Ruwan Darshana

Ruwan Darshana

Share

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සහ ජනප්‍රියම සංයුක්ත ගණිත පන්තිය
- COMBINED MATHS-
Ruwan Darshana

සහජ දක්ෂයින් Island Rank දක්වා රැගෙන යන්නා සේම, ඕනෑම මට්ටමේ දරුවෙක් A , B සාමාර්ථ දක්වා ගොඩනගමින්, විශිෂ්ටයෙක් ලෙස මතුකරනා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සහ ජනප්‍රියම සංයුක්ත ගණිතය ඇදුරුතුමා….
රුවන් දර්ශන වන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස්පෙළ විශිෂ්ට ලෙස සමත්ව , කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට ඇතුලත්ව, ගණිතය,සංඛ්‍යානය පරිගණක විද්‍යාව විෂයන් සහිත විද්‍යාවේදී උපාදිය ගෞරව පං

11/06/2026

රටවටා සිසු අදහස් | රත්නපුර

11/06/2026

රටවටා ගමනක් 2.0 | කන්තලේ

09/06/2026

රටවටා සිසු අදහස් | කන්තලේ

08/06/2026

රටවටා ගමනක් 2.0 | බණ්ඩාරවෙල

07/06/2026

🔴විෂය නිර්දේශයේ වැදගත්ම පාඩම "ත්‍රිකෝණමිතිය"
ආරම්භය ලගදීම... සූදානමින් සිටින්න...

මේ ඔබේ උසස් පෙළ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය හැකිය....

ඔබේ මිතුරන් දැනුවත් කරන්න...

වැඩි විස්තර සහ පන්ති විස්තර සඳහා පහත Telegram සමූහයට සම්බන්ධව වන්න.

✅2028 THEORY TELEGRAM CHANNEL - https://t.me/RD2028THEORY

අමතන්න..

0706818110
0706818111
0706818112

-RD MEDIA UNIT-

06/06/2026

1200+ km රටවටා ගමන 2.0 AFTER MOVIE | Combined Maths | Ruwan Darshana

05/06/2026

පරිසරය සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමත්, ගෝලීයව පැන නඟින පාරිසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමත් අරමුණු කරගනිමින් සෑම වසරකම සමනු ලබන ලෝක පරිසර දිනය අදට (ජුනි 5) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව "දේශගුණික ක්‍රියාකාරකම්" (Climate Action) යන්නයි. ප්‍රධාන සැමරුම පැවැත්වෙන්නේ අසර්බයිජානයේ බකු හිදී.

අද වන විට මිනිසාට මුහුණ දීමට සිදු වී තිබෙන ප්‍රධානම අභියෝගය වන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇති වී ඇති දේශගුණික විපර්යාස බව නොරහසක්. දේශගුණික විපර්යාස පිළිබද අන්තර් රාජ්‍ය සභාව (IPCC) තහවුරු කරන්නේ මෙය පොසිල ඉන්ධන දහනය මගින් හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදා හැරීම සහ අනෙකුත් මානව ක්‍රියාකාරකම්වල සෘජු ප්‍රතිඵලයක් බවයි. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (United Nations Framework Convention on Climate Change) මගින් ප්‍රකාශ කර ඇති පරිදි, ඉදිරි දශක කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු නොවුණහොත්, මෙම සියවස තුළ ගෝලීය උෂ්ණත්වය 2.9°C කින් ඉහළ යා හැකි බවත්, එමගින් පෘථිවිය මත ජීවත්වන සියලු ජීවීන්ට අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි බවටත් මත පළවනවා.

මේ නිසා ලොව සියලුම රාජ්‍යයන්ට දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට සිදුවෙනවා. මෙහිදී පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතය, බල ශක්ති කාර්යක්ෂමතාව ඉහළ දැමීම, වන වගාව, කසල ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රියාමාර්ග හරහා බල ශක්තිය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, වන සම්පත් හා ඝන අපද්‍රව්‍ය යන ක්ෂේත්‍ර වලින් සිදුවන කාබන් විමෝචනය අඩු කිරීම මඟින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම මෙන්ම දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාව සහිත (Climate resilience) අනාගතයක් වෙත ගමන් කිරීමත් ඉතා වැදගත්.

ශ්‍රී ලංකාව පිළිබඳව සැළකීමේදී මෑත කාලීනව දේශගුණික විපර්යාසවලට දැඩි බලපෑමට ලක් වූ අතර අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයකින් පසුව ඇති වන හදිසි ජලගැලීම් හා නායයෑම්, දීර්ඝ වියළි කාලගුණික තත්ත්වයන් හේතු කොට ගෙන ඇතිවන ජල හිඟය ආදී ආන්තික කාලගුණික තත්ත්වයන් සුලභ වී තිබෙනවා. එබැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන තිරසර සංවර්ධන රාමුව තුළ සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් දේශගුණික විපර්යාස වල බලපෑම අවම කිරීමට අපි දායක වෙමු.

- RD MEDIA UNIT -

Want your school to be the top-listed School/college in Nugegoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Nugegoda
Nugegoda
10100