අදත් ලෝකෙන්ම අංක එකට 🥰
ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා ඉතිහාසය අලුතින් ලියමින්, ඩොහා ඩයමන්ඩ් ලීග් 2026 (Diamond League Doha 2026) තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 88.68ක දැවැන්ත දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වෙයි! 💪
වත්මන් ඔලිම්පික් ශූර නීරාජ් චොප්රා (Neeraj Chopra) ඇතුළු ලොව සුපිරිම ක්‍රීඩකයින් පරාජය කරමින්, ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කළ ඒ අභිමානවත් මොහොත! 🇱🇰✨
"රුමේෂ්, මුළු මහත් ශ්‍රී ලංකාවම ඔබට හිස නමා ආචාර කරනවා! මීට වඩා දුරට අපේ රටේ නාමය රැගෙන යන්න ඔබට ශක්තිය ලැබෙන්න කියා හදවතින්ම සුබ පතන්නෙමු!" 🥳🙌
🇱🇰
🏃♂️
Geography Expert
An external speaker || ☎️ 0775579310
දේවින්ද රත්නායක
19/06/2026
🛑බොරතෙල් (Crude Oil) කියන්නේ හයිඩ්‍රොකාබන විශාල ප්‍රමාණයක සංකීර්ණ මිශ්‍රණයකි.
🛑මේ බොරතෙල් අපිට එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන විවිධ ප්‍රයෝජනවත් නිෂ්පාදන බවට පත් කරන්නේ "භාගික ස්වේදනය" කියන සුවිශේෂී කාර්මික ක්‍රියාවලිය මඟින්.
🛑මෙහිදී සිදුවන්නේ, බොරතෙල් අධික ලෙස රත් කර, එහි අඩංගු විවිධ සංරචක සතු එකිනෙකට වෙනස් තාපාංකයන් පදනම් කරගෙන, ඒවා වාෂ්ප වී නැවත ඝනීභවනය වීමට සැලැස්වීමයි.
👉මේ සඳහා යොදාගන්නා සුවිශාල ස්වේදන කුළුණේ පතුල අධික රත් වීමකින් යුක්ත වන අතර, ඉහළට යන්නට යන්නට උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ නිසා රත් වූ තෙල් වාෂ්පය කුළුණ දිගේ ඉහළට යන විට, තමන්ට අදාළ තාපාංක උෂ්ණත්වයන් ඇති මට්ටම්වලදී විවිධ නිෂ්පාදන ලෙස වෙන් වී එකතු වෙනවා.
මේ ක්‍රියාවලියේදී අවම තාපාංකයක් සහිත සැහැල්ලුම කොටස් කුළුණේ ඉහළටම ගමන් කර "පෙට්‍රෝලියම් වායූන්" (LPG) ලෙස වෙන් වන අතර, ඒවා අපි ගෘහස්ථ හා කාර්මික ඉන්ධන ලෙස භාවිත කරනවා.
ඊට මඳක් පහළින් වාහන සඳහා යොදාගන්නා "ගැසොලින්" (පෙට්‍රල්) සහ ප්ලාස්ටික් ඇතුළු රසායනික ද්‍රව්‍ය නිපදවීමට ගන්නා "නැප්තා" වෙන් කරගන්නා අතර,
කුළුණේ මැද කොටසින් ගුවන්යානා ඉන්ධන, "පැරෆින්" ලබාගන්නවා.
තවත් පහළට යන විට බස්, ලොරි සහ බර වාහන සඳහා අත්‍යවශ්‍ය "ඩීසල්" ද, කුළුණේ පතුලටම වන්නට නැව් සහ කර්මාන්තශාලාවලට ගන්නා "ප්‍රතිලාභී තෙල්" (Fuel Oil) සහ "ලිහිසි තෙල්" (Lubricating Oil) ද වෙන් කරගනු ලබනවා.
අවසානයේ ඉතිරි වන බරම අපද්‍රව්‍ය කොටස පාරවල් කාපට් කිරීමට ගන්නා තාර (Asphalt) බවට පත් වෙනවා.
කෙටියෙන්ම කිව්වොත්, අද අපේ ප්‍රවාහනය, බලශක්තිය සහ සමස්ත ලෝක ආර්ථිකයම පණගැන්වෙන්නේ මෙම ආකර කැණීම් මගින් ලබා ගන්නා ක්ෂයවන සම්පතක් වන බොරතෙල් මගිනි.
19/06/2026
🛑Congratulations ..
14/06/2026
🛑කලා විෂය ධාරාවෙන් හෝ තාක්ෂණවේදය සිසුන් සඳහා,2028 AL භූගෝල විද්‍යාව පන්ති ආරම්භ වේ.
👉ඉහළම Z අගයක් සහිත භූගෝල විද්‍යාව විෂය යනු වැඩිම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රාමාණයකට අයදුම් කළ හැකි විෂයක් වන අතර වර්තමානයෙහි රැකියා ක්ෂේත්‍රයට පහසුවෙන් පිවිසීමට මාවත විවර කරන විෂයකි.
💚පළමු ඒකයේ සිට නිවරදිව GEO ඉගෙනගෙන ගන්න අපගේ Whatsapp සමූහය වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.එසේත් නැතහොත් පහත දැක්වෙන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp : 0775579310
🛑කලා විෂය ධාරාවෙන් හෝ තාක්ෂණවේදය සිසුන් සඳහා,2028 AL භූගෝල විද්‍යාව පන්ති ආරම්භ වේ.
👉ඉහළම Z අගයක් සහිත භූගෝල විද්‍යාව විෂය යනු වැඩිම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රාමාණයකට අයදුම් කළ හැකි විෂයක් වන අතර වර්තමානයෙහි රැකියා ක්ෂේත්‍රයට පහසුවෙන් පිවිසීමට මාවත විවර කරන විෂයකි.
💚පළමු ඒකයේ සිට නිවරදිව GEO ඉගෙනගෙන ගන්න අපගේ Whatsapp සමූහය වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.එසේත් නැතහොත් පහත දැක්වෙන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp : 0775579310
Advance Level Geography || Practical Geography || Devinda Rathnayaka
🛑කලා විෂය ධාරාවෙන් හෝ තාක්ෂණවේදය සිසුන් සඳහා,2028 AL භූගෝල විද්‍යාව පන්ති ආරම්භ වේ.
👉ඉහළම Z අගයක් සහිත භූගෝල විද්‍යාව විෂය යනු වැඩිම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රාමාණයකට අයදුම් කළ හැකි විෂයක් වන අතර වර්තමානයෙහි රැකියා ක්ෂේත්‍රයට පහසුවෙන් පිවිසීමට මාවත විවර කරන විෂයකි.
💚පළමු ඒකයේ සිට නිවරදිව GEO ඉගෙනගෙන ගන්න අපගේ Whatsapp සමූහය වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.එසේත් නැතහොත් පහත දැක්වෙන අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp : 0775579310
12/06/2026
🛑'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය නිල වශයෙන් ආරම්භ වෙයි😥
නිවර්තන පැසිෆික් කලාපය ආශ්‍රිතව මේ වන විට 'එල් නිනෝ' දේශගුණික තත්ත්වය සක්‍රීය වී ඇති බව ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිල වශයෙන් නිවේදනය කරනවා.
එම ආයතනයේ දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පසුගිය මාස කිහිපය තුළ පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය (Sea surface temperatures) ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, මෙම උෂ්ණත්වය ඉහළ යාම මත පදනම්ව 'එල් නිනෝ' තත්ත්වය නිල වශයෙන් බලපැවැත්වෙන බව ඔවුන් තහවුරු කර තිබෙනවා.
05/06/2026
😥ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනාවැකි පළ කර තිබෙනවා..
එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වරින්වර ඉහළ යාමේ ස්වභාවික සංසිද්ධියක් වන අතර එය සාමාන්‍යයෙන් මාස 9ත් 12ත් අතර කාලයක් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කර සිටිනවා.
සාගර ජලය උණුසුම් වීම එල්නිනෝ තත්ත්වයේ වර්ධනයට හේතු වී ඇති බවත් ඒ හේතුවෙන් ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇති බවත් ඔවුන් පුරෝකථනය කර තිබෙනවා.
එමෙන්ම, මෙම එල්නිනෝ තත්ත්වය නොවැම්බර් මාසය දක්වා පැවතීමට ඉඩ ඇති බවද එම සංවිධානය සඳහන් කර සිටිනවා.
මෙම කාලගුණික තත්ත්වය හරහා ගෝලීය වශයෙන් උණුසුම් උෂ්ණත්වයක් ඇති කරන අතරම දකුණු අමෙරිකාව, එක්සත් ජනපදය සහ අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලට මෙන්ම මධ්‍යම ආසියාවටත් වැඩි වර්ෂාපතනයක් ලැබිය බව සඳහන් වෙනවා.
එමෙන්ම, මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවලට නියඟයක් ඇති විය හැකි අතර, මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ සුළි කුණාටු නිර්මාණය වීමටද එය හේතුවක් වනු ඇති බව, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය වැඩිදුරටත් පවසනවා...
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව සමක පැසිෆික් කලාපයේ වෙනසක් නිරීක්ෂණය වී ඇති අතර අප්‍රේල් අග සිට මැයි මැද භාගය දක්වා මුහුදු මතුපිට උෂ්ණත්වය වේගයෙන් ඉහළ ගොස් ඇත.
මෙයින් එල්නිනෝ තත්ත්වයක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කරන බවද ඔවුන් සඳහන් කර සිටිනවා.
නිවර්තන පැසිෆික් කලාපය පුරා සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 6කට වඩා වැඩි උෂ්ණත්වයක් සහිත අසාමාන්‍ය ලෙස උණුසුම් සාගර උප-මතුපිට තත්ත්වයන් නිරීක්ෂණය වී ඇති බවත්, එමඟින් මතුපිට උණුසුම් වීමට හේතු වන තාප සංචිතයක් නිර්මාණය වී ඇති බවත් එම ආයතනය ප්‍රකාශ කර සිටිනවා.
😥එමෙන්ම දශකයකට පසු ඇති වන ප්‍රබලම එල්නිනෝ තත්ත්වය මෙය වනු ඇති බවට ද පුරෝකථනය කර ඇත.
😥ඉරාන යුද්ධය හේතුවෙන් පවතින පොහොර හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා දැනටමත් පීඩා විඳින ගොවීන්ට, 2026 වසරේ දෙවන භාගයේදී ආසියාව පුරා ඇති වන උණුසුම් හා වියලි කාලගුණය හේතුවෙන් බෝග සහ ආහාර සැපයුම්වලට දැඩි හානි සිදුවිය හැකි බව ඔවුහු පවසනවා.
කෙසේ වෙතත්, සමහර දේශගුණික ආකෘති මඟින් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පෙන්නුම් නොකරන බැවින්, එල්නිනෝ හි ප්‍රබලතාවය පිළිබඳව දැනට නිශ්චිතවම කිව නොහැකි බව ද ලෝක කාගුණ විද්‍යා සංවිධානයට ප්‍රකාශ කර සිටිනවා.
දේශගුණික විපර්යාස හේතුවෙන් එල්නිනෝ රටාවල වාර ගණන හෝ තීව්‍රතාවය ඉහළ යන බවට නිශ්චිත සාක්ෂි නොමැති වුවද, ඒ ආශ්‍රිතව ඇති වන අධික තාප තරංග සහ අධික වර්ෂාපතනය වැනි බලපෑම් වඩාත් දරුණු කිරීමට එයට හැකියාව ඇති බව ද එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
🛑ගල්වන භූරූපය නිර්මාණය වන ආකාරය || pot holl
Pot holes (කුම්භ හාස් / කුම්භ වළවල්/ ගල්වන) යනු ?
මේවා ගංගා නිම්නවල දක්නට ලැබෙන ඛාදන භූ රූප (Erosional Landforms) වේ. ගංගාවක් වේගයෙන් ගලායන විට, එහි ඇති ගල් කැට සහ වැලි කැට ජල සුළියක් (Whirlpool) සමඟ එක්වී එකම ස්ථානයක කැරකෙන්නට පටන් ගන්නා අතර,
මෙම කැරකෙන ගල් කැට මඟින් ගංගා පත්ලේ ඇති පාෂාණය සීරීමට හා හෑරීමට ලක්වෙන අතර කාලයත් සමඟ එම ස්ථානයේ වටකුරු, ගැඹුරු වළවල් නිර්මාණය වේ. මේවා Pot holes ලෙස හඳුන්වයි.
⚡
05/06/2026
ලෝක පරිසර දිනය අදට (05) යෙදී ඇත.🌿
1972 වසරේ සිට දශක පහකට වැඩි කාලයක් කාලීන පාරිසරික තේමාවක් යටතේ පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීමට සහ ගෝලීයව පැන නගින පාරිසරික ගැටලු පිළිබඳ ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරදීම පිණිස මෙම දිනය නම් කර තිබේ.🌿
🌳මෙවර ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් "Urgent Climate Action" (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Address
Ratnapura