26/06/2026
මෙම පින්තූරය මතකද?
පින්තූරයේ දැක්වෙන මෙම සුප්‍රසිද්ධ ළමා චිත්‍රය නිර්මාණය කර ඇත්තේ ඉන්දියානු ජාතික ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු වන එස්. එම්. පණ්ඩිත් (S. M. Pandit -Shrinivas Mangalrao Pandit). ඔහු 20 වැනි සියවසේ ඉන්දියාවේ බිහිවූ ඉතාමත් දක්ෂ මෙන්ම ජනප්‍රිය යථාර්ථවාදී (Realistic painting) චිත්‍ර ශිල්පියෙකු වන අතර, මෙවැනි අහිංසක, සුරතල් දරුවන්ගේ රූප මෙන්ම දේව රූප සහ දිනදර්ශන (Calendar art) සඳහා කළ නිර්මාණ නිසා බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය. ශ්‍රී ලංකාවේද පැරණි නිවාසවල සහ වෙළඳසැල්වල මෙවැනි චිත්‍ර දිනදර්ශන හෝ පින්තූර ලෙස බහුලව දකින්නට ලැබුණි.
26/06/2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරී පුහුණුව සඳහා තෝරාගත් හෙද නිලධාරීන්ගේ නාම ලේඛණය නිකුත්වී ඇත.
https://www.health.gov.lk/wp-content/uploads/2022/08/PDF919.pdf
26/06/2026
අයදුම්පත් කැඳවීම ආරම්භ වුණා...
ජූලි 08ට කලින් මේක නොකළොත්
ලොකු චාන්ස් එකක් මිස් වෙයි!
ඔන්න ඉතින් 2026/2027 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් "වෘත්තීය විෂය ධාරාව" ඔස්සේ 12 ශ්‍රේණියට අලුතින්ම සිසුන් බඳවා ගන්න අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද (25) නිල වශයෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා.
2025(2026) වසරේ හෝ පසුගිය වසර 3ක් ඇතුළත O/L විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙකුට/සිසුවියකට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්.
මෙතන තියෙන ලොකුම වාසිය තමයි, මේ විෂය ධාරාවට ඇතුළත් වෙන්න O/L රිසල්ට්ස් බලන්නේ නැහැ...
මේක නිකන්ම නිකන් ඒ ලෙවල් කරනවා වගේ වැඩක් නෙවෙයි. 12 සහ 13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබන අතරතුරම, දේශීය වගේම විදේශීය රටවලත් ඉහළම පිළිගැනීමක් තියෙන NVQ Level 4 වෘත්තීය සුදුසුකම නොමිලේම ලබාගන්න සිසුන්ට අවස්ථාව ලැබෙනවා.
සිසුන් තෝරාගන්නා ක්ෂේත්‍රය අනුව, රජයේ වෘත්තීය පුහුණු ආයතනයක් මඟින් ලබාදෙන NVQ 4 මට්ටමේ පුහුණුව සඳහා පාසල විසින්ම සිසුන්ව යොමු කරනවා. ඒ කියන්නේ වෘත්තීය පුහුණු ආයතනයක විතරක් නෙවෙයි, සිරාම රැකියා ස්ථානයක ප්‍රායෝගික පුහුණුව ලබන්නත් මෙතනදී චාන්ස් එක ලැබෙනවා.
මේ සහතිකය ගත්තට පස්සේ රස්සාවක් හොය හොයා ඉන්න ඕනේ නැහැ, කෙලින්ම දේශීය හෝ විදේශීය සුපිරි රැකියා අවස්ථා, උසස් අධ්‍යාපනය හෝ ස්වයං රැකියා (Business) ක්ෂේත්‍රවලට සෘජුවම පිවිසෙන්න පුළුවන්.
මේ වැඩසටහන යටතේ අද කාලේ ලෝකෙම ඉල්ලුමක් තියෙන සුපිරිම කැටගරි රැසක පුහුණුවීම් ලැබෙනවා...
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
සංචාරක හා ආගන්තුක සත්කාරය (Tourism & Hospitality)
මෝටර් රථ හා රථ වාහන තාක්ෂණ ශිල්පය
සෞඛ්‍ය හා සත්කාර සේවා (Caregiving)
රූපලාවන්‍ය ශිල්පය (Beauty Culture)
ප්‍රාසාංගික කලා, ආහාර නිෂ්පාදනය සහ ඇඟලුම් ක්ෂේත්‍රය
විදුලිය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉදිකිරීම් කර්මාන්තය
කෘෂි, වැවිලි කර්මාන්තය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්ප ඇතුළු ක්ෂේත්‍ර රැසක්...
ඔයා මේ විෂය ධාරාව හදාරන්න කැමති නම්, අදාළ පාසලේ විදුහල්පතිතුමා වෙත 2026 ජූලි 08 වන දිනට පෙර අයදුම්පත්‍රයක් යොමු කරන්න ඕනේ.
Application එක ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් අඩවිය: www.moe.gov.lk
26/06/2026
අ.පො.ස.(උ.පෙළ විභාගය) - 2026 සංශෝධිත විභාග කාලසටහන නිකුත් කෙරේ
க. பொ. த உயர்தரப் பரீட்சை - 2026 திருத்தம் செய்யப்பட்ட நேர அட்டவணை
මෙවර පැවැත්වීමට නියමිත අ.පො.ස (උ.පෙළ) විභාගයේ සංශෝධිත විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.
ඒ අනුව මෙවර විභාගය 2026 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 5 දින දක්වා පැවැත්වෙනු ඇත.
මෙවර විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු සිසු සිසුසිසුවියන් දැනුවත් කිරීම සදහා මෙය හැකිතාක් share කරන්න
කාලසටහන Download කරගන්න 👇
https://www.doenets.lk
Previous Post - https://www.facebook.com/share/p/1DjdKkjyUn/
26/06/2026
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2025(2026) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම.
Previous Post - https://www.facebook.com/share/p/18kqciUm61/
26/06/2026
ධාතුන් වහන්සේලා වන්දනාවකදි, හැමෝම පහදින්නේ නෑ..පහදින අය වගේම අපහදින බෞද්ධ අයත් ඉන්නවා..ඒක සාමාන්‍ය දෙයක්..
බුදුරජාණ් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම පැහදුන අය හිටියා වගේම අපහැදුන අයත් ඔනී තරම් හිටියා...ඒ නිසා අදත් අනිවාර්‍යෙන්ම ඉන්නවා..
උතුම් දළදා වන්දනාවේදි, සමහරු එක එක කරුණු අරභයා අපහදිනවා..
කොහොම හරි අන්තිමේ සමහරු ගරහන්නේත්, අපහදින්නත් බුදුරජාණ් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා කරන වන්දනාවකටයි.
(පිංකම සාර්ථක කර ගන්න අවංක අදහසින් අඩුපාඩු පෙන්නන අය නෙවෙයි මේ..)
ඔය අපහදින අය අතරේ තමන්ගේ හිත රැකගෙන පින් කර ගන්නවා කියන එක නං අද කාලේ සෙල්ලං වැඩක් නෙවෙයි..
මේක බුද්ධ කාලේ වෙච්ච සිද්ධියක්..අද වගේම උතුම් ධාතු වන්දනාවක කතාවක්..
=====================================
බුදුරජාණ් වහන්සේ පිරිණිවන් පා වදාලා..ඊට පස්සේ ධාතුන් වහන්සේලා රජවරු ඒ ඒ පළාත් වලට බෙදා ගත්තා..අජාසත්ත රජතුමාටත් ධාතුන් වහන්සේලා ලැබුනා.. ඒ වෙනකොට අජාසත්ත රජතුමා දඹදිව් තලයේ හිටපු ශ්‍රද්ධාවන්තම කෙනෙක්..
ඒ නිසාම අජාසත්ත රජතුමා,ධාතුන් වහන්සේලා රැගෙන තමන්ගේ රාජ්‍යය බලා පිටත් වුනේ ඉමහත් පුදපූජා සමඟිනුයි...
කොයි තරම් පුද පූජා පැවැත්වූවාද කියනවා නං මාස 7ක් මේ ගමන ඇදුනා...එච්චරටම පුද පූජා..
මේ නිසාම එකල හිටපු ශ්‍රද්ධාවක් නැති මිනිස්සු මේකට අපහැදුනා..කාලයක් තිස්සේ පුරුදු කරපු අශ්‍රද්ධාවත්,මිත්‍යාදුෂ්ඨියත් නිසා 86,000ක පිරිසක් මේ වන්දනාවට අපහැදුනා..
මේ 86,000ම පස්සේ කාලෙක ප්‍රේතලෝකේ උපන්නා..
ශ්‍රද්ධාවක් නැති මිනිස්සු අපහදින බව දැන ගත් රහතන් වහන්සේලා,..සක් දෙවිඳුගේත් උපකාර ඇතුව මේ ගමන ඉක්මන් කලා..
ඒ වගේම මේ වන්දනාවට පැහැදිලා, පිං කර ගත්ත මිනිස්සු ප්‍රමාණ කරන්න බැරි තරම් පිරිසක් සුගති ලෝකවල ඉපදුනා..
අජාසත්ත රජතුමා අවුරුදු හතකුත්,මාස හතකුත්,දවස් හතකුත් භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජා පැවැත්තුවා..
ඔය පූජා පවත්වන කාලේ, රජගහනුවර එක්තරා පවුලක් හිටියා..මේ පවුලේ අම්මයි, දුවයි, යාලුවෙකුයි උත්තම ධාතු වන්දනාවට යන්න පිටත් වුනා...හැබැයි මේ පවුලේ තාත්තා මේකට කැමති වුනේ නෑ...
මේ තාත්තා..
"උබලා මොකට ඔය ඇට කැබැලි බලන්න යනවද"කියලා බැනවැදුනා...
අදත් ඔය විදියටම බනින උපතින් බෞද්ධ අයත් ඉන්නවා..
හැබැයි අම්මලා, දුවලා මේක ගණන් ගන්නේ නැතුව ධාතු වන්දනාවට ගියා..
කාලයක් ගිහින් අර අම්මලා දුවලා මැරුනා.. මැරිලා සුගතියේ ඉපදුනා...
අර තාත්තා ප්‍රේතලෝකේ ඉපදුනා...
එක දවසක් අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැක්කා එක්තරා ප්‍රේතයෙක් ඉන්නවා..
කාශ්‍යප මහාරහතන් වහන්සේ ඒ ප්‍රේථයාගෙන් විස්තර ඇහුවා...
♓ඔබ අහසේ ඉන්නෙ. හරිම ගඳයි නෙව. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ කර්මයක්ද කළේ?
ආයුධ ගත්තු පිරිසක් ඔබේ මුඛය සැත්වලින් කප කපා දානවා. ලුණු වතුරින් ඉසිමින් ආයෙ ආයෙමත් කපනවා.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ.
❗මං හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මං හිටියේ. නිදුකාණන් වහන්ස, මං බොහෝ ධනසම්පත්වලට අධිපති වෙලා හිටියෙ.
ඒ මගේ මේ බිරිඳත්, දියණියත්, ලේලියත් කියන මෙයාලා මලුයි මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්ට පිටත් වෙන කොට මං ඒක වැළැක්වුවා. මා තමයි ඒ පාප කර්මය කරගත්තෙ.
අසූහයදාහක් වගේ පිරිසක් වන අපි ස්ථූප පූජාවට නින්දා අපහාස කළා. දැන් වෙන වෙනම අපි දුක් විඳිනවා. ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නෙ.
අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පුදපුජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් ඒකට දොස් කියනවා නම්, එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.
මේ බලන්න. මල් දරාගෙන අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංග-නාවන් දෙස බලන්න. මෑලා මේ අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයයි.
ආශ්චර්යය වූ පුදුම සහගත වූ ලොමුඩහ ගැන්වෙන මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සෙ නුවණ තියෙන උදවිය ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. වන්දනා කරනවා..
===============================
ඔන්න ඕක තමයි වන්දාවකදී, පහදින අයගෙයි,අපහදින අයගෙයි ඉරණම..
ධර්මය අහලා මේවගේ විපාක දැනගෙන තමන්ව පරිස්සම් කරගෙන ඉන්න කෙනා තමයි දවසක මේ ධර්මය හරි අවබෝධ කරන්නේ...
දළදා වන්දනාවේ උනත් පේන්න තිබුනේ...
පින් කර ගන්න අය පිං කරගත්තා..දන් පැන් දීලා,වචනයකින් හරි උපකාර කරලා සුගති දොරටුත්,නිවන් දොරටුත් විවර කරන්ම ගත්තා..
පව් කර ගන්න අයත්,මොකක් හරි අඩුපාඩුවක් හොයලා,තමන්ගේ ඉරණම තමන්ම හදා ගත්තා
🙏🙏🙏
ධාතුවිවණ්ණක ප්‍රේත වස්තුව ඇසුරෙණි
26/06/2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
මෑත කාලීනව පාසල් ක්ෂේත්‍රය තුළට මත්ද්‍රව්‍ය ගලාඒම වැඩිවී ඇතිබව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.
අද (25) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ, විෂ මත්ද්‍රව්‍ය, මත්පෙති ආදිය පාසල් තුල ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
රටපුරාම සෑම පාසලකටම මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩි වී ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළා.
පාසල් දරුවන් ඉන් මුදවා ගැනීම ආරම්භ කළ යුතු බවත් ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ කටයුතු පොලිසියේ මැදිහත්වීමෙන් සිදුකරන බවද අමාත්‍යවරිය පවසා සිටියා.
26/06/2026
පොත් දහක් කියවලත් ගන්න බැරි දැනුම ඇසුරු කරපු මිනිස්සුයි, සමාජෙයි කියලා දුන්නා..
25/06/2026
O/L ප්‍රතිඵල සලකා නොබලන, නව වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ආරම්භ වෙයි
2026/ 2027 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව, මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සලකනු නොලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
උසස් පෙළ සඳහා ඇතුළත් වන සිසුන්ට 12/13 ශ්‍රේණිවල පාසල් අධ්‍යාපනය ලබමින්, දෙස් විදෙස් පිළිගැනීමකින් යුතු වෘත්තීය සුදුසුකම් (NVQ 4) ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා.
2025 (2026) හෝ පසුගිය වසර 3 ක් ඇතුළත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඕනෑම සිසුවෙක් හට වෘත්තීය විෂය ධාරාව සහිත පාසලක 12 ශ්‍රේණිය සඳහා අයදුම් කළ හැකියි.
12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට මෘදු කුසලතා සංවර්ධනය හා වෘත්තීය ක්ෂේත්‍ර හඳුන්වාදීම අරමුණු කරගත් මොඩියුල අධ්‍යයනය කළ හැකියි.
13 ශ්‍රේණියේ දී එම සිසුන්ට සුදුසු වෘත්තීය NVQ 4 මට්ටමේ පුහුණුවක් සඳහා රජයේ වෘත්තීය පුහුණු ආයතනයකට පාසල විසින්ම සම්බන්ධ කරන අතර මෙහි දී, සිසුන්ට වෘත්තීය පුහුණු ආයතනයක මෙන්ම රැකියා ස්ථානයක පුහුණුව ද ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ.
සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර් රථ / රථ වාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, ප්‍රායෝගික කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදනය, ඇඟලුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිසැකසුම්කරණය, පැස්සුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියාකරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජලජ සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිතාරක්ෂක හා කිමිදුම් ශිල්පය, වෙළෙඳ හා සැපයුම් යනාදී ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණු අවස්ථා මෙහිදී සිසුන්ට හිමි වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
25/06/2026
2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය.
2027 වර්ෂයේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නිල චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් 2026 ජූනි 25 දින නිකුත් කරන ලද නිවේදනයකට අනුව, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පුවත්පත් නිවේදනය 2026.06.29 දින රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මීට අදාළව නිකුත් කර ඇති අංක 25/2026 දරන චක්‍රලේඛය සහ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2027 வருடத்தில் பாடசாலைகளின் தரம் ஒன்றிற்கு மாணவர்களை அனுமதிப்பதற்கான செய்திப் பத்திரிகை அறிவித்தல் 2025.07.04ம் திகதியன்று அரசாங்க செய்திப் பத்திரிகைகளில் பிரசுரிக்கப்பட்டுள்ளதுடன், அதற்குரியதாக கல்வி, உயர் கல்வி மற்றும் தொழிற் கல்வி அமைச்சினால் வெளியிடப்பட்டுள்ள 25/2025 இலக்க சுற்றுநிருபம் www.moe.gov.lk இணையத் தளத்தில் பிரசுரிக்கப்பட்டுள்ளது.