාකාරකම් වැඩි වේලාවක් කිරීම තුළින් දරුවා වැඩි වේලාවක් අවධානයෙන් සිටීමට හුරුවේ. පාට වෙන් කිරීම, හැඩ හෝ වස්තු වෙන් කිරීමේ ක්‍රියාකාරකම් මගින් ද දරුවන්ගේ අවධානය සහ එක් වැඩක් වැඩි වේලාවක් කිරීමේ හැකියාව වර්ධනය කළ හැකිය.

ඉහත ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නිස්කලංක සහ සංවිධානාත්මක පරිසරයක් සකස් කිරීම ද ඉතා වැදගත්ය. අධික ශබ්ද, වැඩි කාලයක් ජංගම දුරකථන හෝ විඩියෝපඨ නැරඹීම තුළින් දරුවන්ට අවධානය යොමු කිරීමට බාධා ඇති කරයි. ඉගෙනීම සහ ක්‍රීඩා කිරීම සඳහා සන්සුන් ස්ථානයක් ලබා දීම, කෙටි සහ පැහැදිලි උපදෙස් ලබා දීම. එකවර එක් කාර්යයක් පමණක් කිරීමට දරුවා දිරිමත් කිරීම ඉතා වැදගත්ය.

දරුවා සමඟ කතා පොත් එකට කියවීම ද ඉතා ප්‍රයෝජනවත් ක්‍රියාකාරකමකි. කතාව ඇසුරින් සරල ප්‍රශ්න ඇසීමෙන් ඇහුම්කන් දීමේ සහ සිතීමේ හැකියාව ද වර්ධනය කළ හැකිය. දරුවා සමඟ ගීත ගායනා කිරීම සහ එළිමහන් ක්‍රීඩාවළ නිරත වීම ද අවධානය සහ ස්වයං පාලන හැකියාවන් වර්ධනය කරයි.

දෙමාපියන් මතක තබා ගත යුතු වැදගත් කරුන වන්නේ, දරුවාට දෙයක් නිවැරදිව කිරීමට බල කිරීමට වඩා දරුවා ගන්නා සෑම උත්සහයක්ම අගය කිරීමයි. ධනාත්මකව දරුවා අගය කිරීම මගින් දරුවන්ගේ විශ්වාසය වර්ධනය කළ හැකිය. අප දෙමාපියන් ලෙස දරුවාගේ කුඩා ජයග්‍රහණ පවා අගය කළ යුතුය.

සෑම දරුවෙකුම තමාට ආවේනික වේගයෙන් වර්ධනය වේ. ඉවසීම, දෙමාපියන් ලෙස නිරන්තර පුහුණුව සහ නිවැරදි සහාය මඟින් දරුවන්ගේ අවධානය, ඉගෙනීමේ හැකියාව සහ විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය කළ හැකිය.

10/05/2026

📞 Contact us to begin your child’s journey.

📞 Contact us to begin your child’s journey.......

Photos from Beyond Education Therapy Center's post 08/05/2026
Photos from Beyond Therapy Center SL's post 08/05/2026

අකුරු සහ ශබ්ද ගැළපීම (Letter–Sound Matching)

Photos from Beyond Therapy Center SL's post 07/05/2026

දරුවාගේ හඬ සොයා ගනිමු දරුවන්ගේ කථන සංවර්ධනය අවබෝධ කර ගනිමු

Finding Child's Voice Understanding Speech Development in Children

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


263, Wedamulla
Kelaniya
11600