30/05/2026
May the light of Vesak bring peace, harmony, and profound happiness to you and your loved ones. Wishing everyone a blessed and meaningful Vesak! 🪷✨
From the team at Yume International (Pvt) Ltd.
📍 Matara | Homagama | Hakmana
29/05/2026
Japan යන්න තියෙන ඔබේ හීනය හැබෑ කරගන්න! 🌸✈️
2027 April Student Visa Intake එකට target කරන ඔයාට, ජපන් භාෂාව මුල ඉඳන්ම හරියටම ඉගෙන ගන්න හොඳම තැන Yume Campus! 🎌
1000+ වැඩි සිසුන් පිරිසකගේ විශ්වාසය දිනූ අපගේ අලුත්ම JLPT / NAT - N5 Level ජපන් භාෂා නේවාසික පාඨමාලාව June 12 වෙනිදා ආරම්භ වෙනවා.
අපි ඔබට ලබාදෙන දේවල්:
✅ Complete Training: Reading, Writing, Listening, Speaking සහ Japanese Culture එක ගැන පුළුල් දැනුමක්.
✅ Expert Guidance: ජපන් සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම සහ Proven Success.
✅ Complete Support: Student Visa process එකට අවශ්‍ය සියලුම සහයෝගය.
⏳ Limited Seats! සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න.
📍 අපගේ ශාඛා: Matara | Hakmana | Homagama
වැඩි විස්තර සඳහා දැන්ම කතා කරන්න හෝ WhatsApp කරන්න:
📞 041 223 9944
📱 070 623 9944 (WhatsApp)
🌐 www.yumeinternational.lk
Your Future in Japan Starts Here! 🇯🇵
17/05/2026
🇯🇵 2026 October Intake සඳහා තවම අවස්ථාව තියෙනවා! 📍 NAGOYA / FUKUOKA
👉 ජපන් භාෂා ප්‍රවිනතා විභාගයන් සමත් සිසුන්ට පමණයි.
N5 passe ඔබත් Japan Student Visa හීනය සැබෑ කරගන්න සූදානම්ද? ✈️
📍 NAGOYA / FUKUOKA
🎓 ජපන් භාෂා පාඨමාලා
🛂 Student Visa සපෝට්
🏠 නවාතැන් පහසුකම්
📄 ලේඛන සහාය
ඔබ දැන්ම කතා කරන්න 👇
☎️ 041 223 9944
070 623 9944 ( Whatsapp )
17/05/2026
Student Visa 🇯🇵
හුඟ දවසකට පස්සේ ආයෙත් මේ ගැන ලියන්න හිතුනා.
මොකද අද වෙනකොට ගොඩක් තරුණ තරුණියන්ගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් වෙලා තියෙන්නේ Japan Student Visa කියන ගමන.
ඒත් එක්කම මම ගිය අවුරුදු වල ලියපු මේ ලිපිය, 2027 වසරට ගැලපෙන විදියට අලුත් කරුණු එකතු කරලා නැවත ලියන්න හිතුනා.
ලිපිය ටිකක් දිගයි තමයි.
ඒත් ඔයත් ජපානයට Student Visa හරහා යන්න හිතන් ඉන්න කෙනෙක්නම්, මේක අවසානය වෙනකම් කියවන්න. සමහරවිට මේ ලිපියේ තියෙන එක වාක්‍යයක් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නත් පුලුවන්.
මොකක්ද මේ Student Visa කියන්නේ?
Student Visa කියන්නේ ලංකාව තුල පාසල් අධ්‍යාපනය අවසන් කරලා, උසස් අධ්‍යාපනය සහ අනාගත ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ජපානයට ඇතුළු වීමට ලබා දෙන වීසා කාණ්ඩයක්.ඇත්තටම මේක සාමාන්‍ය වීසා එකක් නෙමෙයි.තමන්ගේ මහන්සිය, කැපවීම, විනය සහ ඉවසීම මත ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුලුවන් ගමනක ආරම්භයක්.
ජපානයට Student Visa හරහා යන්න ප්‍රධාන Intake හතරක් තියෙනවා.
* අප්‍රේල් Intake
* ජූලි Intake
* ඔක්තෝබර් Intake
* ජනවාරි Intake
සාමාන්‍යයෙන් ජපානයට Student Visa හරහා ගියාම මුලින්ම යන්නේ 日本語学校 (ජපන් භාෂා පාසලක්).
ඒ කියන්නේ මුලින්ම ඔබට ජපන් භාෂාව මුල ඉඳලා ඉගෙනගන්න වෙනවා.
එහි පාඨමාලා කාලය Intake එක අනුව වෙනස් වෙනවා.
* අප්‍රේල් යන කෙනෙක් — අවුරුදු 2
* ජූලි යන කෙනෙක් — අවුරුදු 1යි මාස 9
* ඔක්තෝබර් යන කෙනෙක් — අවුරුදු 1යි මාස 6
* ජනවාරි යන කෙනෙක් — අවුරුදු 1යි මාස 3
ජනවාරි Intake ගැන විශේෂයෙන්
ජනවාරි Intake එකට Apply කරනවනම් අනිවාර්යයෙන්ම N3/N2 Level එකකටවත් භාෂාව හදාගෙන යන්න.
මොකද ඒ පාසල් කාලය ගොඩක් කෙටි.
ඒ නිසා Immigration එකෙන් සහ පාසල් වලින් අයදුම්කරුගේ භාෂා හැකියාව ගැන වැඩිපුර බලනවා.
Student Visa Apply කරන්න අවශ්‍ය සුදුසුකම්
සාමාන්‍යයෙන් A/L දක්වා පාසල් අධ්‍යාපනය හදාරලා තිබීම ප්‍රමාණවත්.
A/L Pass වෙන්නම ඕන නෑ.( එහෙම Apply කරන්න පුලුවන් පාසලුත් තියෙනවා හැබැයි භාෂා කුසලතාවය අනිවාර්යයි)
ඔබට වසර 12ක පාසල් අධ්‍යාපනය අවසන් කළ බවට School Leaving Certificate ලබාගන්න පුලුවන් නම් Student Visa Apply කරන්න අවස්ථාව තියෙනවා.
ඒ වගේම ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත්වීම දැන් අනිවාර්ය කරුනක්.
උදාහරණයක් විදියට,
* JLPT
* NAT
* JFT
* TOP J
වගේ විභාග හඳුන්වන්න පුලුවන්.මේ තියෙන විභහග වලිනුත් වර්ථමානයේ පාසල් වලින් බහුලව ඉල්ලන්නේ JLPT සහ NAT විභාගයන් සමත් සිසුන් පමණයි.ඒ නිසා ඒ විභාගයන් වලට වැඩි අවධනෙය දෙන්න.
2027 සිට STUDENT VISA සඳහා වෙනස් වෙන නීතින්.
මේ කොටස හොඳින් කියවන්න.
2025 වෙනකොටම ගොඩක් ජපන් පාසල් N5 Pass ලමයි පමණක් බාරගන්න පටන් අරන් තිබුණා.2026 වෙද්දි ඒ තත්වය තවත් දැඩි වුනා.
2026 මාර්තු මාසයේ ඔවුන් මේ තීරණය සනාථ කල නිසා Student Visa සඳහා දැන් අවම ජපන් භාෂා මටිටම ඒ කියන්නේ N5 අනිවාර්යයි.
ඒ කියන්නේ ඉස්සර වගේ “පැය 150/160 Certificate එකක්” විතරක් දාලා Apply කරන කාලය දැන් අවසන්.
ඒත් මෙතන මම ඔයාලට කියන්න ඕන වැදගත්ම දේ මේකයි.
👉 N5 කියන්නේ Visa එකට අවශ්‍ය Minimum Level එක විතරයි.
ඒ Level එකෙන් විතරක් ජපානයට ගියොත් ජපානයේ ජීවිතය අමාරු වෙන්න පුලුවන්.
ඒ නිසා මගේ පෞද්ගලික අදහස සහ අත්දැකීම අනුව කියනවනම්,N5 Pass වුනාට නතර වෙන්න එපා.
ජපානයට එන්න කලින් අවම N4/N3 Level එකකටවත් භාෂාව හදාගෙන එන්න.මොකද ජපානයේදි ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ
* භාෂාව
* විනය
* කැපවීම කියන දේවල් තුන.
Job හොයනකොට, School එකේදි, Part Time කරනකොට, Japanese අයත් එක්ක ජීවත් වෙනකොට, Hospital යනකොට, Contract එකක් sign කරනකොට වගේ ජපානයේ ඔයාගේ හැම තප්පරයකටම භාෂාව අත්‍යවශ්‍ය වෙනවා.
ඒ නිසා “Visa එක ගන්න භාෂාව” නෙමෙයි,
“ජීවිතේ ගොඩනගන්න භාෂාව” කියලා හිතලා ජපන් ඉගෙන ගන්න.
“ජොබ් නෑ” කියන කතාව Group වල ගොඩාක් කියනවා නේද “ජපන් එන්න එපා”, “Job නෑ”, “ජීවිතේ විනාශයි” කියලා කියන අය.
ඇත්තටම ඒකේ ගොඩක් වෙලාවට තියෙන්නේ භාෂාව හරියට ඉගෙන නොගෙන ආපු අයගේ අත්දැකීම්.
ජපානය කියන්නේ පැය 24ම ක්‍රියා කරන රටක්.
* Restaurant
* Supermarket
* Factory
* Convenience Store
* Hotel
වගේ තැන්වල Job opportunities ගොඩක් තියෙනවා.හැබැයි ඒ අවස්ථා හොඳට ලැබෙන්නේ භාෂාව තියෙන කෙනාටයි.
ජපානයේ Student Visa එකෙන් ඉන්න කෙනෙක්ට නීතියෙන් Part Time රැකියාවක් කරන්න අවසර තියෙන්නේ සතියකට පැය 28ක් පමණයි.හැබැයි මේ පැය 28 කියන එක සරල කාරණාවක් නෙමෙයි. ජපානයේ Student ජීවිතේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ මේ නීතියත් එක්ක.
ඒ නිසා මේ ගැන හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්.
සාමාන්‍යයෙන් ජපානයට අලුතින් යන ගොඩක් ලමයින්ගේ පළවෙනි බය තමයි
“Job හොයාගන්න පුලුවන්ද ?”
“සල්ලි හොයාගන්න පුලුවන්ද ?”
කියන එක.ඇත්තටම භාෂාව හොඳට තියෙනවනම් සතියේ පැය 28 ගහන Legal Job එකක් හොයාගන්න එක අදටත් ලොකු අමාරු දෙයක් නෙමෙයි.
* Combini
* Restaurant
* Supermarket
* Factory
* Hotel
* Bento Factory
* Cleaning
* Warehouse
වගේ තැන්වල තවමත් Student ලමයින්ට Job opportunities ගොඩක් තියෙනවා.
හැබැයි මෙතන වැදගත්ම දේ තමයි භාෂාව.
N5/N4 Level එකෙන් ගියත්, ජපානයට ගියාමත් මහන්සි වෙලා භාෂාව develop කරගන්න ඕන.මොකද Japanese communicate කරන්න පුලුවන් Student කෙනෙක්ට Job හොයාගන්න එකත්, shift වැඩි කරගන්න එකත්, හොඳ environment එකකට යන්නත් ගොඩක් ලේසියි.දැන් අලුත් නීති සහ Immigration checking එක්ත් එක්ක Hand Cas jobs හොයාගන්න එක කලින් වගේ ලේසි නැ.කලින් වගේ unrestricted විදියට වැඩ කරන එක දැන් ටිකෙන් ටික දැඩි වෙලා තියෙනවා.
හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ “Job නෑ” කියන එක නෙමෙයි.අදටත් Japan ඇතුලේ jobs ඕන තරම් තියෙනවා.
හැබැයි,
* භාෂාව නැති කෙනෙක්ට
* කම්මැලි කෙනෙක්ට
* Discipline නැති කෙනෙක්ට ජපානය අමාරු වෙන්න පුලුවන්.
තව වැදගත් දෙයක් තමයි, Student Visa එක කියන්නේ “Work Visa” එකක් නෙමෙයි කියන එක.
ඒ නිසා Immigration එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ප්‍රධාන අරමුණ “Study” කියන එක.
ඒ හේතුව නිසා:
* Attendance අඩුවීම
* School පැම්ණිම
* Over time වැඩ කිරීම
* Illegal hours වැඩ කිරීම
වගේ දේවල් future visa renewal වලට ගොඩක් බලපාන්න පුලුවන්.
සමහර ලමයි හිතනවා
“Japan ගියාම සල්ලි විතරක් හොයන්න” කියලා.
හැබැයි ඇත්තටම Student Visa එකෙන් Japan යන කෙනෙක්ගේ ලොකුම investment එක වෙන්න ඕන භාෂාව සහ skill එක.
මොකද Part Time Job එකක්, ජීවිතේ ගොඩනගන්නේ නෑ. හැබැයි,
* Japanese Language
* Senmongakkou qualification
* Skill
මේ දේවල් වපින් ඔයාගේ future japan life එක perfect වෙනවා අනිවාර්යයෙන්ම.
ඒ නිසා Japan එන්න කලින්ම mindset එක හදාගෙන එන්න.
👉 “Job එකක් කරලා survive වෙනවා” කියන මට්ටමට නෙමෙයි,
👉 “Japan ඇතුලේ තමන්ගේ ජීවිතේ build කරගන්නවා” කියන mindset එකට.
ඉලඟට අපි බලමු වයස පිළිබඳව,
සාමාන්‍යයෙන් Student Visa සඳහා හොඳම වයස් පරාසය 18–29 අතර.30ට පස්සේ Apply කරන අයත් ඉන්නවා.හැබැයි Visa rejection possibility එක වැඩි වෙනවා.
මොකද Immigration එක බලනවා:
* School අවසන් කරලා මෙච්චර කාලයක් මොනවද කළේ?
* දැන් ආයෙත් ඉගෙන ගන්න හේතුව මොකක්ද?
වගේ කියන දේවල්.
University Degree එකක් තියෙන කෙනෙක්ටත් Student Visa Apply කරන්න පුලුවන්.ඒ වගේම එයාලට ලොකු advantage එකක් තියෙනවා.
ජපන් Language School කාලයෙන් පස්සේ, Degree + Japanese ability තියෙනවනම් Directly job එකකට යන්න පුලුවන් අවස්ථා වැඩියි.
日本語学校 කාලයෙන් පස්සේ මොකද වෙන්නේ?
Degree නැති කෙනෙක්ට සාමාන්‍යයෙන් Path දෙකක් තියෙනවා.
専門学校 (Senmongakkou)වෘත්තීය පුහුණු පාසල්
大学 (Daigaku)University
専門学校 Senmongakkou වල,
* Automobile
* Hotel Management
* IT
* Caregiver
* Business
* Auto CAD
* Animation
* Aviation වගේ fields ගොඩක් ඉගෙනගන්න පුලුවන්.ඒ වෘත්තිය පාසල් කාලය අවසන් කරලා තමයි ස්ථිර රැකියාවකට යන්න ඔයාට පුලුවන් වෙන්නේ.
ජපානයේ “ගේමක්” ගහන්න පුලුවන්ද?
👉 ඔව්. ඇත්තටම පුලුවන්.හැබැයි shortcut නෑ.
ජපානයේ ගමන හෙමින් යන ගමනක්.ඒත් හරියට ගියොත් ජීවිතේ ලොකු තැනකට යන්න පුලුවන්.
උපරිම කට්ට කන්න වෙන්නේ අවුරුදු 4ක් විතර.
ඒ අවුරුදු 4 හරියට මහන්සි වුනොත් මුළු ජීවිතේම වෙනස් වෙන්න පුලුවන්.
අවසානයේ කියන්න තියෙන්නේ
ජපානයට එන්න හිතන් ඉන්න හැම කෙනෙක්ගෙන්ම මම ඉල්ලීමක් කරනවා.
* ජපන් භාෂාව ඉගෙන ගන්න
* විනය හදාගන්න
* නිදහස වැරදි විදියට පාවිච්චි කරන්න එපා
අද වෙනකොට ලංකාවේ නම විනාශ වෙන සිදුවීම් ගොඩක් අහන්න ලැබෙනවා.මොන Visa එකෙන් ආවත්, ජපානයේ නීති රීති වලට ගරු කරලා ජීවත් වෙන්න.ජපානය ඇතුලේ ලොකු ගමනක් යන්න පුලුවන්.
හැබැයි ඒක තීරණය වෙන්නේ ඔයාගේ අතේ.
ලිපිය ගොඩක් දිග වෙන නිසා මෙතනින් නවතින්නම්.
Student Visa සම්බන්ධව තවත් ගැටලු තියෙනවනම් Comment කරන්න. දන්න දෙයක් අනිවාර්යයෙන් කියලා දෙන්නම්.
සියලුම දෙනාට ජය වේවා 🇯🇵❤️
- සංගීත් ලියනගේ - YUME INTERNATIONAL -
13/05/2026
N5 නේවාසික කදවුර - 🇯🇵 𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 22 𝗗𝗮𝘆𝘀
🇯🇵 ජපානයේ STUDENT VISA හරහා උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට 2027 අප්‍රේල් අධ්‍යන වාරය සදහා අයදුම් කිරීමට මෙන්න හොඳම අවස්ථාව 🇯🇵😍
🔰ජපන් භාෂාව
🔰 වීසා කටයුතු
🔰රැකියා
අප ආයතනය හරහාම ඉතාමත් විශ්වාසවන්තව සිදු කරගැනීමට හැකියාවක් ඇත.
නේවාසික කදවුර තුලදී අපි....
✳ විශේෂ ක්‍රියාකාරකම් මගින් ජපන් භාෂාව පහසුවෙන් ඉගැන්වීම
✳ ජපන් භාෂාව කතා කිරීම(Spoken)
✳ ජපන් භාෂාව ලිවීම
✳ ජපානයේ ජීවත් වීම
✳ජපන් සංස්කෘතිය පුහුනු කරන ක්‍රියාකාරකම්
✳ ජපානය පිලිබද දැනුවත් කිරීම්
✳ ජපානයේ රැකියා පිලිබදව
✳ ජපානයේ වීසා පිලිබදව
⏳ පාඨමාලා කාලය : දින 22 ක් අඛණ්ඩව පාඨමාලාව පැවැත්වෙනවා
🕣 අධ්‍යයන කාලය : සතියේ දින 07 ම අධ්‍යනය කටයුතු සිදු කිරීම
🌸 පාඩම් කටයුතු කිරීම් නිවැරදිව කාල සටහනකට අනුව සිදු කිරීම
🌸 සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
🌸 ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව
🌸 අඩුම නේවාසික පාඨමාලා ගාස්තුව
🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට ඇති හැකියාව
🌸 අමතර අයකිරීම් කිසිවක් නැත
📖 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
📖 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
👩💻 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.
එමෙන්ම ඔබගේ කණ්ඩායම් කුසලතා, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගැනීමටද අප ආයතනයේ නේවාසික කදවුර සැලසුම් කර ඇත.
🗓 මාතර | 👩🏫
( Student visa 2027 | අප්‍රේල් )
🌸 ලියාපදිංචි විම සඳහා
- ඔබගේ නම
- ලිපිනය
070 623 9944 අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94706239944
☎ 041 223 9944
📱 070 623 9944 | 070 5239944
අපගේ මාතර ප්‍රධාන කාර්‍යාලය හා සම්බන්ධ වී ඔබට අවශ්‍යය සියලුම විස්තර ලබා ගත හැකිය.
𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿
පාඨමාලාවන් පිලිබදව විස්තර දැනුවත් වීමට පහත link ඔස්සේ අපගේ
whatsapp community සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/JsfPckQJd00HkRDXh3neIR
( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )
Our Branches:
Matara(Head Office) | Hakmana | Homagama
🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job
30/04/2026
SSW FOOD SERVICE ( 転職 තෙන්ශොකු )
සඳහා JOB VACANCY දෙකක් ඇත.අවශ්‍ය අය අමතන්න
+94706083060
- YUME INTERNATIONAL -
29/04/2026
N5 නේවාසික කදවුර - 🇯🇵 𝗬𝘂𝗺𝗲 𝗦𝗽𝗲𝗲𝗱 𝗰𝗵𝗮𝗹𝗹𝗲𝗻𝗴𝗲 - 22 𝗗𝗮𝘆𝘀
🇯🇵 ජපානයේ STUDENT VISA හරහා උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට 2027 අප්‍රේල් අධ්‍යන වාරය සදහා අයදුම් කිරීමට මෙන්න හොඳම අවස්ථාව 🇯🇵😍
🔰ජපන් භාෂාව
🔰 වීසා කටයුතු
🔰රැකියා
අප ආයතනය හරහාම ඉතාමත් විශ්වාසවන්තව සිදු කරගැනීමට හැකියාවක් ඇත.
නේවාසික කදවුර තුලදී අපි....
✳ විශේෂ ක්‍රියාකාරකම් මගින් ජපන් භාෂාව පහසුවෙන් ඉගැන්වීම
✳ ජපන් භාෂාව කතා කිරීම(Spoken)
✳ ජපන් භාෂාව ලිවීම
✳ ජපානයේ ජීවත් වීම
✳ජපන් සංස්කෘතිය පුහුනු කරන ක්‍රියාකාරකම්
✳ ජපානය පිලිබද දැනුවත් කිරීම්
✳ ජපානයේ රැකියා පිලිබදව
✳ ජපානයේ වීසා පිලිබදව
⏳ පාඨමාලා කාලය : දින 22 ක් අඛණ්ඩව පාඨමාලාව පැවැත්වෙනවා
🕣 අධ්‍යයන කාලය : සතියේ දින 07 ම අධ්‍යනය කටයුතු සිදු කිරීම
🌸 පාඩම් කටයුතු කිරීම් නිවැරදිව කාල සටහනකට අනුව සිදු කිරීම
🌸 සෑම ඉරිදා දිනකම විභාග පැවැත්වේ.
🌸 ආරක්ෂිත ඉගෙනුම් වටපිටාව
🌸 අඩුම නේවාසික පාඨමාලා ගාස්තුව
🌸පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමට ඇති හැකියාව
🌸 අමතර අයකිරීම් කිසිවක් නැත
📖 පාඨමාලාවට අදාළ නිබන්ධන නොමිලේ සැපයේ.
📖 පාඨමාලාවට අදාල පොත් නොමිලේ සැපයේ.
👩💻 නොමිලේ වීසා උපදේශන සේවා ලබාදීම.
එමෙන්ම ඔබගේ කණ්ඩායම් කුසලතා, නායකත්ව කුසලතා වැඩි දියුණු කරගැනීමටද අප ආයතනයේ නේවාසික කදවුර සැලසුම් කර ඇත.
🗓 මාතර | 👩🏫
( Student visa 2027 | අප්‍රේල් )
🌸 ලියාපදිංචි විම සඳහා
- ඔබගේ නම
- ලිපිනය
070 623 9944 අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
පහසුවෙන් සම්බන්ධ වීමට පහත link click කරන්න
https://wa.me/94706239944
☎ 041 223 9944
📱 070 623 9944 | 070 5239944
අපගේ මාතර ප්‍රධාන කාර්‍යාලය හා සම්බන්ධ වී ඔබට අවශ්‍යය සියලුම විස්තර ලබා ගත හැකිය.
𝗬𝘂𝗺𝗲 𝗝𝗮𝗽𝗮𝗻𝗲𝘀𝗲 𝗟𝗮𝗻𝗴𝘂𝗮𝗴𝗲 𝔼𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 ℂ𝗲𝗻𝘁𝗲𝗿
පාඨමාලාවන් පිලිබදව විස්තර දැනුවත් වීමට පහත link ඔස්සේ අපගේ
whatsapp community සමග සම්බන්ධ වන්න
Link-
https://chat.whatsapp.com/JsfPckQJd00HkRDXh3neIR
( සිමිත සිසුන් කණ්ඩායමක් පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ඔබගේ අවස්ථාව වෙන් කරවා ගන්න )
Our Branches:
Matara(Head Office) | Hakmana | Homagama
🇯🇵 හැමදේම එකම තැනකින්
Language | Visa | Job
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏✨
May the dawn of this Sinhala and Tamil New Year bring abundant joy, peace, and prosperity to you and your loved ones. Let's celebrate new beginnings! 🥛🌿
シンハラ・タミル新年おめでとうございます!🌸
皆様にとって平和で喜びにあふれた素晴らしい年になりますように。新しい年の幕開けをお祝いしましょう!
#2026