09/10/2025
Music with Kavii youtube නාලිකාවේ නැරඹුම් වාර ලක්ෂයක කොටස්කරුවන් වූ සියලු දෙනාට හදපිරි ස්තුතිය ❤️
Welcome ♥️
09/10/2025
Music with Kavii youtube නාලිකාවේ නැරඹුම් වාර ලක්ෂයක කොටස්කරුවන් වූ සියලු දෙනාට හදපිරි ස්තුතිය ❤️
Yamaha keyboard එකක් පාවිච්චි කරන ඔයා වෙනුවෙන් Music with Kavii අපෙන් විශ්වාසවන්ත සේවාවක් 😍
අමතන්න 0740631336
Video by google veo 3
08/06/2025
⛔PSR E series කීබෝඩ් අවුල්ද?
ලංකාවෙ Keyboard වාදනය කරන බාල, මහලු ගොඩක් අය විවිධ හේතු නිසා Yamaha brand එකේ keyboard පාවිච්චි කරනවා. හේතු විදිහට ගත්තොත් user friendly, මිලදී ගත හැකි තැන් බහුල වීම, Durability එක සහ එකී මෙකී හේතු ගණනාවක් පවතිනවා. ඉතින් Yamaha keyboard වලත් නොයෙක් මාදිලි තියෙනවා. E series, S series, SX Series සහ පැරණි PSR මාදිලි ගොඩක් තියෙනවා. ඉතින් මේවගෙ මිළ සහ පහසුකම් එකිනෙකට වෙනස් වෙනවා. ආධුනිකයෙක් විදිහට අපි තෝරගන්න ඕන keyboard එක මොකක්ද කියන එක වගේම keyboard එකක් තෝරගන්නෙ කොහොමද කියන දේ ගැන මම මීට කලින් Music with Kavii යූටියුබ් නාලිකාවෙන් කතා කරලා තියෙනවා.
Link එක - https://youtu.be/DCIxogz-lHc?si=bklj1GXvr6YstSPa
මම අද කතා කරන්න යන්නෙ ගොඩක් අයගෙ මතයක් වෙලා තියෙන "E series වැඩක් නෑ" කියන අදහස සම්බන්ධවයි.
මුලින්ම පැහැදිලි කරන්න ඕනෙ Yamaha PSR "E" මාදිලිය හඳුන්වා දෙනු ලැබුවේ Educational purpose සහ Beginner features අවශ්‍ය අයට. ඉතින් අපිට එතනින්ම පැහැදිලි වෙනවා මේ keyboard එක ගැලපෙන්නෙ කාටද කියන එක. මේකෙ මාදිලි ගොඩක් බලාගන්න පුලුවන්. එතනින් මේ වෙද්දි ඒ කියන්නෙ 2025 වෙද්දි තියෙන latest model එක විදිහට E473 හඳුන්වන්න පුලුවන්. සාමාන්‍ය විදිහට standard 61 keys තියෙන keyboard එකක්. Model එක අනුව features වෙනස් වෙනවා. පොදුවෙ කතා කරනවා නම් E433,443,453,463 සහ 473 මාදිලි වල USB function බලාගන්න පුලුවන්. මේ පහසුකම හරහා keyboard එකේ තියෙන styles (beats) වලට අමතරව Beats 5ක් හෝ 10ක් ලෙස keyboard එකේ memory එකට save කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා. E 433,443 මාදිලි වල beats 5ක් වගේම 453,463,473 මාදිලි වල beats 10ක් සඳහා memory ලබා දීලා තියෙනවා. ඊට අමතරව MIDI tracks keyboard එක හරහා play කරවීමේ හැකියාව තියෙනවා. එතකොට USB පහසුකම් නැති E 403, 413, 423, 363, 373 වගේ මාදිලි වලට පරිඝණකයක් ආධාරයෙන් beats සහ midi tracks ස්ථාපනය කරන්න හැකියාවක් තියෙනවා.
එතකොට ඔය beats වලින් quality එකට play කරන්න පුලුවන්ද කියලා කාටහරි ගැටලුවක් තියෙන්න පුලුවන්. උත්තරේ "ඔව්". හැබැයි අපිට E series, එහෙම නැත්නම් beginner keyboard එකකින් බලාපොරොත්තු වෙන්න පුලුවන් සීමාවක් තියෙනවා. පහල මම දාලා තියෙන Link වලින් බලාගන්න පුලුවන් E series keyboard වල output එක කොහොමද කියලා. මේ Video වල තියෙන්නෙ මම E453 කීබෝඩ් එකකින් play කරන විදිහ..
Link 01 - https://youtu.be/spr2Qq1zS9s?si=Tk6MCfa6iPW27dcW
Link 02 - https://youtu.be/X2UETpw-GG4?si=mUzxYiCT0O7GlQsX
ඊළඟට අපිට එන ප්‍රශ්නයක් තමයි මේවගෙ මිළ කොහොමද කියලා. දැනට brand new මිළදී ගත හැකි එකම E series මාදිලිය වන්නේ E473 පමණයි. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 127,000 පමණ වෙනවා. (අගයන් ආසන්නව වෙනස් විය හැක.) කෙනෙක්ට හිතන්න පුලුවන් මෙච්චර ගාණක් වියදම් කරලා E series එකක් ගන්න එක අපරාදෙ, මේ මුදලෙන් පාවිච්චි කරපු පහසුකම් වැඩිපුර තියෙන S series keyboard එකක් ගන්න පුලුවන් නේද කියලා. ඇත්තටම ඔව්. එතන ගැටලුව තියෙන්නෙ එකක් brand new, අනිත් එක used.මාදිලි වර්ග දෙකක් නිසා අහසයි පොළවයි වගේ තමයි ඒවගෙ features.
⚠️️ E series ආධුනිකයෙක්ට පමණක් ගැලපෙන්නෙ ඇයි?
ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි කාරණය මේ keyboard එකේ Registration memory එක ඉතා කුඩා එකක්. අපි දන්නවා party එකක හෝ යම්කිසි function එකක keyboard එක play කරද්දි අපිට ගීත ගණනාවකට ගැලපෙන විදිහට Tones, Beats වගේ දේවල් save කරගන්න වෙනවා. ඒත් මෑතකදී හඳුන්වා දුන් E 473 කීබෝඩ් එකේ පවා ඇතුළත් කර ඇත්තේ Registration memory 4ක් පමණයි. 423 සහ ඊට පෙර හඳුන්වා දුන් මාදිලි වල ඇත්තේ 2ක් පමණි.
දෙවන ගැටලුව තමයි "Freeze" option එකක් නොමැති වීම. මේක ගොඩක් අය නොදන්න දෙයක්. ඒ ගැටලුව ගොඩක් අය කියන්නෙ මේ විදිහට "මගෙ කීබෝඩ් එකේ tone එක මාරු කරද්දි beat එකත් මාරු වෙනවා". ඉතින් E series කීබෝඩ් එකක් පාවිච්චි කරලා තියෙන්න කෙනෙක් විදිහට ඔයාටත් මේ ගැටලුව ඇති වෙලා තියෙන්න පුලුවන්. ඒක keyboard එකේ දෝෂයක් නෙමෙයි. මේ e series keyboard වල Registration memory එකක් ඇතුලෙ save වෙන්නෙ tone එකක් විතරක් නෙමෙයි. ඔයා යම්කිසි අවස්තාවක registration memory එකට tone එකක් save කරද්දි ඒ මොහොතේ keyboard එකේ select වෙලා තියෙන beat එක, tempo, transpose settings, tone එක වගේ සියලුම settings ඇතුලුව තමයි ඔය memory එකට save වෙන්නෙ. ඔයාලා registration memory භාවිතා කරන්න කලින් අවශ්‍ය සියලුම settings හදලා ඉවර වෙන්න ඕනෙ.
ඒත් අනිත් මාදිලි වල freeze යනුවෙන් option එකක් මගින් අපිට පුලුවන් registration memory එකට save වෙන්න ඕන මොනවද ඕනෙ නැත්තෙ මොනවද කියන දේවල් කලින් select කරන්න.
ඇත්තටම මීට අවුරුදු 20 ගාණකට කලින් ආපු PSR 1000 වගේ keyboard වලත් freeze option එක තියෙනවා. නමුත් අදටත් latest e series model එක වුණ E473 දි අපිට freeze option එක බලාගන්න ලැබෙන්නෙ නෑ.
මම 2018 ඉඳලා මේ දක්වා E 453 keyboard එකක් පාවිච්චි කරනවා. මගේ අත්දැකීම ගැන කියනවා නම් keyboard එකේ ආවේණික දෝෂ නෑ, තියෙන පහසුකම් ගැන හරි අවබෝධයකින් පාවිච්චි කළොත් keyboard එක ගැන වරදක් කියන්න දෙයක් නෑ. මම 2018 වර්ෂයේ brand new මිළදී ගත්තේ රු. 40,000ක් වගේ මිළකට. නමුත් දැන් පාවිච්චි කරපු e series keyboard එකක් ඊට වඩා තරමක් මිළෙන් වැඩියි.
Expansion memory කියන්නෙ Yamaha අලුත් මාදිලි වලට එන පහසුකමක්. වර්තමානයේ නම් ගොඩක් one man සහ three piece වාදකයින් ගොඩක් මේ expansion packs පාවිච්චි කරනවා. ඉතින් ඔයාට expansion පිළිබඳව ඉගෙනගැනීමට හෝ experience කර බැලීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් E series වගේ කීබෝඩ් එකකට ලොකු මුදලක් වියදම් කරලා මිළදී ගන්න එක එතරම් නුවණට හුරු නෑ.
⚠️️එතකොට E series keyboard ගැලපෙන්නෙ කාටද?
1. ආධුනික සියල්ලන්ටම (වයස් සීමාවකින් තොරව)
2. MIDI controller එකක් ලෙස keyboard එක භාවිතා කරන අයට
3. විනෝදාංශය සඳහා නිවසේ භාවිතා කිරීමට
ඒ වගේම මම මේක විශේෂයෙන්ම කියන්න ඕන දෙයක්. E series කියන්නෙ තරමක් පහසුකම් අඩු keyboard මාදිලියක් තමයි. හැබැයි මම මගෙම ගීතයක් නිර්මාණය කිරීමට, සම්පූර්ණයෙන්ම සංගීතය සැපයීමට E453 කීබෝඩ් එකක් භාවිතා කළා. ඔයාලා මේක අහද්දි e series භාවිතා කරලා තියෙන කෙනෙක් නම් ඒ නාද කනට ගොඩක් හුරු බවක් දැනෙයි.
Link - https://youtu.be/8-y6tPI2I1Q?si=rxus-nisgUjJV5yp
මේ ලිපිය වැදගත් කියලා හිතෙනව නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න.
බොහොම ස්තුතියි ♥️
මම කවිශ්ක මදුෂාන්
0740631336
..................................................................................
⚠️️NOTICE
Yamaha සියලුම මාදිලි සඳහා Beats, Tones, MIDI tracks සහ Expansion සඳහා අමතන්න.
Music with Kavii 0740631336
12/05/2025
මේ පණිවිඩය Yamaha Keyboard එකක් පාවිච්චි කරන ඔයාට 😍
සිංහල ගීත play කරන්න Keyboard එකේ තියෙන Beats සෙට් වෙන්නෙ නැද්ද? 🙁
ලස්සන Tones හොයාගන්න බැරිද? 🙁
ඉතින් ඔයාගෙ Yamaha කීබෝඩ් එකට අවශ්‍ය Expansion Packs, Beats, Tones වගේම සිංහල MIDI Tracks දැන් Music with Kavii අපෙන් ලබා ගන්න පුලුවන් 😉
E series, S series, SX සහ පරණ floppy keyboard වලටත් අපි ළඟ Beats, Tones තියෙනවා..
දැන්ම කතා කරන්න 0740631336
ඔයා වේයන්ගොඩ අවට කෙනෙක් නම් ඇවිත් බලලම ගන්න පුලුවන්. ඔයා දුර කෙනෙක් නම්, විදේශ රටක කෙනෙක් නම් email සහ whatsapp හරහා මේවා ලබා ගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපේ whatsapp group එක 👇
https://chat.whatsapp.com/HwyzzChZnTV7S94kMxvPyk
මේ beats, expansion වලට අදාල video අපේ YouTube channel එකෙන් බලන්නත් පුලුවන් 😍
25/03/2025
හුදෙක් විනෝදාංශයක් සඳහා ආරම්භ කරන ලද Music with Kavii Youtube නාලිකාව විවිධ අය අර්ථකථනය කරන ආකාරය ✨️
Thanks a lot ♥️
ඔබගේ Yamaha Keyboard එකට අවශ්‍ය Expansion Packs, MIDI Tracks, Beats සහ Tones සඳහා අමතන්න.
Call / Whatsapp 0740631336
Music with Kavii - Veyangoda
By Kavishka Madushan Jayarathne
10/02/2025
මේ පණිවිඩය Yamaha Keyboard එකක් පාවිච්චි කරන ඔයාට 😍
සිංහල ගීත play කරන්න Keyboard එකේ තියෙන Beats සෙට් වෙන්නෙ නැද්ද? 🙁
ලස්සන Tones හොයාගන්න බැරිද? 🙁
ඉතින් ඔයාගෙ Yamaha කීබෝඩ් එකට අවශ්‍ය Expansion Packs, Beats, Tones වගේම සිංහල MIDI Tracks දැන් Music with Kavii අපෙන් ලබා ගන්න පුලුවන් 😉
E series, S series, SX සහ පරණ floppy keyboard වලටත් අපි ළඟ Beats, Tones තියෙනවා..
දැන්ම කතා කරන්න 0740631336
ඔයා වේයන්ගොඩ අවට කෙනෙක් නම් ඇවිත් බලලම ගන්න පුලුවන්. ඔයා දුර කෙනෙක් නම්, විදේශ රටක කෙනෙක් නම් email සහ whatsapp හරහා මේවා ලබා ගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපේ whatsapp group එක 👇
https://chat.whatsapp.com/HwyzzChZnTV7S94kMxvPyk
මේ beats, expansion වලට අදාල video අපේ YouTube channel එකෙන් බලන්නත් පුලුවන් 😍
18/09/2024
මේ තියෙන්නෙ ගොඩක් අය පාවිච්චි කරන Yamaha PSR S670 වර්ගයේ keyboard එකක්. Expansion function එක හඳුන්වා දුන් මුල් කාලයේ වෙළඳපොළට ආපු අදටත් ගොඩක් ජනප්‍රිය මාදිලියක්.
මේකෙ ඇත්තටම තරමක් කුඩා expansion memory එකක් තමයි තියෙන්නෙ. Music with Kavii Expansion Pack මේ දක්වා S670 මාදිලියට ලබා ගැනීමට හැකියාවක් තිබුණෙ නෑ. ඒත් අපි මේ වෙද්දි මේ මාදිලියටත් ගැලපෙන විදිහෙ expansion pack එකක් නිර්මාණය කරලා තියෙනව අනර්ඝ මට්ටමේ Beats කීපයක් එක්ක. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහලින් තියෙන දුරකථන අංකයට whatsapp පණිවිඩයක් එවන්න.
📞 0740631336
Music with Kavii
By Kavishka Madushan Jayarathne
11/09/2024
When Senaka Batagoda says, "සෑම දේම නිමවිය හැක නිමේශයක.."
I felt it 💔
Rest in Peace 🏳️
31/08/2024
Alert 💬
🔘 Yamaha PSR S670 හැර සියලුම expansion memory ඇති keyboard සඳහා expansion pack එක සහ ඊට අදාලව සැකසූ beats දැන් අපගෙන් ලබා ගත හැක.
🔘 Expansion memory නොමැති E series ඇතුළු සියලුම Yamaha Keyboard සඳහා Beats, MIDI tracks සහ Tones ලබා ගත හැක.
🔘 මාර්ගගත ක්‍රමයෙන් (online තාක්ෂණයෙන්) මෙන්ම නිවසට පැමිණ සේවාවන් ලබා ගත හැක.
☎️ 0740631336
🏠 https://maps.app.goo.gl/bXZkDDoN2HUSwFAW9
අපි Music with Kavii වේයන්ගොඩ
Proprietor - Kavishka Madushan Jayarathne
Music with Kavii · No.101, Keenawala, Estate Galgamuwa, Veyangoda 11100, Sri Lanka ★★★★★ · Music publisher
සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න 👇
https://youtu.be/hVvE_mKh-YQ?si=wgK1by-VShKUWGdY
ගීතය - නුඹේ සිනා මුව මඩලට
භාවිතා කළ කීබෝඩ් මාදිලිය - Yamaha PSR S670
🔻 Yamaha Keyboard සඳහා Beats, Tones, MIDI Tracks සහ Expansion Packs ලබා ගැනීම සඳහා අමතන්න
📞 0740631336
Music with Kavii by Kavishka Madushan Jayarathne